සිංහලෙන් FOSS විසි දෙවන වැඩසටහන අරඹන්නේ අප වැඩ සටහනට ඉතා වැදගත් මොහොතක් සනිටුහන් කරමින්. මේ පිළිබඳ අපේ දීර්ඝ කාලීන රසික ඔබ සැමගේ අදහස් විමසීමට අපි ඉතා කැමැත්තෙමු. වැඩ සටහන අසා ඔබේ අහස් අප වෙත යොමු කරන්න.

මෙවර ප්‍රවෘත්ති ලෙස Oracle සමාගම විසින් FOSS හිතවත් Sun සමාගම මිල දී ගැනීම පිළිබද ගැඹුරින් සාකච්‍ඡා කරන අතර, Ubuntu 9.04 Jaunty Jackalope පිළිබඳ වැඩි දුර විස්තර සහ Google හරහා ගෙන එන Ubuntu හපන් කම්, මයික්‍රොසොෆ්ට් / වින්ඩෝස් 7 වල FOSS සහ GNU/Linux වෙත බල පෑම, PostgreSQL නව සංස්කරණය, ලිනක්ස් නව කර්නලය පිළිබඳ තොරතුරු ඇතුළු තවත් තොරතුරු බොහොමයක් ඔබ වෙත ගෙන එන්නෙමු.

වැඩ සටහනේ ආරම්භයේදී පසුගියදා නුගේගොඩ TLC(The Linux Center) ආයතනයේ පැවැත්වුනු ෆයර්ෆොක්ස් සාදය (Firefox Party) අතරතුර පටි ගත කළ රසබර හඬ පටයක් ඉදිරිපත් කරන්නෙමු. සාදය සංවිධානයේදී මහත් දායකත්වයක් ලබා දුන් අප හිත මිතුරු සුචේත, Party pack එක අපට ගෙන්වා දුන් ළහිරු සොයුරා ඇතුළු නන් අයුරින දායකත්වය දුන් සහ එම අවස්ථාවට සහභාගී වූ සැමට ස්තුති වන්ත වෙමු.

Firefox party Photos

  • From Bud
  • More to come (if you have photos please le us know)

Part1

Part2

යොමු සටහන් (Show Notes)

Features

  • Tonido – Cloud in your home or in a little plug in your home)

happy_1bday
සිංහලෙන් FOSS වෙත සුවිශේෂී සතියක විසි එක් වන වැඩ සටහන ඔබ ව්ත ගෙන එන්නේ නවතම ප්‍රවෘත්ති සමග තරමක් බැරෑරුම් කතා බහක් සමගයි :) .

මෙවර ප්‍රවෘත්ති ලෙස ඔබ වෙත Gnome 3 මගින් ඔබ වෙත ගෙනෙන විශාල වෙනස් කම්, Microsoft-TomTom නඩු හබයේ නැවුම් තතු, OpenMoko විවෘත දුරකථන පද්ධතිය පිළිබඳ දුකමුසු තොරතුරු, Intel – Moblin සබඳතාවේ වෙනසක් ඇතුළු තවත් තොරතුරු ගෙන එන්නේ Ext4 File system එක පිළිබඳ ගැඹුරු කතා බහක්ද සමගයි.

අප්‍රියෙල් 9 වන දාට යෙදෙන අප වැඩ සටහනේ උපනදිනය අප ඔබ වෙත මතක් කර සිටින්නේ ඉමහත් ආඩම්බරයෙන්. මෙතෙක් අප හා රැඳී සිටි සැමට අපගේ හද පිරි ස්තුතිය පිරි නමන්නේ ඉදිරියටත් අප හා රැඳෙන්නට ඇරයුම් කරමින්.

යොමු සටහන් (Show Notes)

Ext4 delayed allocation – more to read

1
Apr

Podcast Episode 20: Happy B’day Linux

   Posted by: bud   in Podcast

Due to several complaints received to us via feedback regarding using Sinhala on the blog, we have decided to make all future posts in English. The main argument to which we also agree is that FOSS should be a motivator rather than a hinderance for those wanting to learn English. Given this being the year of IT and English as declared by the President , we have decided this is for the best. This does not mean we will not speak in Sinhala in the podcast. The podcast will continue to be in Singlish as it already is. If you have trouble understanding the post, please write to podcast@sinhalenfoss.org with the subject PLS TRANSLATE TO SINHALA and we will get back to you ASAP.

In this week’s episode we start of by saying Happy 15th B’ day to the Linux kernel and give our opinion on the newly released kernel 2.6.29, Bash 4.0 and OpenOffice 3.1. A worm is out targeting a Linux router and you may experience some data loss while using Ext4, while M$ and Tom Tom go at it over Fat32, we discuss. Finally we review some tools that may just enable you to recover that “Ooops I deleted that file again”. This and sooo much more on SinhalenFOSS!

Show Notes

siraj_linus
මෙවර සිංහලෙන් FOSS ඔබ වෙත ගෙන එන්නේ සාඩම්බර දෙවන වරටත්… මෝටර් රථයේ ගමන් කරන අතර තුරයි 😀 . මෙම විකාශයෙන් ඔබට Debian 5.0 දොරට වැඩුම, කියුබානුවන්ගේ ස්වදේශීය ග්නු/ලිනුක්ස් පද්ධතිය, Windows 7 netbook වික්‍රමය, Compiz නවතම තොරතුරු, Microsoft – Red Hat නව ආලය ඇතුලු තොරතුරු රාශියක් අසා දැන ගත හැකියි 😉 .
මෙවර විශේෂාංග ලෙස Miro Internet TV දෙවන සංස්කරණය පිළිබඳ තොරතුරු ගෙන එන අතර කලකට පසු සම්මුඛ සාකච්ඡාවක් ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවෙ පැවති Linux.conf.au වැඩමුලුවට ශ්‍රී ලංකාව නියොජනය කරමින් එක් වූ අප හිත මිත්‍ර සිරාජ් රාසික් සමගයි. එහිදි ඔබට Linux.conf.au හි නවතම තාක්ෂණික සහ රසබර පුවත් දැන ගත හැකියි.

Show Notes –  යොමු සටහන්

Feature – විශේෂාංගය

නොමිලේ භාගත කිරීමට ග්නූ/ලිනක්ස් උපකාරක පොත්.

අනෙකුත් සහෝදර ශ්‍රී ලාංකික Podcasts.

Unibody Macbook running Ubuntu with mac4lin
බලාපොරොත්තු නොවූ දෙසතියක නිහැඬියාවෙන් පසු නැවතත් සිංහලෙන් FOSS ඔබ වෙතට. මෙවර ප්‍රවෘත්ති අතර Sony නව Cybershot කැමරාවේ ලිනක්ස් ධාවනය,ලයිනස් ටෝරවාල්ඩ්ස් KDE අත් හැර Gnome වෙත මාරු වීම, Mozilla පදනම OGG දියුණුවට මුදලින් උපකාර කිරීම, අසල්වැසි රාජ්‍යයේ නිදහස් මෘදුකාංග පා ගමන, සේවයෙන් පහ කෙරුනු මයික්‍රොසොෆ්ට් සේවකයන්ට නිදහස් මෘදුකාංග පිහිට, KDE කණ්ඩායම ගෙන එන Microsoft exchange server සඳහා GNU/Linux පිළිතුරු ඇතුලු තවත් තොරතුරු රැසක් සමග මුසු කොට විශේෂාංග කිහිපයක්ද ගෙන එන්නෙමු.

විශේෂාංග

webilder
wallpaper-tray (package manger වෙතින් ලබා ගන්න) (Gnome Wallpaper මාරු කිරීමට වෙනත් විධි )

සිංහලෙන් FOSS අසන්නන් වෙනුවෙන් e-live stable version භාගත කිරීමට ඇරයුම් පත පහක් ලබා ගන්න. වැඩි විස්තර podcast එක අතරතුර.

දැන් සිංහලෙන් FOSS නවතම විස්තර Identica තුළින්ද ලබා ගත හැකියි. Identica පිළිබඳ වැඩි විස්තර ඔබට Podcast එක ඇසීමෙන් දැන ගත හැකියි.

Show Notes (යොමු සටහන්)

Page 7 of 21« First...56789...20...Last »