Archive for July, 2009

ඔබගේ ආදරණීය සිංහලෙන් ෆොස් වෙතින්  😛  මෙවර ඔබ වෙත ප්‍රවෘත්ති ලෙස ගෙන එන්නේ.. උබුන්ටු ගෙන එන Canonical සමාගමේ Launch Pad නම් මෘදුකාංග ව්‍යාපෘති කළමනාකරණ වැඩසටහන නිදහස් විවෘත මෘදුකාංගයක් බවට පත් කිරීම, Microsoft සමාගම Linux වෙත kernel drivers දායක කිරීම (පුදුමයි ඒත් ඇත්තයි), ලයිනස් ටෝර්වාල්ඩස් (කවුද ඒ? 😉 ) ගේ Microsoft සම්බන්ධ ප්‍රකාශය, OSCon සමුළුවේදී පිරිනැමුණු Google-O’reilly Open Source සම්මාන, Microsoft ගෙන එන තවත් *නිදහස්* මෘදුකාංගයක් සහ Miro නව නිකිතුව පිළිබඳ පමණි.

මෙවර විශේෂාංග ලෙස Android Live විචාරණය, Bleachbit මෘදුකාංගය සහ Linux Mint විචාරණය ගෙන එන්නේ විශේෂාංග වලට වැඩි ඉඩක් ලබා දෙමින්.

microsoft-linux

(ogg version is much smaller)

Part 1

Part 2

යොමු සටහන් [Show Notes]

විශේෂාංග [Features]

පමා වී ආ සිංහලෙන් ෆොස් 28 වන වැඩසටහනින් ඔබ වෙත…
Google Chrome OS කතා බහ, VLC 1.0 වන නිකුතුව පිළිබඳ තොරතුරු, Linux Kernel සඳහා දායකත්වය දක්වන්නන්, kernel 2.6.30 සිදුර :-O , Mono සඳහා Microsoft community promise එක, නිදහස් මාවතට පවිසුණු තවත රටක් සහ ආයතනයක්, Firefox සඳහා multi process පිරික්සුම් පහසුව ඇතුළු තවත් බොහොමයක් තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ Firefox සඳහා වන තවත් සන්ධිස්ථානයක් මතක් කරමින්.

Google chrome

(ogg version is much smaller)

Part 1

Part 2

යොමු සටහන් [Show Notes]

Notice

කවදාවත් වෙලාවට එන්නෙ නැති සිංහලෙන් FOSS වෙතින් මෙවර ඔබ වෙත, ලිනක්ස් – මයික්‍රොසොෆ්‍ට් ට්‍විටර් ආලය, උබුන්ටු මයික්‍රොසොෆ්ට් නිපැයුමක් වූ හැටි, ෆයර්ෆොක්ස් 3.5 එළිදැක්ම, මොනෝ උණුසුම් බහ, The Pirate Bay විකුණා දැමීම ඇතුළු තවත් බොහෝ ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එන්නෙමු. මෙවර ඔබ වෙත පුංචි ඔත්තුවක් ගෙන එන්නේ මනරම් සුමුදු අකුරු මුහුණත් (Fonts) ඔබේ ග්නූ/ලිනක්ස් පද්ධතියට ගෙන ඒම පිළිබඳවයි.

lin-win-twt

මෙවර වැඩසටහන තුළින් ඔබ වෙත තවත් සුවිශෙෂ ශ්‍රී ලාංකික මෙහෙවරක් වන digit.lk සඟරාව ඔබ වෙත හඳුන්වා දෙන්නේ Bud විසින් ලියන ලද Media Tomb ලිපිය පිළිබඳවද සඳහන් කරමින්.

යොමු සටහන් (Show Notes)

විශේෂාංග (Features)

OpenSource car
මෙවර සිංහලෙන් FOSS වෙතින් ඔබට Linux 2.6.30 kernel එක නිකුත්වීම සහ NILFS වැනි සුචිශේෂ ලක්ෂන ගැනත්, නවතම USB 3.0 සම්මතය මුල්වරට OS එකකට පැමිණි අවස්ථාවක් ගැනත්, මෑතකදී නිකුත් වුනු Fedora 11 සහ OpenSolaris 2009.6 ගැනත්, Ubuntu 10.4 වෙද්දි ත. 10.4 කින් boot වීමට තැත්කරන පුවතක් ගැනත්, දේශපාලන කරලියෙන් Obama (ඔබ මා) සහ Arnold Schwarzenegger (ආනොල්ඩ් සුමනසිරි) FOSS වෙත අවධානය යොමු කිරීම ගැන ද, Open Source කාර් එකක්, JolyCloud නැමති ජොලි OS වැඩක් ඇතුළු තවත් බොහෝ නව ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එන්නෙමු.

(Ogg version is much smaller)

Part 1

Part 2

යොමු සටහන් (Show Notes)