ඔබගේ ආදරණීය සිංහලෙන් ෆොස් වෙතින්  😛  මෙවර ඔබ වෙත ප්‍රවෘත්ති ලෙස ගෙන එන්නේ.. උබුන්ටු ගෙන එන Canonical සමාගමේ Launch Pad නම් මෘදුකාංග ව්‍යාපෘති කළමනාකරණ වැඩසටහන නිදහස් විවෘත මෘදුකාංගයක් බවට පත් කිරීම, Microsoft සමාගම Linux වෙත kernel drivers දායක කිරීම (පුදුමයි ඒත් ඇත්තයි), ලයිනස් ටෝර්වාල්ඩස් (කවුද ඒ? 😉 ) ගේ Microsoft සම්බන්ධ ප්‍රකාශය, OSCon සමුළුවේදී පිරිනැමුණු Google-O’reilly Open Source සම්මාන, Microsoft ගෙන එන තවත් *නිදහස්* මෘදුකාංගයක් සහ Miro නව නිකිතුව පිළිබඳ පමණි.

මෙවර විශේෂාංග ලෙස Android Live විචාරණය, Bleachbit මෘදුකාංගය සහ Linux Mint විචාරණය ගෙන එන්නේ විශේෂාංග වලට වැඩි ඉඩක් ලබා දෙමින්.

microsoft-linux

(ogg version is much smaller)

Part 1

Part 2

යොමු සටහන් [Show Notes]

විශේෂාංග [Features]

පමා වී ආ සිංහලෙන් ෆොස් 28 වන වැඩසටහනින් ඔබ වෙත…
Google Chrome OS කතා බහ, VLC 1.0 වන නිකුතුව පිළිබඳ තොරතුරු, Linux Kernel සඳහා දායකත්වය දක්වන්නන්, kernel 2.6.30 සිදුර :-O , Mono සඳහා Microsoft community promise එක, නිදහස් මාවතට පවිසුණු තවත රටක් සහ ආයතනයක්, Firefox සඳහා multi process පිරික්සුම් පහසුව ඇතුළු තවත් බොහොමයක් තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ Firefox සඳහා වන තවත් සන්ධිස්ථානයක් මතක් කරමින්.

Google chrome

(ogg version is much smaller)

Part 1

Part 2

යොමු සටහන් [Show Notes]

Notice

OpenSource car
මෙවර සිංහලෙන් FOSS වෙතින් ඔබට Linux 2.6.30 kernel එක නිකුත්වීම සහ NILFS වැනි සුචිශේෂ ලක්ෂන ගැනත්, නවතම USB 3.0 සම්මතය මුල්වරට OS එකකට පැමිණි අවස්ථාවක් ගැනත්, මෑතකදී නිකුත් වුනු Fedora 11 සහ OpenSolaris 2009.6 ගැනත්, Ubuntu 10.4 වෙද්දි ත. 10.4 කින් boot වීමට තැත්කරන පුවතක් ගැනත්, දේශපාලන කරලියෙන් Obama (ඔබ මා) සහ Arnold Schwarzenegger (ආනොල්ඩ් සුමනසිරි) FOSS වෙත අවධානය යොමු කිරීම ගැන ද, Open Source කාර් එකක්, JolyCloud නැමති ජොලි OS වැඩක් ඇතුළු තවත් බොහෝ නව ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එන්නෙමු.

(Ogg version is much smaller)

Part 1

Part 2

යොමු සටහන් (Show Notes)

මෙවර අප 25 වන වැඩ සටහන ඔබ වෙත අප ගෙන එන්නේ අපගේ රිදී ජුබිලිය සමරමින් 😀 . මෙවර වෙනසක් කරමින් අප Live Stream එකක් ගෙන ආවේ අත්හදා බැලීමක් වශයෙන්.

moovida

මෙවර ප්‍රවෘත්ති ලෙස අප වැඩිපුර කතා බහ නොකළ e-Book reader එකක් පිළිබඳ තොරතුරු සමග Elisa ගේ මහා වෙනස, ලිනක්ස් මින්ට් 7 gloria, KOffice නව පිටපත, ලිනක්ස් සඳහා Google Chrome, Miro adopt a code වැඩසටහන, NASA – Microsoft හවුල ඇතුලු තවත බොහො රස බර තොරතුරු ගෙන එන්නේ ප්‍රවෘත්ති මදි කමින් ඇති වන අපහසුතා මැදයි ;).

මෙවර විශේසහාංග ලෙස අපේ දිවි ගලවා ගන්නට භාවිත කරන්නේ Aria2 නම් මෘදුකාංගයයි :D.

(Ogg version is much smaller)

Part 1

Part 2

යොමු සටහන් (Show Notes)

විශේෂාංග (Features)

android_gp2x_ubu1

මෙවර සිංහලෙන් FOSS වෙතින් ඔබට AA බැටරි මගින් දුවන netbook එකක්, GP2x wiz නම් ලිනක්ස් ධාවනය වන game console එක, Google Android සඳහා අපේක්ෂිත සුවිශාල වර්ධනය, Glibc සහ MySQL fork කිරීම්, GNU/Linux හි video සංස්කරණ මෘදුකාංග පිළිබඳ තොරතුරු ඇතුළු තවත් බොහෝ නව ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එන්නෙමු.

මෙවර විශේෂාංග ලෙස Ubuntu Jaunty නව notification system එක හරහා Firefox notifications ලබා ගැනීම සහ Ubuntu ගෙන එන Canonical සමාගමේ නවතම වෙළඳ නිර්මාණය, තරමක් කතා බහට ලක් වන UbuntuOne පිළිබඳවද ඔබ වෙත තොරතුරු ගෙන එන්නෙමු.

(Ogg version is much smaller)

Part 1

Part 2

යොමු සටහන් (Show Notes)

විශෙෂාංග (Features)

Page 1 of 212