Archive for May, 2011

සිංහලෙන් ෆොස් 50 වන වැඩසටහන නිකුත් කරන මොහොතේ පළමු කොට මෙතෙක් අප හා රැඳී සිටි ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු. අපගේ ගමනේ ශක්තිය වූ ඔබගේ සහය ඉදිරියේදීත් අපට නොඅඩුව ලැබෙනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

මෙම සුවිශේෂී වැඩ සටහනෙන් කොටසක් ඔබ වෙත ගෙන එන්නේ RefreshColombo සහයෝගයෙන් පැවැත්වුනු Firefox 4 සාදය තුළ සිටයි. සුපුරුදු පුවත් විමසුමට පසුව එම විශේෂාංය සමග එක් වීමට ඔබට හැකිය. RefreshColombo – Firefox4 සාදයේ මලින්ත ගත් පින්තූර (විවෘත Facebook පිටුවකි) .

Firefox 4 cake

(පින්තූරය තමීරගෙන්)

මෙවර ප්‍රවෘත්ති අතර, Firefox – Linux මත දක්වන මන්දගාමී බව අඩු කිරීම, Firefox 5 නිකුතුව පිළිබඳ තොරතුරු, Slackware Linux නව නිකුතුව, Linux සිය දිවියේ විසි වසර සපිරීම, Rzip – නව හකුලන (compression) මෘදුකාංය, ගුප්ත ලිනක්ස් බල කළමණාකරන දෝෂය, Oracle ඔබ වෙත ගෙන එන OpenOffice විහිළු මෙන්ම RedHat ගෙන එන ජාවා අනුප්‍රාප්තික පරිගණක භාෂාව ඇතුළු තවත් බොහෝ තොරතුරු ඔබ වෙත.

Show Notes (යොමු සටහන්)

[display_podcast]