මෙවර සිංහලෙන් FOSS වෙතින් මේ වසරේ මෘදුකාංග නිදහස් දින වැඩ සටහන් කිහිපයක් පිළිබඳ තොරතුරු පළමුවෙන් ගෙන එන්නෙමු.

මෙම වැඩ සටහනේ ප්‍රවෘත්ති ලෙස Open GL සැබෑ ලෙසම නිදහස් මෘදුකාංගයක් වීම, Nokia Linux වෙත ලබා දෙන දේ සහ Symbian Linux පිළිබඳ දක්වන අදහස්, SUSE සහ Microsoft සබඳතාවයේ නවතම තොරතුරු, HP සමාගමේ රහස් කටයුතු, Netbook/UMPC වෙළඳ පොළ තුළ Linux සමග තරඟ කිරීමට සැරසෙන Windows මෙන්ම නවතම UMPC කිහිපයක් පිළිබඳ තොරතුරු සමග VLC නව පෙනුම සහ Cisco සමාගම Jabber මිළට ගැනීම ඇතුළු තොරතුරු ඔබ වෙත ගෙන එන්නෙමු.

මෙවර විශේෂාංග ලෙස අපි කොළඹ මහා පොත් ප්‍රදර්ශනයේදී ලබා ගත හැකි FOSS/Linux සම්බන්ධ පොත් පිළිබඳ තොරතුරු ගෙන එන්නේ බණ්ඩාරනයක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිටය.


අපගේ podcast Flash Player මගින් ඇසීමටFriendfeed.com sinhalenFOSS room

Show Notes (යොමු සටහන්)


මෙවර සිංහලෙන් FOSS වෙතින්, මෑතකදී සිදුකරන ලද භෞතික විද්‍යාවේ ලොකුම ව්‍යාපෘතියක් ලෙස සලකන විශ්වයේ ආරම්භය සම්බන්ධ පර්යේෂණ සඳහා යොදා ගත් OSඑක කුමක්ද යන්න ගැනත්, එම OS එක hack කිරීමට ගත් තැතක් ගැනත් සඳහන් කොට, ඉන්පසුව ලිනක්ස් සම්බන්ධයෙන් ගාට්නර්ලගේ තවත් පරස්පර විරෝධී වර්තාවක් ගැනත්, Lenavo සමාගම විසින් Linux pre-install නොකිරීමට අදහස් කළ බවට පුවතක් ගැනත් සඳහන් කොට, මෙවරත් අපි විශේෂාංග කිහිපයක් ගෙන එන්නෙමු.


අපගේ podcast Flash Player මගින් ඇසීමටFriendfeed.com sinhalenFOSS room

Show Notes (යොමු සටහන්)

මෙවර සිංහලෙන් FOSS වෙතින් …

ඔබ දැනටමත් දන්නා ඇති Google Chrome වෙබ් ගවේශකයක ගැන අපේ අදහස් සහ GNU/Linux හි දිවීමට ගත් උත්සහය ගැනත්, Mozilla විසින් Chrome නිකුත් කිරීමට දිනකට පමණ කලින් නිකුත් කල Ubiquity නැමති වෙබ් ගවේශනය පහසු කරන Firefox plugin එක ගැනත්, Firefox වෙතින් GNU/Linux වෙත “කුඩම්මාගේ සැලකිලි” ලැබෙන බනට ජෝදනා කරන පුවතක් ගැනත්, Quebec හි FOSS කන්ඩායමක් විසින් එහි රජය උසාවියට ගෙන යෑමේ පුවතක් ගැනද, ලංකාවේ සිදුවන Software piracy කරන උදවිය අල්ලා උසාවි වෙත ගෙන ඒමට BSA විසින් නීතිඥ පත්කිරීම ගැනද, ලිනක්ස් දුවන නවතම Gadget කහිපයක් ගැනත්, Amazon හරහා OLPC පොදු ජනයා වෙත ලබා දීම ගැනත්, තවත් පුවත් රැසක් ගැනත් අපි තොරතුරු ගෙන එන්නෙමු.


අපගේ podcast Flash Player මගින් ඇසීමටFriendfeed.com sinhalenFOSS room

Show Notes (ශෝ සටහන්)

මෙවර සිහලෙන් FOSS තුළින් අපි Fedora/Red Hat Servers වලට සිදුවූ කරදරයක් ඇතුලුව ග්නූ/ලිනක්ස් වල ජනප්‍රියතාව මැන බැලීමක්, සුවිශේෂී උපන් දින දෙකක්, Novell – Micrsoft ගණු දණුවක් ආදිය පිළිබඳ තොරතුරු මෙන්ම Ubuntu නිපදවන Canonical සමාගම ලික්ස් පදනම සමග එක් වීම, Ma.gnolia කේත විවෘත කිරීම ඇතුලු නවතම පුවත් රැසක් ගෙන එන්නෙමු.

මෙවර විශේෂාංග ලෙස නිදහස් හා විවෘත ශබ්දකෝෂ මෘදුකාංග පිළිබඳ තොරතුරු ඇතළු, ග්නූ/ලිනක්ස් ස්ථාපිත කොට අත්හදා බැලිය හැකි පහසු ක්‍රමයක් පිළිබඳ තොරතුරු ගෙන එන්නෙමු.


අපගේ podcast Flash Player මගින් ඇසීමටFriendfeed.com sinhalenFOSS room

Show Notes (යොමු සටහන්)

News (ප්‍රවෘත්ති)

Features (විශේෂාංග)


මෙවර 11 වෙනි කොටස තුලින්, අපි IBM සමාගමේ උප සභාපති විසින් කරන ලද, OOXML ISO සම්මතයක් වූ ආකරය සහ Open Source සමාජය නිර්‍මානශීලි එකක් නොවන බවට කරන ලද ප්‍රකාශ ගැනද, බාමර් මහතාගේ Open Source වෛරය නිසා දෝ, Open Source යන වචනය බහුලව දක්නට ඇති M$ හි නවතම වාර්ෂික වාර්තාව ගැනද, Sun විසින් Virtualbox සම්පූර්ණයෙන්ම GPL යටතෙන් මුදා හැරීම ගැනද, VMWare විසින් GPL උළ්ලංගණ චෝදනා තිබියදීත් Linux Foundation එකට බැඳීම ගැනද, පුවත් සමග අදහස් ගෙන එන්නෙමු.

Show Notes (ශෝ සටහන්)

Page 8 of 11« First...678910...Last »