මෙවර සිංහලෙන් FOSS වෙතින් අපි M$ හි Open Source සහ LGPL සඳහා ඇති නව ආලය ගැනද, ඔවුන් Apache Software Foundation (AFS) සමග බැඳීමට යන ප්‍රවෘතියක් ගැනද, විවෘත සහ නිදහස් මෘදුකාංග සම්බන්ධ රැකියා අවස්ථා වල වර්ධනයක් වී ඇතැයි කියන පුවතක් ගැනද, Intel මගින් LPI විභාග අපේක්‍ෂකයන්ට සහනයක් දෙන පුවතක් ගැනද, තවත් පුවත් රැසක් ගැනද සාකච්ජා කළෙමු.

ඉන්පසුව, අපට ගැලවීමක් නැති, මෘදුකාංග සම්බන්ධයෙන් ඇති ප්‍රකාශන අයිති සහ මෘදුකාංග සඳහා ඇති බලපත්‍ර (Software Licenses) සහ විශේෂයෙන් අපට වැදගත් වන FOSS Licenses ගැනද කෙටි හැඳින්වීමක් කරනු ඇත.

Show Notes (ශෝ සටහන්)

මෙවර සිංහලෙන් FOSS වෙතින්, Xandros විසින් Linspire සමාගම මිලදී ගැනීම ගැනද, ඉන්දියාවෙ ළමුන් ලක්ෂයකටත් වඩා GNU/Linux හදුන්වා දීමේ  ගැනද සහ OOXML වලට විරුද්ධව විවිධ රටවල් ගෙන එන චෝදනා ISO මගින් ප්‍රතික්‍ෂෙප කිරීම සම්බන්ද ප්‍රවෘත්තියක්ද අපි ගෙන එන්නෙමු. අවසාන වශයෙන් Windows වල බහුල වෛරස, පණු යනාදී ඇබැද්දි වලින් ආරක්ෂා වීමට උපකාරි වන FOSS tools කිහිපයක් ගැනද විස්තර අපි ගෙන එන්නෙමු.

Show Notes (ශෝ සටහන්)

මෙවර සිංහලෙන් FOSS වෙතින්, ලොකයේ ප්‍රථම විවෘත ජංගම දුරකතන වන Freerunner පිළිබඳව ද, Symbian ජංගම දුරකතන මෙහෙවුම් පද්ධතියේ අනාගතය ගැනද, GNU/Linux වඩාත්ම පරිසර හිතකාමී OS එක ලෙස නම් කිරීම ගැනද තොරතුරු අපි ගෙන එන්නෙමු. ඉන්පසුව, මෑතකදී ලෝක වාර්තා පොත් වලට සටහන් තැබු, ඔබේ සහ අපේ හිතවත් ගිනි නරියා හෙවත් Firefox ගැන අපි ආඩම්බරයෙන් දැනුම් දී, එය සැමරීමට සංවිධානය කරගෙන යන party එක ගැන ද කියමු.

Show Notes (ශෝ සටහන්)

මෙම podcast එක නිකුත් කිරීම ප්‍රමාද වීම ගැන අපි කණගාටුව පලකරමු.

මෙම මල් හතේ podcast එකෙන් අපි Linux අඟගරු ලෝකයට යැවීම ගැනද, මෙන්න තවත් OOXML එකට රජයක් විරුද්ධ වීමේ ප්‍රවෘතියක් ගැනද, පොහොසත් රටක් පවා සල්ලි ඉතුරු කර ගැනීමට Open Office යොදා ගැනීම ගැනද, M$ ඔවුන්ගේ Silverlight නැමති තාක්‍ෂණය Ruby on Rails (ROR) සමග වැඩකිරීමට යෑම ගැනද, Acer වෙතින් එළි දැක්වීමට නියමිත නවතම EEEPC වැනි Notebook එක ගැනද තොරතුරු ගෙන එමු.

ඉන් පසු අපි ඉදිරියෙන් ඇති OLPC එක ගැන (ඔව් ඇත්තටම), තොරතුරු සහ අදහස් ගෙන ඒමට බලාපොරොත්තු වෙමු. ලබන episode එකෙන් අපි මහ ඔය ප්‍රදේශයේ පැසැලක සිට ලමුන් සමග OLPC එක අත්හදා බැලූ අකාරය සහ ඔවුන්ගේ අදහස් ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.

Show Notes (ශෝ සටහන්)

The Code

මෙවර episode 6 වෙතින් අපි ප්‍රවෘති අඩුවෙන්ද, විශේෂාංග වැඩියෙන්ද ගෙන එමු. ඒ අතර පොඩි Laptop වල අනාගතය ගැන Intel CEO ගේ අදහස් ගැනද, Fedora ප්‍රජාවා Ubuntu ලගේ නවතම ඉල්ලීමට දුන් පිළිතුරු ගැනද, ලිනක්ස් දැන්වත් Desktop එකට සූදානම් ද යන්න ගැනද, සුපුරුදු ලෙස අපි අදහස් පලකරමු.

ඉන්පසු අපි FOSS ලිවීමේදී භාවිතා වන භාෂා (FOSS Programming launguages) ගැන අපේ අත්දැකීම සහ අදහස් සහිත කෙටි හැදින් වීමක් කර අවසාන වශයෙන්, ඉතා විනෝදාත්මක පරිගනක ක්‍රීඩාවක් වන Frets-on-Fire නැමති ගිටර් ක්‍රීඩාව හදුනා ගනිමු.

Show Notes (ශෝ සටහන්)

Page 9 of 11« First...7891011