1
Jul

Podcast Episode 26: OpenSource කාර්?

   Posted by: bud   in Blog, Podcast

OpenSource car
මෙවර සිංහලෙන් FOSS වෙතින් ඔබට Linux 2.6.30 kernel එක නිකුත්වීම සහ NILFS වැනි සුචිශේෂ ලක්ෂන ගැනත්, නවතම USB 3.0 සම්මතය මුල්වරට OS එකකට පැමිණි අවස්ථාවක් ගැනත්, මෑතකදී නිකුත් වුනු Fedora 11 සහ OpenSolaris 2009.6 ගැනත්, Ubuntu 10.4 වෙද්දි ත. 10.4 කින් boot වීමට තැත්කරන පුවතක් ගැනත්, දේශපාලන කරලියෙන් Obama (ඔබ මා) සහ Arnold Schwarzenegger (ආනොල්ඩ් සුමනසිරි) FOSS වෙත අවධානය යොමු කිරීම ගැන ද, Open Source කාර් එකක්, JolyCloud නැමති ජොලි OS වැඩක් ඇතුළු තවත් බොහෝ නව ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එන්නෙමු.

 
icon for podpress  Standard Podcast [54:41m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [54:41m]: Download

(Ogg version is much smaller)

යොමු සටහන් (Show Notes)

මෙවර අප 25 වන වැඩ සටහන ඔබ වෙත අප ගෙන එන්නේ අපගේ රිදී ජුබිලිය සමරමින් :D . මෙවර වෙනසක් කරමින් අප Live Stream එකක් ගෙන ආවේ අත්හදා බැලීමක් වශයෙන්.

moovida

මෙවර ප්‍රවෘත්ති ලෙස අප වැඩිපුර කතා බහ නොකළ e-Book reader එකක් පිළිබඳ තොරතුරු සමග Elisa ගේ මහා වෙනස, ලිනක්ස් මින්ට් 7 gloria, KOffice නව පිටපත, ලිනක්ස් සඳහා Google Chrome, Miro adopt a code වැඩසටහන, NASA - Microsoft හවුල ඇතුලු තවත බොහො රස බර තොරතුරු ගෙන එන්නේ ප්‍රවෘත්ති මදි කමින් ඇති වන අපහසුතා මැදයි ;).

මෙවර විශේසහාංග ලෙස අපේ දිවි ගලවා ගන්නට භාවිත කරන්නේ Aria2 නම් මෘදුකාංගයයි :D.

 
icon for podpress  Standard Podcast: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media: Download

(Ogg version is much smaller)

Part 1

Part 2

යොමු සටහන් (Show Notes)

විශේෂාංග (Features)

android_gp2x_ubu1

මෙවර සිංහලෙන් FOSS වෙතින් ඔබට AA බැටරි මගින් දුවන netbook එකක්, GP2x wiz නම් ලිනක්ස් ධාවනය වන game console එක, Google Android සඳහා අපේක්ෂිත සුවිශාල වර්ධනය, Glibc සහ MySQL fork කිරීම්, GNU/Linux හි video සංස්කරණ මෘදුකාංග පිළිබඳ තොරතුරු ඇතුළු තවත් බොහෝ නව ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එන්නෙමු.

මෙවර විශේෂාංග ලෙස Ubuntu Jaunty නව notification system එක හරහා Firefox notifications ලබා ගැනීම සහ Ubuntu ගෙන එන Canonical සමාගමේ නවතම වෙළඳ නිර්මාණය, තරමක් කතා බහට ලක් වන UbuntuOne පිළිබඳවද ඔබ වෙත තොරතුරු ගෙන එන්නෙමු.

 
icon for podpress  Standard Podcast: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media: Download

(Ogg version is much smaller)

Part 1

Part 2

යොමු සටහන් (Show Notes)

විශෙෂාංග (Features)

වෙසක් උත්සවයෙන් පසු ගෙනෙන සිංහලෙන් FOSS වැඩසටහනින් අපි වෙසක් සඳහා සුවිශේෂී නිර්මාණයක් ඔබ වෙත ගෙන එන්නේ අපේ Bud සහ ඔහුගේ බිරිඳ කාංචනාගේ මහත් කැපවීමට ස්තුතිවන්තවයි :) . එම නිර්මාණය අප අද ගෙනෙන පින්තූර වලින් ඔබට නැරඹිය හැකියි. වැඩි විස්තර වැඩසටහන තුළින්….

tux_lantern1

මෙවර විකාශයෙන් ඔබට Microsoft නවතම සෙවුම් යන්ත්‍රය (search engine) පිළිබඳ විස්තර එය අපට වැදගත් වන්නේ ඇයිද යන්න සමග දැන ගත හැකියි. එමෙන්ම අපගේ මුල් විකාශයන් වලදී දැඩි ලෙස කතා බහට ලක් වූ OOXML සහ ODF වලට සම්බන්ධ පුවතක්ද ඔබ වෙත ගෙන එන්නෙමු. තවද Firefox පරිශීලක සංඛ්‍යා දත්ත, Firefox වැදගත් ඉදිරි සැලසුමක් පිළිබඳ තොරතුරු, කියුබාව ගෙන එන GNU/Linux අධ්‍යාපනික ක්‍රීඩාවක්, Linux Journal පාඨක තේරීම සම්මානයේ තොරතුරු, කලකට පසු Netbook සම්බන්ධ ප්‍රවෘත්ති කිහිපයක් ඇතුල තවත් බොහෝ දේ ඔබට දැන ගත හැකියි.

මෙවර විශේෂාංග ලෙස Phatch - Photo Batch Processor සමූහ පින්තූර සංස්කාරක මෘදුකාංගය පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නෙමු. යොමු සටහන් (show notes). පහත දැක්වෙන්නේ Phatch මගින් සකස් කළ අපගේ පින්තූරයකි.

මෙම ඡායා රූපය UCSC studio තුළදී ලබ ගත්තකි. ඉදිරියෙන් ටක්ස් වෙසක් කූඩුව දැක ගත හැක.

in_studio_phatched1

 
icon for podpress  Standard Podcast: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media: Download

(OGG ගොණුව ප්‍රමාණයෙන් කුඩා බව සලකන්න. )

Part 1

Part 2

යොමු සටහන් (show notes)

Some Netbook News

Feature

Phatcth - the photo batch editor.

අපගේ මෙතෙක් ගමන් මග දැක්වෙන ඡායාරූප රැගත් කුඩා විඩියෝ පටයක් මෙහිදී නරඹන්න.


සිංහලෙන් FOSS විසි දෙවන වැඩසටහන අරඹන්නේ අප වැඩ සටහනට ඉතා වැදගත් මොහොතක් සනිටුහන් කරමින්. මේ පිළිබඳ අපේ දීර්ඝ කාලීන රසික ඔබ සැමගේ අදහස් විමසීමට අපි ඉතා කැමැත්තෙමු. වැඩ සටහන අසා ඔබේ අහස් අප වෙත යොමු කරන්න.

මෙවර ප්‍රවෘත්ති ලෙස Oracle සමාගම විසින් FOSS හිතවත් Sun සමාගම මිල දී ගැනීම පිළිබද ගැඹුරින් සාකච්‍ඡා කරන අතර, Ubuntu 9.04 Jaunty Jackalope පිළිබඳ වැඩි දුර විස්තර සහ Google හරහා ගෙන එන Ubuntu හපන් කම්, මයික්‍රොසොෆ්ට් / වින්ඩෝස් 7 වල FOSS සහ GNU/Linux වෙත බල පෑම, PostgreSQL නව සංස්කරණය, ලිනක්ස් නව කර්නලය පිළිබඳ තොරතුරු ඇතුළු තවත් තොරතුරු බොහොමයක් ඔබ වෙත ගෙන එන්නෙමු.

වැඩ සටහනේ ආරම්භයේදී පසුගියදා නුගේගොඩ TLC(The Linux Center) ආයතනයේ පැවැත්වුනු ෆයර්ෆොක්ස් සාදය (Firefox Party) අතරතුර පටි ගත කළ රසබර හඬ පටයක් ඉදිරිපත් කරන්නෙමු. සාදය සංවිධානයේදී මහත් දායකත්වයක් ලබා දුන් අප හිත මිතුරු සුචේත, Party pack එක අපට ගෙන්වා දුන් ළහිරු සොයුරා ඇතුළු නන් අයුරින දායකත්වය දුන් සහ එම අවස්ථාවට සහභාගී වූ සැමට ස්තුති වන්ත වෙමු.

Firefox party Photos

  • From Bud
  • More to come (if you have photos please le us know)

 
icon for podpress  Standard Podcast [53:27m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [53:27m]: Download

Part1

Part2

යොමු සටහන් (Show Notes)

Features

  • Tonido - Cloud in your home or in a little plug in your home)

happy_1bday
සිංහලෙන් FOSS වෙත සුවිශේෂී සතියක විසි එක් වන වැඩ සටහන ඔබ ව්ත ගෙන එන්නේ නවතම ප්‍රවෘත්ති සමග තරමක් බැරෑරුම් කතා බහක් සමගයි :) .

මෙවර ප්‍රවෘත්ති ලෙස ඔබ වෙත Gnome 3 මගින් ඔබ වෙත ගෙනෙන විශාල වෙනස් කම්, Microsoft-TomTom නඩු හබයේ නැවුම් තතු, OpenMoko විවෘත දුරකථන පද්ධතිය පිළිබඳ දුකමුසු තොරතුරු, Intel - Moblin සබඳතාවේ වෙනසක් ඇතුළු තවත් තොරතුරු ගෙන එන්නේ Ext4 File system එක පිළිබඳ ගැඹුරු කතා බහක්ද සමගයි.

අප්‍රියෙල් 9 වන දාට යෙදෙන අප වැඩ සටහනේ උපනදිනය අප ඔබ වෙත මතක් කර සිටින්නේ ඉමහත් ආඩම්බරයෙන්. මෙතෙක් අප හා රැඳී සිටි සැමට අපගේ හද පිරි ස්තුතිය පිරි නමන්නේ ඉදිරියටත් අප හා රැඳෙන්නට ඇරයුම් කරමින්.

 
icon for podpress  Standard Podcast: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media: Download

යොමු සටහන් (Show Notes)

Ext4 delayed allocation - more to read

1
Apr

Podcast Episode 20: Happy B’day Linux

   Posted by: bud   in Podcast

Due to several complaints received to us via feedback regarding using Sinhala on the blog, we have decided to make all future posts in English. The main argument to which we also agree is that FOSS should be a motivator rather than a hinderance for those wanting to learn English. Given this being the year of IT and English as declared by the President , we have decided this is for the best. This does not mean we will not speak in Sinhala in the podcast. The podcast will continue to be in Singlish as it already is. If you have trouble understanding the post, please write to podcast@sinhalenfoss.org with the subject PLS TRANSLATE TO SINHALA and we will get back to you ASAP.

In this week’s episode we start of by saying Happy 15th B’ day to the Linux kernel and give our opinion on the newly released kernel 2.6.29, Bash 4.0 and OpenOffice 3.1. A worm is out targeting a Linux router and you may experience some data loss while using Ext4, while M$ and Tom Tom go at it over Fat32, we discuss. Finally we review some tools that may just enable you to recover that “Ooops I deleted that file again”. This and sooo much more on SinhalenFOSS!

 
icon for podpress  Standard Podcast [50:00m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [50:00m]: Download

Show Notes

siraj_linus
මෙවර සිංහලෙන් FOSS ඔබ වෙත ගෙන එන්නේ සාඩම්බර දෙවන වරටත්… මෝටර් රථයේ ගමන් කරන අතර තුරයි :D . මෙම විකාශයෙන් ඔබට Debian 5.0 දොරට වැඩුම, කියුබානුවන්ගේ ස්වදේශීය ග්නු/ලිනුක්ස් පද්ධතිය, Windows 7 netbook වික්‍රමය, Compiz නවතම තොරතුරු, Microsoft - Red Hat නව ආලය ඇතුලු තොරතුරු රාශියක් අසා දැන ගත හැකියි ;) .
මෙවර විශේෂාංග ලෙස Miro Internet TV දෙවන සංස්කරණය පිළිබඳ තොරතුරු ගෙන එන අතර කලකට පසු සම්මුඛ සාකච්ඡාවක් ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවෙ පැවති Linux.conf.au වැඩමුලුවට ශ්‍රී ලංකාව නියොජනය කරමින් එක් වූ අප හිත මිත්‍ර සිරාජ් රාසික් සමගයි. එහිදි ඔබට Linux.conf.au හි නවතම තාක්ෂණික සහ රසබර පුවත් දැන ගත හැකියි.

 
icon for podpress  Standard Podcast [44:34m]: Play Now | Play in Popup | Download

 
icon for podpress  Other Media [44:34m]: Play Now | Play in Popup | Download

Show Notes -  යොමු සටහන්

Feature - විශේෂාංගය

නොමිලේ භාගත කිරීමට ග්නූ/ලිනක්ස් උපකාරක පොත්.

අනෙකුත් සහෝදර ශ්‍රී ලාංකික Podcasts.

Unibody Macbook running Ubuntu with mac4lin
බලාපොරොත්තු නොවූ දෙසතියක නිහැඬියාවෙන් පසු නැවතත් සිංහලෙන් FOSS ඔබ වෙතට. මෙවර ප්‍රවෘත්ති අතර Sony නව Cybershot කැමරාවේ ලිනක්ස් ධාවනය,ලයිනස් ටෝරවාල්ඩ්ස් KDE අත් හැර Gnome වෙත මාරු වීම, Mozilla පදනම OGG දියුණුවට මුදලින් උපකාර කිරීම, අසල්වැසි රාජ්‍යයේ නිදහස් මෘදුකාංග පා ගමන, සේවයෙන් පහ කෙරුනු මයික්‍රොසොෆ්ට් සේවකයන්ට නිදහස් මෘදුකාංග පිහිට, KDE කණ්ඩායම ගෙන එන Microsoft exchange server සඳහා GNU/Linux පිළිතුරු ඇතුලු තවත් තොරතුරු රැසක් සමග මුසු කොට විශේෂාංග කිහිපයක්ද ගෙන එන්නෙමු.

විශේෂාංග

webilder
wallpaper-tray (package manger වෙතින් ලබා ගන්න) (Gnome Wallpaper මාරු කිරීමට වෙනත් විධි )

සිංහලෙන් FOSS අසන්නන් වෙනුවෙන් e-live stable version භාගත කිරීමට ඇරයුම් පත පහක් ලබා ගන්න. වැඩි විස්තර podcast එක අතරතුර.

දැන් සිංහලෙන් FOSS නවතම විස්තර Identica තුළින්ද ලබා ගත හැකියි. Identica පිළිබඳ වැඩි විස්තර ඔබට Podcast එක ඇසීමෙන් දැන ගත හැකියි.

 
icon for podpress  Standard Podcast [1:00m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [1:00m]: Download

Show Notes (යොමු සටහන්)

14
Jan

Podcast Episode 17: නව වසරේ FOSS.

   Posted by: chanux   in Podcast

මාස කිහිපයක දිගු නිහැඬියාව බිඳ නැවතත් සිංහලෙන් ෆොස් ඔබ වෙත ගෙන එන්නේ සුභ නව වසරකට ආසිරි පතමින්.

මෙවර සිංහලෙන් ෆොස් වෙතින් මේ වසරේ CES ප්‍රදර්ශනයේ FOSS තොරතුරු, ගෙවී ගිය වසරේ FOSS කාල රේඛාව, OLPC නවතම තොරතුරු, netbooks - FOSS නවමු විස්තර, Microsoft market share තොරතුරු සහ ඒ සඳහා FOSS බලපෑම, FOSS ලෝකය වෙත ප්‍රධාන පෙළේ ආයතන කිහිපයකින් ලැබුනු දායකත්වය ඇතුළු සුවිශේෂි තොරතුරු රැසක් ඔබ වෙත ගෙන එන්නෙමු.

2009 වසරේදීත් පෙර සේම අප සමග රැඳෙමින් අපව දිරිමත් කරන මෙන් ඔබ සැම ගෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ මෙතක් අප සමග රැඳී සිටියාට අප හද පිරි ස්තුතිය පුද කරමිනි.

 
icon for podpress  Standard Podcast [61:47m]: Play Now | Play in Popup | Download

 
icon for podpress  Other Media [61:47m]: Play Now | Play in Popup | Download

Show Notes (යොමු සටහන්)

Page 1 of 812345»...Last »