ie6 funeral

ඔන්න ඉතින්, බොහෝ කලකට පසු වේලාවට නිකුත් කරන්න හැකි වුනා.

මෙවර 36 වැනි වැඩසටහනෙන්, Linux වලින් ධාවනය වන මෝටර් සයිකලයක් ගැනත්, DRM නිසා වන හානිය ගැන අවබෝධ කිරවීමට දිනයක් වෙන්කර ඇති බවත්, Apple සමාගම HTC සමාගමට විරුද්ධව නඩු පැවරීම ගැනත්, පසුගිය වැඩසටහනේ කියූ Meego OS එක n900 දුරකථනයට පැමිණෙන බවට Nokia ගෙන් පොරොන්දුවක් ගැනත්, සතුටුදායක මරණයක් පිළිබඳ තොරතුරු ඇතුළු තවත් ප්‍රවෘත්ති රැසක් ඔබ වෙත.

තවද විශේෂාංගයක් ලෙස අපේ podcast එක ප්‍රමාද වන විට ඇසිය හැකි වෙනත් FOSS podcast පිළිබඳව අපි ගෙන එන්නෙමු.

යොමු සටහන් (Show Notes)

FOSS Podcasts

28
Feb

Podcast Episode 35: මීගෝ එනවා

   Posted by: chanux   in Podcast

Meego

අපි හරි හොඳයි. මේ වතාවෙ සති දෙකක් විතරයි ප්‍රමාද වුනේ 😀

ඉතිං සිංහලෙන් ෆොස් 35 වැඩසටහනින් ඔබ වෙත ප්‍රවෘත්ති වලට අමතරව පොඩි කතා බහකුත් ගෙන එනවා :) .

මේ වැඩසටහනේ ප්‍රධානම කතා බහ Nokia, Intel එකමුතුවෙන් එන MeeGo ජංගම මෙහෙයුම් පද්ධතිය ගැනයි. මේ ගැන බොහෝ තොරතුරු සමග අපේ අදහස් වලට අමතරව තවත් විශේෂ පුද්ගලයකුගෙන් වැඩි විස්තර හරියටම අහල දැන ගන්න පුළුවන් :)

මීට අමතරව Samsung නව විවෘත ජංම මෙහෙයුම් පද්ධතිය එන wave දුරකථනය පිළිබඳ තොරතුරු, නිදහස් විවෘත මෘදුකාංග හොර මෘදුකාංග වලට සම කරන හොරු කල්ලියක් පිළිබඳව, උබුන්ටු ප්‍රබල වෙනස්කම් කිහිපයක් පිළිබඳව, Amazon Kindle සහ Microsoft ප්‍රේම ගීතය වගේම Twitter සහ Open Source ප්‍රේම ගීතය ගැනත් තොරතුරු අපි ඔබ වෙත ගෙන එන්නෙමු. 

හිතුවද ඉවරයි කියලා? නෑ තව තියනවා. ලෝකෙ පළමු වෙනිම open source restaurant එක ගැනත් කියනවා.

යොමු සටහන් (Show Notes)

nexusone
දෙමසකට වැඩි දිගු නිහැඬියාව බිඳිමින් සිංහලෙන් ෆොස් නැවතත් ඔබේ සවන් පත් අතරට.

ශාස්ත්‍රීය වැඩි උනාද මන්දා 😀 . කොහොම නමුත් ඉතිං ඔන්න ආයෙත් අපි ආවා. අලුත් ප්‍රවෘත්ති ගොඩක් එක්ක.

ලිනක්ස් කර්නල් එකෙන් වැඩි හරියක් දැන් ලියවෙන්නෙ මුදල් ගෙවලා?, Symbian OS එක ඔන්න කලින්ම විවෘත මෘදුකාංගයක් වෙලා. Google සමාගමේ file system මාරුව වගේම ඔවුන් Apple සමාගම අභිබවා ගිය අවස්ථාවක් ගැනත් කියනවා.

ඒවගේම Ubuntu ගැන, Lucid Lynx හෙවත් මීළඟ උබුන්ටු නිකුතුවේ එන විශේෂ වෙනස් කම් කිහිපයක් වගේම, UbuntuOne ගැන අලුත්ම විස්තරයකුත් තියනවා.

Samsung සමාගමේ විවෘත ජංගම මෙහෙයුම් පද්ධතිය, KDE වල පොඩි වෙනසක් සහ Facebook වෙතින් PHPට ලැබුනු HipHop ගැන කතා කරන්නෙ හැමදාම වගේ අමතර විස්තර ගොඩක් එක්කයි (Linusගෙ අලුත් phone එක ගැනත් ඕපාදූපයක් කියනවා :D).

Update: HipHop for PHP facebook project එක මම JIT (Just in Time) Compiler එකක් බව කිව්වේ කලින් කියවා තිබුණු තොරතුරක් අනුවයි. නමුත් එය JIT compiler එකක් නොවන බවද සටහනක් කියවන්නට ලැබුණා

එහෙනම් ඉතින් අහලම බලන්න :) .

යොමු සටහන් (Show Notes)

මෙවර සිංහලෙන් ෆොස් වෙතින්, ලිනක්ස් ධාවනය කරන cores සියයේ ප්‍රොසෙසරය, නව Grub නිකුතුව හ එහි විශේෂාංග, ඉන්දුනීසියානු සමාගම් ලිනක්ස් වෙත යොමු වීම, නව Android තොරතුරු සහ Motorola Droid ජංගම දුරකථනය, ලිනක්ස් පරිශීලකයන් මුදල් ගෙවීම පිළිබඳ World of Goo තොරතුරු, MySQL වලට නරක කලදසාවක්, උබුන්ටු කා(ර්)මික් කෝලා නිකිතුව ඇතුළු තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ, ශ්‍රී ලංකා රූබි පරිශීලක එකමුතුව සහ සිංහලෙන් ෆොස් අපේ අලුත්ම හඳුන්වා දීම සිංහලෙන් ෆොස් රේඩාර් පිළිබඳවද විස්තර ගෙන එමින්.

motorola-droid

රේඩාර් පිළිබඳ වැඩි දුර තොරතුරු වැඩසටහන අතරතුරදී අසා දැන ගත හැකියි. වැඩි සුර විස්තර කියවන්න මෙතනින්.

යොමු සටහන්  (Show Notes)

Ending Song by dsterry on youtube. Droid picture by tnkgrl on flickr.

1
Nov

මොකක්ද මේ රේඩාර්?

   Posted by: chanux   in Blog

රේඩාර් කියන්නෙ සිංහලෙන් ෆොස් අසන්නන්ට ලැබෙන තවත් එක් විශේෂාංගයක්. රේඩාර් එකෙන් මොකද වෙන්නෙ කියන්න කලින්, ඒක ඇති වුනේ ඇයි කියල කිව්වොත් වඩා හොඳයි.

අපේ අසන්නන් අපෙන් forum එකක් ඉල්ලන්නෙ ගොඩක් කලක ඉඳන්. ඒත් ඉතින් අපට ඒක ඉටු කරන්න ටිකෙන් ටික පමා වුනා. ඒත් ඉතින් forum එකක අවශ්‍යතාව නැති වුනේ නෑ නෙ.

වැඩසටහනේ අපි කියන කරුණු ගැන සංවාදය කරන්න, ඔබේ අදහස් එකතු කරන්න වගේම අපි නොදන්නා දෙයක් කියල දෙන්න, ඔබට ඇති වන ගැටලු ඉදිරිපත කරන්න forum එකක් කොතරම් වැදගත වේවිද?

සිංහලෙන් ෆොස් අපි කොහොම හරි රසවත් වගේම ප්‍රවෘත්ති ගුණයෙන් වැඩි ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එනවා කියල අපි විශ්වාස කරනවා. ඒත් ඔබට හමු වුන, ඔබ ඉතා වැදගත් යයි සිතූ පුවතක් මීට පෙර අප අතින් ගිලිහී ගියාද? ඉතින් එවන් වැදගත් පුවත් ඔබේ සහෝදර අසන්නන්ටත් අහන්න දෙන්න පුලුවන්නම් කොච්චර හොඳද?

හැම වැඩසටහනක් අවසානයේම ඔබට අහන්න ලැබෙන ගීත ඛණ්ඩයට ඔබත් ඇලුම් කරනවාද? එසේ නම් වෙනත් ඔබ ඇලුම් කරන, සිංහලෙන් ෆොස් තුළ භාවිත කළ හැකි ගීයක් අපට ලබා දීමට ඔබ කැමතිද? ඒ වගේම වැඩ සටහන ආරම්භයේදී ඔබ වෙත ගෙන එන විනෝද බර හෝ අර්ථවත් කොටසට ඔබත් කැමතිද? එම ස්ථානයේ වාදනයට සුදුසු ශබ්ද ඛණ්දයක් ඔබ සතුද? ඒක බෙදා හදා ගන්න කැමතිද?

ඉතින් මෙකී නොකී විවිධාකාර අවශ්‍යතාවන් විශාල ප්‍රමාණයකට පිළිතුරක් විදියට තමයි සිංහලෙන් ෆොස් රේඩාර් අරම්භ වන්නෙ.

දැන් ඉතින් කියන්න ඕනෙ නෑනෙ මේකෙන් කරන්න පුලුවන් වැඩ මොනවද කියලා. ඒත් ඔය ටික කර ගන්න හැටි මම පොඩ්ඩක් කියන්නම්.

මුලින්ම forum එකක් විදියට භාවිතය.
ඕනම දෙයක් රේඩාර් එකට දාන්න නම් යන්න තියන සරලම තැන තමයි Submit tab එක. එතනට ගියාම පහත පෙනෙන අකාරයේ form එකක් ඔබට හමු වෙයි.

radar-submit

ඔබට අවශ්‍ය රේඩාර් එක forum එකක් විදියට පාවිච්චි කරන්න නම්, Title කියන කොටසේ ඔබට අවශ්‍ය මාතෘකාව ලියා සුදුසු Category එකක් තොරන්න (විස්තර පසුව). Description කොටසේ සවිස්තරව ඔබේ අදහස, ගැටලුව හෝ ඔබ කැමති ඕනෑ දෙයක් ලියන්න. අවසානයේ Your Name කියන තැන ඔබේ නම ලියන්න. නැති නම් ඔබ register වී ඇත් නම් signin වෙන්නත් පුලුවන්.

ඉහත පියවර වලදි අපි URL කියන කොටස පිරෙව්වෙ නෑ නේද? ඔව්, ඒක තියෙන්නෙ ඔබ අප වෙත කිසියම් යොමුවක් (link) එවනවා නම් ඒ යොමුව ලියන්න. යොමුවක් එවන විට කැමති නම් Description කොටසේ ඔබේ අදහස් ලියන්නත් පුලුවන්.

දැන් ඉතින් Categories ගැන කියන්නම්. දැනට අපේ Categories තුනක් තියනවා. ඉන් Discussion යන්න, forum තුළ යම් කතා බහක් අරම්භ කරන විට යොද ගන්න පුලුවන්. එමන්ම News භාවිත කළ යුත්තේ ඔබ ඇප වෙත ප්‍රවෘත්ති යොමුවක් එවන විටයි. Tidbits කියන්නෙ ඉතින් අර කලින් කිව්ව සංගීත ඛණ්ඩ, ආරම්භක ශබ්ද ඛණ්ඩ එවන විට යොදා ගත යුතු Category එක.

ඔබ යොමු කරන ඕනෑම දෙයක් Radar හි Recent පිටුවට එනවා. සහෝදර අසන්නන්ට පුලුවන් ඒවාට ඡන්ද ලබා දෙන්න. වැඩිම ඡන්ද ලබා ගන්න ඒවා මුල් පිටුවට එනවා. මේ ටික නම් හරියට Digg, Reddit වගේ ඔබ දන්න කියන අඩවි වල තියන ලක්ෂණ.

ඒ වගේම ඔබට යොමුවක් එහෙම නැත්තම් ප්‍රවෘතියක් අපිට දෙන්න හැම විටම radar එකට එන එක කරදරයි නෙ. ඒ නිසා Submit පිටුවේ යටම ඇති අපේ  Bookmarklet එක ඔබේ Browser එකට එක් කර ගත හැකියි. එවිට පහසුවෙන්ම ඔබ රසවත් FOSS ප්‍රවෘත්තියක් කියවන විට Bookmarklet එක මගින් එය Radar වෙත යොමු කළ හැකියි. ආසයි නේ 😉

“Bookmarklet එක නම් හොඳයි. ඒත් අපි ගෙදර වගේ ඉන්න Twitter එකෙනුත් ඔය radar එකට links දාන්න තිබ්බ නම් මරු මචං”. යාලුවොත් එක්ක මෙහෙම කියන්න ඕන නෑ. ඒ වැඩෙත් කරන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නෙ පහත විදියට Tweet කරන්නයි.

radar-tweet

මෙහෙම එවද්දි හොඳ විස්තරයක් වගේම එක ලින්ක් එකක් එවන්න. Retweet කරද්දි #sifo එකතු කරත් හරි.

දැන් ඉතින් ඔබට තියෙනනෙ අපේ මේ පුංචි උත්සාහයට ඔබේ දායකත්වය දෙන්න. ඔබේ ප්‍රතිචාර වලටත් අපි හර ආසයි :).

Page 4 of 21« First...23456...1020...Last »