සිංහලෙන් ෆොස් 50 වන වැඩසටහන නිකුත් කරන මොහොතේ පළමු කොට මෙතෙක් අප හා රැඳී සිටි ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු. අපගේ ගමනේ ශක්තිය වූ ඔබගේ සහය ඉදිරියේදීත් අපට නොඅඩුව ලැබෙනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

මෙම සුවිශේෂී වැඩ සටහනෙන් කොටසක් ඔබ වෙත ගෙන එන්නේ RefreshColombo සහයෝගයෙන් පැවැත්වුනු Firefox 4 සාදය තුළ සිටයි. සුපුරුදු පුවත් විමසුමට පසුව එම විශේෂාංය සමග එක් වීමට ඔබට හැකිය. RefreshColombo – Firefox4 සාදයේ මලින්ත ගත් පින්තූර (විවෘත Facebook පිටුවකි) .

Firefox 4 cake

(පින්තූරය තමීරගෙන්)

මෙවර ප්‍රවෘත්ති අතර, Firefox – Linux මත දක්වන මන්දගාමී බව අඩු කිරීම, Firefox 5 නිකුතුව පිළිබඳ තොරතුරු, Slackware Linux නව නිකුතුව, Linux සිය දිවියේ විසි වසර සපිරීම, Rzip – නව හකුලන (compression) මෘදුකාංය, ගුප්ත ලිනක්ස් බල කළමණාකරන දෝෂය, Oracle ඔබ වෙත ගෙන එන OpenOffice විහිළු මෙන්ම RedHat ගෙන එන ජාවා අනුප්‍රාප්තික පරිගණක භාෂාව ඇතුළු තවත් බොහෝ තොරතුරු ඔබ වෙත.

 
icon for podpress  Standard Podcast [1:43:29m]: Play Now | Play in Popup | Download
icon for podpress  OGG in low quality, small size [1:43:29m]: Download

Show Notes (යොමු සටහන්)

 
icon for podpress  Standard Podcast [1:43:29m]: Play Now | Play in Popup | Download
icon for podpress  OGG in low quality, small size [1:43:29m]: Download

This entry was posted on Monday, May 9th, 2011 at 10:40 pm and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

One comment

 1 

I was waiting for this for long long time thanks

May 12th, 2011 at 6:10 am

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment