Archive for April, 2008

Hackers

ගොඩක් අය හිතන් ඉන්නෙ hacker කෙනෙක් උනාම අනික් අයගෙ passwords බිඳ දමල, ඔවුන් ගේ accounts වලට ඇතුල් වෙලා, බැන්කු වලින් සල්ලි අවශ්‍ය ලෙස ගත හැකි සිරා උදවිය ලෙසටයි. සමහර විට මෙයට ජනමධ්‍ය විසින් ලබා දෙන වැරදි වචන භවිතය නිසාත්, Hackers වැනි Hollywood විත්‍රපට මගින් අප වෙත තැන්පත් කර ඇති ආකල්ප නිසා මෙය සිදුවෙන්නට ඇත. නමුත් ඔවුන්ට වැරදුනේ එතනයි.

මන්ද, FOSS සහ geek ලොකයේ නම්, hackers ල කියන්නෙ තරමක් සිරා, නමුත් හොර වැඩ, නීති විරෙොධී වැඩ කරන උදවියට නම් නොවෙයි. අප මෙවන් පුද්ගලයන්ට කියන්නෙ crackers කියලයි.

Crackers ල වැඩ කරන්නේ ඔවුන්ගේ පවුද්ගලික වාසි තකා පමණයි. ඔවුන් බොහෙො දෙනෙක් ඇත්තටම hack එක වැඩ කරන අන්දම ගැන දන්නෙ නෑ. ඔවුන් දන්නේ වෙනත් අයකු සොයා ගත් දෙයින් වාසි ලබා ගැනීම පමණකි.

Hackers ල කියන්නේ ඊට හාත් පසින් වෙනස් අය. ඔවුන් යමක් කරන්නේ එක්කො දැනට වඩා කෙටි ක්‍රමයක් හොයා ගැනීමට ඇති අශාව හෙො, තමන් ගේ නිදහසට භාදාවක් වන දෙයක් මඟ හරවා ගැනීම හෙො මෙතෙක් නොකල ජාතියේ වැඩක් කිරීමෙන් ලැබෙන තෘප්තිය හා පිළිගැනීම වැනි කාරන නිසාය.

ඔබටත් hacker කෙනෙක් වීමට අවශ්‍ය නම් ඒ සඳහා මහන්සි වීමට සිදු වනු ඇත. පහත දැක්වෙන්නේ ඔබ ප්‍රගුන කළ යුතු එවැනි කාරණා කිහිපයකි. සම්පූර්ණ විස්තරයක් සඳහා ESR ගේ How to become a hacker FAQ ලිපිය කියවන්න.

Hacker කෙනෙක් ගේ ආකල්පය:

  • අලුත් ගැටලු විසඳීමට ඇති කැමත්තක්
  • නිකරුනේ කාලය ගත කරන වැඩ අචම කිරීම. උද: tv එක ඉස්සරහා පැය ගනන් ගත කිරීම. එවෙනුවට මනස ව්‍යයාම වන ප්‍රහේලිකා හෙො චෙස්, සුඩොකො වැනි ක්‍රිඩා වල යෙදීම
  • නිදහසට කැමැත්තක්. නිදහස වෙනුවෙන් කැපකිරීම් හො එය ලබා ගැනීමට උත්සහා කිරීම
  • තනියම ඉගෙන ගැනීමට කැමැත්ත. ඒකියන්නෙ තනියම class යන එක නොවේ :)

Hacker කෙනෙක්ගේ මූලික හැකියාවන්:

  • පරිගණක භාශා එකක් හො වැඩි ප්‍රමාණයක් දැන සිටීම. විශේෂයෙන්ම C/C++, Perl, Python, Bash Shell වැනි දේ දැන සිටීම
  • පරිගණක මෘදුකාංග සම්පදනය කිරීමේ හැකියාව තිබීම.
  • UNIX දැන සිටීම
  • Commandline එකේ වැඩ කිරීමේ හැකියවක් තිබීම
  • ඉන්ග්‍රිසි ප්‍රයෙොජනවත් තරමකට තේ රුම් ගැනීමේ සහ ලිවීමේ හැකියව

දැන් ඉතිං ඔබ දන්නව ඇති සිංහලෙන් ෆොස් පොඩ්කාස්ට් කියන්නෙ මොකක්ද කියලා. ඒත් තාමත් කුතුහලයක් තියනව නම් මේ වැඩේ ගැන, මේ ලිපිය කියවලා ඒකත් නැති කර ගන්න. අපේ පොඩකාස්ට්
එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.

සති දෙකකට වරක් ඔබ වෙත ගෙන එන මෙහි අපි FOSS ලෝකයේ අළුත් පුවත් ගෙන එනවා. Bud, Seejay එක්ක මමත් වැදගත් පුවත් හොයලා ඒ ගැන අපේ අදහස් එක්ක තවත් ගොඩක් කරුණු අපේ දැණුම
තරමින් කියනවා. ඒකයි අපේ පුවත් වල වෙනස. ඒ වෙනසට කවුරුත් කැමති ඇති කියන එකයි අපේ විශ්වාසය. අප ඇමතූ වැඩි දෙනෙක් ඒක අගය කරලත් තිබුනා.

දෙවනුව අපි සිදු කරන්නෙ තෝරා ගත් විශේෂ මාතෘකාවක් පිළිබඳ කථා බහ කිරීම. ඒක බොහෝ විට කාටත් එක වගේ වැදගත් මාතෘකාවක් වන විදියටයි අපි තෝරා ගන්නෙ. විශේෂ මාතෲකාවක් නැතිනම් අපි
විශේෂ කෙනෙක් සමග සාකච්ඡා කරනවා.

කාලය හසුරුවා ගනිමින් අලුත් අලුත් දේ කියා දෙන්නත්, අසන්නන්ගේ ගැටළු, ඉල්ලීම් වලට පිළිතුරු දෙන්නත් අපි කටයුතු කරනවා.

මෙහෙම තමයි දළ වශයෙන් අපි යන්නෙ. ඒ ගමනට ඔබේ දායකත්වය, මග පෙන්වීම අත්‍යවශ්‍යයි. අප සමග රැඳී සිටින්න.

එකෝමත් එක කාලෙක, එක්තරා සඟරාවක දුටු ප්‍රශ්නයක් මේක. මේක කාටත් ඇතිවෙන්න පුලවන් ප්‍රශ්නයක් නිසා පිළිතුරු දෙන්න සිත් වුනා. ඇත්තටම FOSS කියන්නෙ ලිනක්ස් විතරද?

නැහැ. කොහෙත්ම නැහැ. නිදහස් සහ විවෘත මෘදුකාංග හැම තැනම, හැම දේටම තියනවා. විනඩෝස් ගත්තත් මැක් ඕ.එස්. ගත්තත් ඒවටත් නිදහස් සහ විවෘත මෘදුකාංග තියනවා. හිතන්න ජනප්‍රිය FOSS
මෘදුකාංග කිහිපයක් ගැන. ෆයර්ෆොක්ස්, ඕපන් ඔෆිස්, ගිම්ප් මේ හැම එකක්ම ප්‍රධාන මෙහෙයුම් පද්ධති 3 ටම ගැලපෙන්න නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි වෙනත් බොහොමයක් FOSS මෘදුකාංගත්.

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙ ඉඳන් වුනත් ඔබේ වැඩ වලට අවශ්‍ය වගේම හොඳින් ගැලපෙන FOSS මෘදුකාංග සොයා ගෙන වැඩ කරන්න පුළුවන්.වැඩිමනත් වෙලාවට ඒවා නොමිලේම ලැබෙනවා. ඔබ පරිගණක
තාක්ෂණය හොඳින් දන්නවා නම් එම මෘදුකාංග ඔබට අවශ්‍ය ලෙස වෙනස් කර ගන්නත් පුළුවන්. මොන තරම් අගේද? මේ නිදහස නිසා තමයි FOSS මේ තරම් ජනප්‍රිය.

ග්නූ/ලිනක්ස් භාවිතය වඩා වැදගත් වෙන්නෙ ඇයි? කලින් කිවුව වාසි ටික ඔබට මෙහෙයුම් පද්ධතිය පැත්තෙනුත් ලබන්න පුළුවන් ග්නූ/ලිනක්ස් එක්ක. හරිම සරලයි.

නැත්නම් ඔබේ පරිගනකය අනතුරේ! ෆයර්ෆොක්ස් සංවර්ධකයන් පවසන ආකාරයට මෙම යාවත්කාල කිරීම මගින ඉතා වැදගත් ආරක්ෂක හිදැස් ගනනාවක් පිලියම් කර ඇති අතර. ඒවා අතර තිබි ඇතැම් දොෂ ඔබෙ පරිගනකයේ අරක්ෂාවට විශාල තර්ජනයක් විය හැකිය. ඔබත් දැන්ම මැරතන්‍ දිවීම පසෙක තබා මෙම නව සංස්කරණයට යාවත්කාල කරන්න!

ග්නූ/ලිනක්ස් සහ FOSS පොඩ්කාස්ට් එකතුවක් thelinuxlink.net වෙබ් අඩවිය තුලින් ලබාගත හැක. මෙහි පොඩ්කාස්ට් පිලිබඳ කෙටි විස්තරයක් සහ ogg සහ/හො mp3 බාගැනීමට අවශ්‍ය rss feed එකට link එකක්ද ලබා දී ඇත.

පොඩ්කාස්ට් බාගැනීමට බොහෙො නිදහස් සහ නිදහස් නොවන මෘදුකාංග ඇත. උදා: ලෙස Amarok, Banshee FOSS වන අතර iTunes FOSS නොවන ඝණයට වැටේ.

එහෙත් ඉහත කී මෘදුකාංග සියල්ල GUI ඇතුලත් ඒවාය. නමුත් මේ කියන්න යන්නේ Bash නැමති shell එක උඩම දුවන පොඩ්කාස්ට් එකතුකරන script ගැනයි - එනම් BashPodder.

BashPodder හි විශේෂයක් වන්නේ එය ලියා ඇත්තේද දැනටත වැඩිම කලක සිට පවතින ලිනක්ස් සම්බන්ධව ඇති පොඩ්කාස්ට් එක වන tlls - The Linux Link Tech Show එකේ මෙහෙයවන Linc නැමෙති කෙනෙක් විසින්ය.

Shell එකෙන් පොඩ්කාස්ට් බෑමේ ක්‍රියාවලිය ඉතා පහසුවෙන් cron මගින් ස්වයං ක්‍රීයව සිදුකර ගත හැකිවීම තවත් වාසියකි. ඒ සඳහා මෙම උපදෙස් යොදාගන්න:

$ mkdir podcasts
$ cd podcasts
$ wget http://lincgeek.org/bashpodder/bashpodder.shell
$ chmod +x bashpodder.shell
$ wget http://lincgeek.org/bashpodder/parse_enclosure.xsl
$ wget http://lincgeek.org/bashpodder/bp.conf

දැන් ඔබ කැමති පොඩ්කාස්ට් වල rss feeds ටික bp.conf තුලට ඇතුලත් කරන්න. එච්චරයි! අවශ්‍ය විට bashpodder.shell දුන්න

$ ./bashpodder.shell

ඉහත සඳහන් පරිධි cron එකක් මගින් දිනකට වරක් ඉබේම දුන්න පවා එය මෙලෙස යොදා ගත හැකිය.

$ crontab -e
22 4 * * * /home/bud/podcasts/bashpodder.shell

මෙවිට සෑමදාම උදේ 4:22 ට අලුත් episodes බා ගනු ඇත. වැඩි විස්තර සඳහා BashPodder වෙබ් අඩවිය බලන්න.

අළුතින් ග්නූ/ලිනක්ස් වලට එන අය හිතන්නෙ විධායක රේඛාව යකෙක් කියල නේද? ඒත් කලක් ලිනක්ස් භාවිත කරන අය වඩාත් කැමති විධායක රේඛාවට. හේතුව…?

හේතුව ඒක වෙනස්, ඒක වේගවත්. බොරු කියල හිතෙනව නම් කරලම බලන්නකෝ. දැන් කියල දෙන්නම් මූලිකම විධාන ටික.

ගොනු(files)/නාමාවලි(directories/folders) බලා ගැනීමට : ls

විධාන රේඛාවේ සිට ls යොදා බලන්න. ඔබ සිටින නාමාවලිය තුළ ඇති ගොනු/නාමාවලි සියල්ල පෙන්වයි.
ls -al මගින් වඩා විස්තරාත්මක ලැයිස්තුවක් පෙන්වයි.

ඔබ සිටින නාමාවලිය බලා ගැනීමට pwd යොදන්න. මෙහි අරුත print working directory යන්නයි.

ඔබ සිටින නාමාවලිය වෙනස් කිරීමට
cd /path_to_directory

මෙහි /path_to_directory යනු ඔබට යාමට අවශ්‍ය නාමාවලියේ පෙතයී. ඔබ සිටින නාමාවලිය තුළ ඇති වෙනත් නාමාවලියකට යාමට නම් මුලට / නොයොදා නාමාවලි පෙත ලබා දිය හැක.

mkdir විධානයෙන් ඔබට නව නාමාවලියක් සෑදිය හැකියි. මෙය make directory යන්නෙහි කෙටි යෙදුමයි.
mkdir

/directory_path යනු නව නාමාවලියෙහි පෙතයි.

උදා: mkdir newdir - ඔබ සිටින තැනම නව නාමාවලිය සාදයි.
mkdir newdir/foss - පෙර සෑදූ නාමාවලිය තුළ නව නාමාවලිය සාදයි.

touch විධානය මගින් නව ගොනුව්ක් සෑදිය හැක.

උදා: touch newfile.txt
touch newdir/newfile.txt

ගොනු සහ නාමාවලි පිටපත් කිරීම: cp - copy යන්නෙහි කෙටි යෙදුමයි.
cp /path_to_file /path_to_paste

මෙහි /path_to_file යනු පිටපත් කිරීමට අවශ්‍ය ගොනුවේ පෙතයි. /path_to_paste යනු පිටපත් විය යුතු නාමාවලියේ පෙතයි.

ගොනු පිටපත් කිරීමේදී සුළු වෙනසක් කළ යුතු අවස්ථා ඇත. ඒ පහත ලෙසය.
cp -R /path_to_directory /path_to_paste

පිටපත් කරන නාමාවලිය තුළ තවත් නාමාවලි ඇත්නම් මෙසේ කළ යුතු වෙයි.

ගොනු සහ නාමාවලි තැන් මාරු කිරීම: mv - move යන්නෙහි කෙටි යෙදුමයි.
mv /path_to_file /path_to_paste
mv -R /path_to_directory /path_to_paste

මෙහි සිද්ධාන්තයද cp හි සිද්ධාන්තයට සමානය.

mv මගින් ගොනු සහ නාමාවලි නම් වෙනස් කිරීම.
mv /path_to_file /same_path_with_new_name
mv -R /path_to_directory /same_path_with_new_name

පෙර පරිදිමය. එකම පෙත වෙනස් විය යුතු ගොනු/නාමාවලි නම සමග යෙදිය යුතුය.

මෙම මූලික කරුණු හොඳින් ප්‍රගුණ කරන්න.

ෆයර්ෆොක්ස් බ්‍රවුසරය විසින් ඔබගේ පරිගනකයේ මාතකය වැඩි ප්‍රමානයක් භාවිතා කරයි නම් මේ කුඩා උපක්‍රමය මගින් එය වලක්වා ගත හැකි වනු ඇති. ඔබ විසින් කල යුත්තේ about:config යන්න Address bar හි ටයිප් කර Enter එබීමයි.

ඉන් පසු filter යටතේ browser.cache යටතේ ඇති browser.cache.disk.capacity යන්න ඔබට අවශ්‍ය පරිදි වෙනස් කිරීමයි. මෙහි සාමාන්‍ය අගය 50000 වුවත් ඔබට අවශ්‍ය පරිදි එය අඩු හෝ වැඩි කල හැකියි. ඔබගේ පරිගනකයේ මතකය 512MB හා 1GB අතර නම් අගය ලෙස 15000 ලබා දීම උචිතය.

ගොඩක් Windows භවිතා කරන අය අසන ප්‍රශ්නයක්. ලිනක්ස් වල virus නැත්තෙම නැතිවුනත් එය නැති තරම්ය. ඒ කියන්නේ පසුගිය අවුරුදු 15 තුළ, අතේ ඇගිලි වලින් ගනන් කළ හැකි පමණක විතර වයිරස සංඛ්‍යයාවක් තමයි හදල තියෙන්නෙ. මෙයින් එකකටවත් විශාල හානියක් කිරීමට හැකිවී නැත.

ලිනක්ස් මෙලෙස සෑහෙන virus වලින් සුරක්‍ෂිත වීමට ප්‍රධාන හේතුවක් ලෙස එය භාවිතාකරන users ලගෙ සංස්කෘතිය සහ ක්‍රියා කලාපය ප්‍රධාන තැනක් ගනී. උදා: Windows වල බොහො දෙනෙක් ඉන්නෙ Admin විධියට. ඒම නිසා  දන්නෙම නැතුව spyware, virus වැනි දෑ ස්ථාපිත කිරීම පහසියි. එවිතරක් නොව, ‌Windows users ල, සමහරු නොසැලකිලිමත් ලෙස e-mail attachment විවෘත කිරීමට පුරුදු වූ සිටිති.

හැබැයි ලිනක්ස් වල නම් වැරදිලාවත් ඕන්නැති මෘදුකාංග root අවසරයක් නොමැතිව ස්ථාපිත කර ගත නොහැක. එයින් විශාල හානියක් මඟ හරවා ගත හැක.

user හැරුනහම ලිනක්ස් පද්ධතිය නිදහස් සහ විවෘත මෘදුකාංග (Free/Open Source) වීම ඉතා වැදගත් සාදකයකි. මන්ද සංවෘත මෘදුකාංග (closed source) මෙන් නොව, එම මෘදුකාංගය ලියූ අයට අමතරව, ඕනෑම කෙනෙකුට එය ලිවීමේදී සිදු වූ දෙොෂ (bugs) දැක බලා, නිවේදනය කොට, කැමති නම් සෑදීම පවා කළ හැක. Windows වල බොහෙො විට සිදු වෙන්නේ නරක පුද්ගලයින් විසින් දෙොෂ සොයා ගැන එය උපයෙොගිකර ගැනීම. එවැනි දෙොෂ සෑදිය හැක්කේ, එම මෘදුකාංගය ලිවූ සාමාගමට විතරයි.

ඉතින් මෙම හේතු ඇතුලු වෙනත් හේතු නිසා ග්නූ/ලිනක්ස් වඩාත්ම සුරක්‍ෂිත OS එකක් ලෙස සැලකිය හැක.

ඔබ ග්නූ/ලිනක්ස් වලට නවකයෙක් නම් එක වරම වින්ඩෝස් දීගෙ කඩන්න බැහැ නේද? ලිනක්ස් දාල දෘඩ තැටි ධාවකය අපතෙ ගියා කියල හිතුනද? එහෙනං මෙන්න ඒකටත් බේත…

නිදහස් මෘදුකාංගයක් තියනව ext2fs කියල. ඒකෙන් වින්ඩෝස් වල ඉඳන් ලිනක්ස් බෙදුම් (partitions) බලන්න/ලියන්න පුළුවන්.
ඔබ ග්නූ/ලිනක්ස් වලට නවකයෙක් නම් එක වරම වින්ඩෝස් දීගෙ කඩන්න බැහැ නේද? ලිනක්ස් දාල දෘඩ තැටි ධාවකය අපතෙ ගියා කියල හිතුනද? එහෙනං මෙන්න ඒකටත් බේත…

නිදහස් මෘදුකාංගයක් තියනව ext2fs කියල. ඒකෙන් වින්ඩෝස් වල ඉඳන් ලිනක්ස් බෙදුම් (partitions) බලන්න/ලියන්න පුළුවන්.

ext2fs භාගත කර ගෙන ඔබේ වින්ඩෝස් වල පිහිටුවා ගන්න(install). දැන් පාලක පුවරුවට(control panel) ගිහින් එහි ඇති ext2fs මගින් ඔබේ ලිනක්ස් බෙදුමට ධාවක නාමයක්(drive letter)
තෝරන්න. එච්චරයි. ප්‍රශ්න ඇත් නම් comments වල ලියන්න.
ext2fs භාගත කර ගෙන ඔබේ වින්ඩෝස් වල පිහිටුවා ගන්න(install). දැන් පාලක පුවරුවට(control panel) ගිහින් එහි ඇති ext2fs මගින් ඔබේ ලිනක්ස් බෙදුමට ධාවක නාමයක්(drive letter)
තෝරන්න. එච්චරයි. ප්‍රශ්න ඇත් නම් comments වල ලියන්න.

Page 3 of 5«12345»