Archive for April 19th, 2008

19
Apr

LAMP ස්ථාපිත කිරීම

   Posted by: bud   in Blog

ලෑම්ප් වෙබ් අඩවි නිපදවීමෙදී ඉතා ජනප්‍රිය විසඳුමක් ලෙස සැලකේ. LAMP යනු Linux (ලිනක්ස්), Apache (අපැචි වෙබ් සවරය), MySQL (මයි එස්කියු ඇල් දත්ත ගබඩා සවරය) සහ PHP භෂාව යන දේ කෙටි කිරීමකි.

ඉතින් LAMP Debian හො Ubuntu වල ස්ථාපිත කිරීමට මෙ දේ කල යුතුය

# apt-get install apache2
# apt-get install php5 libapache2-mod-php5
# apt-get install mysql-server

එච්චරයි! වෙබ් අඩවිය නැවතත් ආරම්භ කරන්න
/etc/init.d/apache2 restart

ඔයාලා ගොඩක් අය දන්නවානේ twitter? අපි කරන වැඩ ගැන යාළුවන් දැනුවත් කරන්න පුලුවන් නියම ක්‍රමයක් තමයි twitter කියන්නේ. Web එකේ විතරක් නෙමේ twitter අපිට අපෙ ජංගම දුරකථන එක්කත් භාවිතා කරන්න පුලුවන් හරිම විනෝදජනක දෙයක්.

අපි එදිනෙදා කරන වැඩ twitter කරන්නේ එක්කෝ http://twitter.com එකට බ්‍රවුසර් එකෙන් ගිහිල්ලා නැත්නම් අපේ දුරකථනයෙන SMS එකක් යවලා නේ. හැබැයි අද අපි කරන්න හදන්නේ ඒ එකක්වත් නෙමේ. අද අපි twitter කරන්න හදන්නේ විධාන රේඛාවේ ඉඳගෙනයි. ඒකට අපි භාවිතා කරන්නේ ලිනක්ස් වල තියන wget කියන විධානයයි. මෙන්න මෙ පේලිය විධාන රේඛාවේ යතුරු කරලා Enter කරන්න විතරයි ඔයාලාත තියෙන්නේ. හැබැයි මතක තියාගන්න, මෙකෙ තියන YOURUSERNAME කියන තැනට ඔයාගේ twitter name එකයි YOURPASSWORD කියන තැනට password එකයි. YOUR NEW STATUS කියන තැනට ඔයාලාට කියන්න තියන දෙයයි ලියන්න.

wget -O - –user=YOURUSERNAME –password=YOURPASSWORD –post-data=”status=YOUR NEW STATUS HERE ” https://twitter.com/statuses/update.xml

තවත්‍ එකක්! විධාන රේඛාවෙන් twitter කරන ගමන් Bud, chanux, seejay :twisted: කියන සිංහලෙන්FOSS geeksලා තුන්දෙනාවත් follow කරන්නනම් අමතක කරන්න එපා :D ඇයි සිංහලෙන්FOSS twitter නඩය? :D

19
Apr

APT කෙටියෙන්

   Posted by: bud   in Blog

apt යනු Debian ග්නූ/ලිනක්ස් පද්ධතියේ පැකේජ සමග වැඩ කිරීමට යොදාගන්නා පද්ධතියයි. Debian විතරක් නොව, Debian මත සෑදුනු බොහො ඩිස්ට්‍රො ඇති අතර ඒවා සියල්ලෙම apt දැකගත හැක. ඊට අමතරව Redhat/Fedora වලද apt ස්ථාපිත කර ගත හැකි වේ. ඉතින් දැන් බලමු apt දෙස.

apt එකෙන් පැකේජ ලබා ගත හැකි උල්පත් (apt resources) සඳහන් කිරීමට ඒවා /etc/apt/sources.list නැමති ලිපිය තුල ඇතුලත් කරන්න.
# vi /etc/apt/sources.list

deb http://sinhala.sourceforge.net/ubuntu/i386/gutsy/ ./

විටින් විට apt හි ඇති පැකේජ ලැයිස්තුව අලුත් කල යුතුය. ඒ සඳහා
# apt-get update

apt හි ඇති පැකේජ ලැයිස්තුවෙන් පැකේජයක් සොයා ගැනීම මෙලෙස කළ හැක
# apt-cache search apache2
# apt-cache search apache2 php5

පැකේජයක් ස්ථාපිත කර ගැනීමට
# apt-get install apache2

පැකේජයක් තම පද්ධතියෙන් ඉවත් කර ගැනීමට
# apt-get remove apache2
# apt-get –purge remove apache2

මුලු පද්ධතියේ ස්ථාපනය කර ඇති සියලු පැකේජ අලුත් version බවට පත් කිරීමට
# apt-get dist-upgrade

යම් කිසි පැකේජ ඝට්නයක් නිසා දෙොශයක් වූ විට එය සැදීමට
# apt-get -f install

පෙර භාගත් පැකේජ .debs /var/cache/apt/archives තුලින් මැකීමට
# apt-get autoclean

අනවශ්‍ය භාවිතා කළ නොහැකි පැකේජ ඉවත් කිරීමට
# apt-get autoremove

සිංහල බ්ලොග් මැරතන් එක පටන් ගත් වෙලේ ඉඳන් මේ වෙන කල් අපි තුන් දෙනාම දිව්වා. ඇත්තටම හොඳ අත්දැකීමක්. sinhalenfoss.org එකෙන් බ්ලොග් මැරතන් එකට දීපු දේවල් ඉතා වැදහත් කියල සතුටු වෙන්න පුළුවන්. රටටම ව්දගත් වෙන වැඩක් මේ වගේ විනෝදෙන් කරන්න ලැබීම භාග්‍යයක්. ඒකට අප මැරතන් සංවධායකයන්ට ස්තුති කරනවා.

coke, pizza වලට පිං සිද්ධ වෙන්න දවසම දිව්වා. දැන් නම් ඇත්තටම ටිකක් අමාරුයි. මැරතන් එක ඉවර වෙන්ත ළඟයිනෙ.seejay ටයි මටයි විභාගෙකුත් ළඟ එනවා. Bud ටත් රාජකාරි වැඩ.දැන් ගෙදර ගිහින් ගණිතය පැවරුමක් කරනවා හෙට භාර දෙන්න. අන්තිම දවස හෙට :) . මේ ජර මර අස්සෙත් කොහොම හරි දිව්වෙ හොඳ වැඩක් කියල හිතුන නිසයි. අපි අපේ උපරිමය මවර ‘සිංහලයට’ දුන්නා. අඩු පාඩු ඇත් නම් සමා වෙන්න.

මගේ මිතුරන් දෙදෙනාටත් (bud,seejay) ස්තුති කරන ගමන්ම ඔන්න එහෙනං කාටත් ආයුබොවන් කියලා අදට සමු ගන්නවා. ඉදිරියටත් අපි එක්ක ඉන්න.
මම Chanux.

19
Apr

ටර්මිනේටර් ගේ වැඩකිඩ

   Posted by: seejay   in Blog

අපි FOSS ගැන කතා කරනවා කියලා මුසාවාදා දෙසාබාලා වෙන වෙන දේවල් ගැන දොඩවනවා කියලා සමහරුන්ට තරහා ගිහිල්ලත් ඇති :-S තරහා ගන්න එපා! :D පොඩ්ඩක් අපි කියන දේවල් මොනවාද කියාලා සාවදානව බලන්න :P අපි මෙ sinhalenFOSS එකෙන් Terminator ගැන කියන්න හිතුවේ ඇත්තටම එකේ තියන මරු වැඩ කෑලි දැකලා. මොකද්‍ද දන්නවද ටර්මිනේටර්ට පුලුවන්‍ සිරාම වැඩේ??? එයාට පුලුවන් Gnome Terminal වින්ඩෝ එක කෑලි කෑලි කරන්න :D බොරු නෙමේ!!! සිරාවට! දැක්කම බයේ බෑ අපි වෙඩි විස්තර කියන්නේ මොකටද? ඔයගොල්ලෝම ආස්සරේ කරලා බලාගන්නකෝ! ටර්මිනේටර්ව හොයාගන්න මෙන්න මෙතනට යන්න.

කම්මැලි වෙලාවට කරන්න පොඩ් විනෝද වැඩක් මේක. හැබැයි මේකට අන්තර්ජාල සබඳතාව නම් ඕනෑ…

විධාන රේඛාවේ පහත පරිදි සතහන් කරන්න.
$ telnet towel.blinkenlights.nl

දැන් ඉතින් බලන් ඉන්න තියෙන්නෙ.

මේකෙන් ඉවත් වෙන්න ctrl+] තද කරන්න.

බොහො දෙනෙක් අසන ශ්‍රව්‍යය ලිපි නිමැවුමක් ලෙස mp3 සැලකුවද, එහි නීතිමය ගැටලුවකට තුඩු දී ඇති පේටන්ට්‍ නිති නෙසා නිදහසේ භාවිතා කළ හැක. මෙනිසා නිදහස් මෘදුකාංග කරන උදවිය පේටන්ට් වලින් නිදහස් ogg ශ්‍රව්‍යය ලිපි නිමැවුම දෙස යොමුවීමක් දක්නට ලැබේ. ogg භාවිතයේ දී අත්වන තවත් වාසියක් නම් එය තාක්‍ෂණික ලෙස mp3 වලට වඩා උසස් වීමයි. එනම් අඩු ප්‍රමානයක ඉඩක් ගනිමින් වැඩා ගුනාත්මක ශ්‍රව්‍යය තත්වයක් ලබා ගත හැකි වීමය.

ඉතින් මුලින්ම කියන්න යන්නේ mp3 වල සිට ogg වලට මාරුවන්නේ කෙසේද යන්න ගැනයි. ඒ සඳහා oggenc විධානය යොදා ගත හැක. එය නැතිනම් පහසුවෙන්ම ස්ථාපිත කර ගත හැක.

# apt-get install vorbis-tools

මුලින් mp3 එක wav බවට පත් කළ යුතුය
$ mpg123 file.mp3 -w file.wav

ඉන් පසුව wav එක ogg බවට පත් කළ හැක.
$ oggenc -o file.ogg file.wav

තවත් පහසු ක්‍රමයක් නම් mp32ogg පැකේජය ස්ථාපිත කර ගැනීම.

# apt-get install mp32ogg
$ mp32ogg file.mp3 file.ogg

දැන් ඉතින් ogg අසන්නට ක්‍රම කිහිපයක් තිබේ. Commandline එකෙන්නම් කරන්නෙ

$ ogg123 file.ogg

ogg පිළිබඳ වැඩි විස්තර සඳහා මෙම ලිපිය බලන්න.

ලිනක්ස් විධාන රේඛාවේ ‘අ’ යන්න පෙරදී කිව්වා මතක ඇති. තාම හරියට කියා ගන්න බැරි නම් තව පුහුණු වලා එන්න. පුළුවන් උදවියට මෙන්න ‘ආ’ යන්න.

විශේෂ දෙයක් පළමුවෙන්…cp,cd,mv කරන විට දීර්ඝ පෙත්(path) නම් යතුරු කරන්නට(type) වීම මහා කරදරයක්. එය මග හරවන මහා ඔත්තුව මෙන්න.
ඔබ යතුරු කර ගෙන යන විට යතුරු පුවරුවේ TAB යතුර තද කරන්න ඔබ ඒ වන විට ඇතුළත් කර ඇතී පෙත් නම සම් පූර්ණ වනු ඇත. මෙය පුරුදු වූ විට මහා පහසුවක් ගෙන දේවි.

පරිගණකයේ නිදහස් ඉඩ(free disk space) බලා ගැනීමට..
$ df -h

ඔබට අවශ්‍ය ධාවකයේ ඉඩ බලා ගැනීමට නම්
$ df /path_to_drive

මෙහි /path_to_drive යනු අවශ්‍ය ධාවකය මවුන්ට් වී ඇති කවරයයි(directory)
උදා: df /media/hda1

පරිගණක සකසනයේ(processor) විස්තර බලා ගැනීමට..
$ cat /proc/cpuinfo

එමෙන්ම මතක විස්තර බලා ගැනීමට..
$ cat /proc/meminfo

පරිගණකයේ දැනට ධාවනය වන වැඩසතහන් වල තොරතුරු බලා ගැනීමට..
$ ps -aux

මතක භාවිතය අනුව වැඩසටහන් පෙළ ගැස්වීමට..
$ top

පරිගණකය ප්‍රතිපණ ගැන්වීමට..
පළමුව රූට් (root) පරිශීලක වන්න
$ su - යොදා රහස් වචනය දෙන්න
පසුව
# reboot

පරිගණකය වසා දැමීමට..
පළමුව රූට් (root) පරිශීලක වන්න
$ su - යොදා රහස් වචනය දෙන්න
පසුව
# halt

වැහුව නේද? දැන් මොනව කරන්නද? පසුව හමු වෙමු!

19
Apr

මිනිසාගෙන් උදව්

   Posted by: bud   in Blog

යුනික්ස් භාවිතයේදී commandline එකේ බොහෙො විධානයන් ඇත. ඒවා භාවිතා කරන අයුරු දැනගැනීමට ඇති වැදගත් විධානයක් නම් man ය. man ගෙන් විධානයක් ගැන ඇසිය හැක.

$ man ls
$ man cp
$ man man

මෙහි අන්තිම උදාහරණයෙන් දැක්වෙන්නේ man විධානය භාවිතා කරන ආකරය පැහැදිලි කිරීම man විසින්ම ඇසීමයි.

man චලට අමතරව info මගින් ද ඇතම් විධාන ගැන උදව් ලබා ගත හැකිය. සාමන්‍යයෙන් man වලට වඩා තේරුම් ගැනීමට පහසු ආකාරයකින් info පිටු ලියා ඇත.

$ info ls
ඔබට යම් කාර්‍යක් කිරීමට අචශ්‍ය විධානය නොදැන්නේ නම් එය man දත්ත ගබඩාවෙන් සොයා ගැනීමට apropos යොදා ගත හැකිය.

$ apropos copy

19
Apr

Swap file සැදීම

   Posted by: bud   in Blog

වින්ඩෙොස් වල pagefile.sys මෙන් නොව ලිනක්ස් චල සාමන්‍යයෙන් භාවිතා කරන්නේ swap partition නම් වෙනමම දෘඩුකාංග බෙදුමකි. නමුත් ඔබට එවැනි ස්තීර දෘඩුකාංග බෙදුමකි වෙන් කළ නොහැකිනම්, වින්ඩොස් වල මෙන් ලිනක්ස් වලද swap file එකක් සාදා ගත හැකිය.

මේසඳහා මුලින්ම අවශ්‍ය පමනක ඉඩැති හිස් ලිපියක් සාදා ගනිමු.
# dd if=/dev/zero of=/swapfile.img bs=1G count=1

ඉහත විධානයෙන් 1GB ලිපියක් සෑදෙනු ඇත. ඉන් පසු එය swap file එකක් ලෙස format කළ යුතුය.
# mkswap /swapfile.img

අවසාන වශයෙන් swap භාවිතය ආරම්භ කළ යුතුය.
# swapon /swapfile.img

මෙය පරිගනකය පටන් ගැනීමෙදි ඉබේම සිදුකිරීමට නම් /etc/fstab තුලට ඇතුලත් කළ යුතුය.

# vi /etc/fstab

/swapfile.img    none    swap    sw    0    0

Page 1 of 41234»