අපි ගොඩක් දෙනෙක් පරිගණකය භාවිතා කරන කාලයෙන් වැඩි වෙලාවක්‍ ගත කරන්‍නේ ෆයර්ෆොක්ස් බ්‍රව්සරය ඇතුලේ නේද? ඔව්‍! අපි ආසම විනොදාශ්වාද වෙබ්‍ අඩවි වගෙම අපිට ඉතා ප්‍රයොජනවත්‍ වන ජී මේල්‍ යාහූ! වගේ වෙබ අඩ්විත්‍ අපි ෆයර්ෆොක්ස් ඇතුලේ විවෘත කරනවා ඔය අතරේ ෆයර්ෆොක්ස් ඇතුලේ තවත් ෆයර්ෆොක්ස් කෙනෙක් විවෘත කරන්‍න පුලුවන්‍ පොඩි මැජික් එකක් තමයි මෙ කියලා දෙන්නට හදන්‍නේ. මැජික් කිව්වට මැජික් එකක්‍ම නෙමේ. මෙක පිටිපස්සේ තියන තාක්ෂනය ගැන අපි වෙන ලිපියකින්‍ කියලා දෙන්‍නම්‍. එතකන් ඔයාලාට කරන්න තියෙන්න මෙන්න මේ විධානය ඔයාලාගෙ ෆයර්ෆොක්ස් Address Bar එක ඇතුලට පිටපත් කරලා Enter බොත්තම ඔබන එකයි.

chrome://browser/content/browser.xul

Firefox inside Firefox

පුංච් අවවාදයක්‍:

ෆයර්ෆොක්ස් ඇතුලේ මෙක වැඩ කරන එක නම්‍ අපිට ශුවර්! හැබැයි ඉනටර්නෙට් එක්ස්‍ප්‍ලොරර් ඇතුලේ මෙවා කරන්‍න ගිහිල්‍ලා වැඩ වරද්දගන්‍නවා එහෙම නෙමෙයි 😛

18
Apr

ටෙලිපති රාමුව

   Posted by: siraj   in Blog

ටෙලිපති යනු සන්නිවෙදන මුරුදුකාන්ග රාමුවකි (http://telepathy.freedesktop.org). මෙය බාවිතා කර msn/yahoo/gtalk වෙනි  Services සමග වැඩකරන මුරුදුකාන්ග ඔට තනාහත හැක.

එය freedesktop සම්මුතිය යටතෙ කරන ලද්දකි. එමනෙසා වඩා පහසුවෙන් නොයකුත් මෘදුකාංග වලට මෙම chat සේවාවන් සමග සම්බන්ධ විය හැක. දැනටමත් Gnome, Kde, xfce, e17 වැනි desktop පද්ධති ටෙලිපති භාවිතා කරන්න පටන් ගෙන ඇත.

ඔබ ලිනක්ස් භාවිතා කර සංහලෙන් ලිවීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් පහත සඳහන් උපදෙස් පිලිපදින්න.

* ඔබේ ලිනක්ස් පද්ධතිය Fedora නම් ඔබ වාසනා වන්තයි. එහි ඇති නව පැකේය එකතුකරන මෘදුකාංගය මගින් එය පහසුවෙන්ම තොරා ගත හැකිය.

නැතහොත් commandline එකෙ root හැටියට මෙම විධායකය දෙන්න

# yum install fonts-sinhala m17n-db-sinhala scim-m17n

* ඔබේ ලිනක්ස් පද්ධතිය Debian, Ubuntu හො වෙනත් Debian මත සැදූ එකක් නම් පහත දැක්වෙන ලෙස /etc/apt/sources.list එකට මෙ දේ ලියන්න.

ඔබ දුන්නේ

Debian Stable නම්
deb http://sinhala.sourceforge.net/debian/i386/etch/ ./

Debian testing නම්
deb http://sinhala.sourceforge.net/debian/i386/lenny/ ./

Ubuntu 7.10 නම්
deb http://sinhala.sourceforge.net/ubuntu/i386/gutsy/ ./

ඔබ දුවන Debian වර්ගය නොදන්නේ නම් මෙම විධායක commandline එකේ දී බලන්න
$ lsb_version -a
$ cat /etc/debian_version

ඉන් පසුව root user ලෙස ස්ථාපිත කිරීමට පහත විධායක දෙන්න.

අප පැකේජ දත්ත ගබඩාව (package database) අලුත් කිරීමට commandline එකෙ මෙම විධායකය දිය යුතුයි.

# apt-get update

පැකේජ ස්ථාපිත කිරීමට
# apt-get install sinhala-gnu-linux

කොකටත් පරිගණකය නැවත ඇරඹීම උචිතයි.

වඩා අලුත් විස්තර සඳහා “සිංහල ලිනක්ස් ක්‍රමලේකනය” බලන්න.

ඉතින් දැන් සිංහල ලියන්නට අවශ්‍ය වූවිට Ctrl + Space යතුරු ඔබන්න. එවිට ඔබට “අ Sinhala” තොරා ගත හැකි වන ලෙස popup එකක් හෙො system tray icon එකක් මතුවනු ඇත.

මෙහි අකුරු ලිවීමේදි සඳහා පහත වගුව හෙොඩුවාවක් ලෙස භාවිතා කරන්න. මන්ද මෙමගින් install වන lklug phonetic යතුරු පූරුව ශබ්දය අනුව සැකසූ එකක් වන බැවින් පහසිවෙන් ඉගෙන ගත හැකිය.

18
Apr

පලාස්මා

   Posted by: siraj   in Blog

පලාස්මා යනු KDE (http://www.kde.org) පාදතිය හදුනවා දෙන අලුතම අන්ගයයි. පරදාන අරමුන වනුයෙ Web Services , Desktop එකට ගෙන ඒමයි. මෙම නිසා, ඔබට අවශය තොරතුරු ශනික ලෙස ලබා ගත හකි වෙ. java script බාවිතයෙන් Desktop එකෙහි කරියාකාරිත්වය පාලනය කල හzකිය.

ඔබ ලිනක්ස් ගැන අසා ඇති නමුත් තවමත් එයට යොමුවීම උචිත දැයි සිතමින් ඉන්නවා නම් මෙම ලිපියෙන් උපවහලක් වේ යැයි සිතමි.

ඔබ පරිගණක සමග අත්හදා/සොයා බැලීම් කිරීමට කැමති අයෙකු නම් ලිනක්ස් පද්ධතිය ඉතා ප්‍රයෙොජනවත් වනු ඇත. මෙයට ප්‍රධාන හේතුව නම් එය විවෘත මෘදුකාංග (Open Source) වීම. එනම් ඔබට OS එය ක්‍රියාත්මක වන අන්දම හැකිපමණින් අධ්‍යයනය කළ හැක.

තවත් වාසියක් නම් එය අනිකුත් විධායක පද්ධතිමෙන් නොව, ඉතා වැඩියෙන් සුසර (customize/tune) කළ හැකි වීමයි. ඒකියන්නෙ ඔබට සවරයක් දිවීම සඳහා GUI අවශ්‍ය නැති නම්, එය off කළ හැක. ඔබට 3D game එකක් සෙල්ලම් කිරීමේදී එය සඳහා උපරිම RAM ලබා ගැනීමට අඩු බරැති Window manager, එනම් gui පද්ධතියක් දිවිය හැක. මෙලෙස ඔබේ වැඩේට සරිලනසේ පුදුමාකාර ලෙස ලිනක්ස් සුසර කර ගත හැකිය.

ලිනක්ස් වල දක්නට ලැබෙන තවත් වාසියක් නම් ඉතා ඉක්මනින් එය දියුනු වීමයි. අවුරුදු 5ක් වැනි කාලයක් බලා සිටිනවා වෙනුවට, දින, සති හෙො මාස කිහිපයක් ඇතුලත ලිනක්ස් සෙමින් සෙමින් වැඩි දියුනුවට පත් වේ. මේ නෙසා ලිනක්ස් භාවිතා කරන බොහො දෙනා අශාවෙන් අනාගතය දෙස බලා සිටින ආකාරයක් දැක ගත හැකිය.

ඉතින් ඔබත් ජීවිතයෙන් අලුත් දේවල් වලට කැමති නම්, එසේම කම්මැලි නැතිව පරිගණක ගැන ගවේශණය කිරීම කැමති නම්, එසේත් නැතිනම් එය තමන් කැමති ආකරයට සුසර කිරීමට කැමති නම්, ඔබේ ඊලඟ OS එක ලිනක්ස්ම විය යුතුය.

Page 19 of 21« First...10...1718192021