ෆයර්ෆොක්ස් බ්‍රවුසරය විසින් ඔබගේ පරිගනකයේ මාතකය වැඩි ප්‍රමානයක් භාවිතා කරයි නම් මේ කුඩා උපක්‍රමය මගින් එය වලක්වා ගත හැකි වනු ඇති. ඔබ විසින් කල යුත්තේ about:config යන්න Address bar හි ටයිප් කර Enter එබීමයි.

ඉන් පසු filter යටතේ browser.cache යටතේ ඇති browser.cache.disk.capacity යන්න ඔබට අවශ්‍ය පරිදි වෙනස් කිරීමයි. මෙහි සාමාන්‍ය අගය 50000 වුවත් ඔබට අවශ්‍ය පරිදි එය අඩු හෝ වැඩි කල හැකියි. ඔබගේ පරිගනකයේ මතකය 512MB හා 1GB අතර නම් අගය ලෙස 15000 ලබා දීම උචිතය.

ගොඩක් Windows භවිතා කරන අය අසන ප්‍රශ්නයක්. ලිනක්ස් වල virus නැත්තෙම නැතිවුනත් එය නැති තරම්ය. ඒ කියන්නේ පසුගිය අවුරුදු 15 තුළ, අතේ ඇගිලි වලින් ගනන් කළ හැකි පමණක විතර වයිරස සංඛ්‍යයාවක් තමයි හදල තියෙන්නෙ. මෙයින් එකකටවත් විශාල හානියක් කිරීමට හැකිවී නැත.

ලිනක්ස් මෙලෙස සෑහෙන virus වලින් සුරක්‍ෂිත වීමට ප්‍රධාන හේතුවක් ලෙස එය භාවිතාකරන users ලගෙ සංස්කෘතිය සහ ක්‍රියා කලාපය ප්‍රධාන තැනක් ගනී. උදා: Windows වල බොහො දෙනෙක් ඉන්නෙ Admin විධියට. ඒම නිසා  දන්නෙම නැතුව spyware, virus වැනි දෑ ස්ථාපිත කිරීම පහසියි. එවිතරක් නොව, ‌Windows users ල, සමහරු නොසැලකිලිමත් ලෙස e-mail attachment විවෘත කිරීමට පුරුදු වූ සිටිති.

හැබැයි ලිනක්ස් වල නම් වැරදිලාවත් ඕන්නැති මෘදුකාංග root අවසරයක් නොමැතිව ස්ථාපිත කර ගත නොහැක. එයින් විශාල හානියක් මඟ හරවා ගත හැක.

user හැරුනහම ලිනක්ස් පද්ධතිය නිදහස් සහ විවෘත මෘදුකාංග (Free/Open Source) වීම ඉතා වැදගත් සාදකයකි. මන්ද සංවෘත මෘදුකාංග (closed source) මෙන් නොව, එම මෘදුකාංගය ලියූ අයට අමතරව, ඕනෑම කෙනෙකුට එය ලිවීමේදී සිදු වූ දෙොෂ (bugs) දැක බලා, නිවේදනය කොට, කැමති නම් සෑදීම පවා කළ හැක. Windows වල බොහෙො විට සිදු වෙන්නේ නරක පුද්ගලයින් විසින් දෙොෂ සොයා ගැන එය උපයෙොගිකර ගැනීම. එවැනි දෙොෂ සෑදිය හැක්කේ, එම මෘදුකාංගය ලිවූ සාමාගමට විතරයි.

ඉතින් මෙම හේතු ඇතුලු වෙනත් හේතු නිසා ග්නූ/ලිනක්ස් වඩාත්ම සුරක්‍ෂිත OS එකක් ලෙස සැලකිය හැක.

ඔබ ග්නූ/ලිනක්ස් වලට නවකයෙක් නම් එක වරම වින්ඩෝස් දීගෙ කඩන්න බැහැ නේද? ලිනක්ස් දාල දෘඩ තැටි ධාවකය අපතෙ ගියා කියල හිතුනද? එහෙනං මෙන්න ඒකටත් බේත…

නිදහස් මෘදුකාංගයක් තියනව ext2fs කියල. ඒකෙන් වින්ඩෝස් වල ඉඳන් ලිනක්ස් බෙදුම් (partitions) බලන්න/ලියන්න පුළුවන්.
ඔබ ග්නූ/ලිනක්ස් වලට නවකයෙක් නම් එක වරම වින්ඩෝස් දීගෙ කඩන්න බැහැ නේද? ලිනක්ස් දාල දෘඩ තැටි ධාවකය අපතෙ ගියා කියල හිතුනද? එහෙනං මෙන්න ඒකටත් බේත…

නිදහස් මෘදුකාංගයක් තියනව ext2fs කියල. ඒකෙන් වින්ඩෝස් වල ඉඳන් ලිනක්ස් බෙදුම් (partitions) බලන්න/ලියන්න පුළුවන්.

ext2fs භාගත කර ගෙන ඔබේ වින්ඩෝස් වල පිහිටුවා ගන්න(install). දැන් පාලක පුවරුවට(control panel) ගිහින් එහි ඇති ext2fs මගින් ඔබේ ලිනක්ස් බෙදුමට ධාවක නාමයක්(drive letter)
තෝරන්න. එච්චරයි. ප්‍රශ්න ඇත් නම් comments වල ලියන්න.
ext2fs භාගත කර ගෙන ඔබේ වින්ඩෝස් වල පිහිටුවා ගන්න(install). දැන් පාලක පුවරුවට(control panel) ගිහින් එහි ඇති ext2fs මගින් ඔබේ ලිනක්ස් බෙදුමට ධාවක නාමයක්(drive letter)
තෝරන්න. එච්චරයි. ප්‍රශ්න ඇත් නම් comments වල ලියන්න.

මවුන්ට් කිරීමේ පස් පංගුවම පසුගිය ලිපියකින් කියා දුන්නා මතක ඇති. නැත්තං දැං වත් ගිහින් බලන්න මෙන්න සබැඳිය. පෙර ලිපියෙන් පොරොන්දු වූ පරිදි මෙන්න CD/DVD .iso කරන මන්තරේ…

mkisofs -o /path_to_.iso /path_to_optical_drive

මෙහි /path_to_.iso යනු ඔබ සාදන/සෑදීමට යන .iso ගොනුවේ පෙතයි(path). එමෙන්ම /path_to_optical_drive යනු ඔබ .iso කිරීමට අවශ්‍ය CD/DVD එක මවුන්ට් කර ඇති
කවරයේ (directory/folder) පෙතයි.

මා මෙය කරන තව ක්‍රමයක් කියන්නම්…
dd if=/path_to_.iso of=/path_to_optical_drive

මේව කරල වැඩ වරද්දගෙන නං අපිව හොයන්න එපා ඕං… 😉 වරදින්නෙ නැති නිසයි කිව්වෙ…

ෆයර්ෆොක්ස් බ්‍රවුසරය සම්මත තත්වයෙදි සුසර කරලා තියෙන්නේ Dial Up සඹදතා භාවිතා කරන්නන් වෙනුවෙනුයි. අධිවේගී BroadBand භාවිතා කරන්නන්ට එහි උපරිම ඵල නෙලාගන්න අපි මේ කියලා දෙන්න යන උපායන් වෙදගත්‍ වෙයි කියලා හිතනවා. හරි මෙන්න මෙකයි කරන්න තියෙන්නේ.

ෆයර්ෆොක්ස් Address Bar එකේ about:config කියලා ලියලා Enter බොත්තම ඔබන්න

එතන තියන filter කියන තැන network.http කියලා ටයිප් කරන්න ඊට පස්සේ පහත තියන විදියත වෙනස්කම් කරන්න.

network.http.pipelining කියන එක true කරන්න.

network.http.proxy.pipelining කියන එකත් true කරන්න.

network.http.pipelining.maxrequests කියන තැනට 30 විතර දමන්න. ඒ මඟින් ෆයර්ෆොක්ස් බ්‍රවුසරයට එකවර ඉල්ලීම් 30 කරන්න හැකියාව ලැබෙනවා.

ඊලඟට ඔනෑම තැනක මවුස් එකේ දකුනු බොත්තම ඔබලා New-> Integer තෝරන්න එහි name එකට nglayout.initialpaint.delay කියලා දෙන්න එකෙ value එකට 0 (බිංදුව) දෙන්න. එමගින් විධානයක් සක්‍රීය කිරීමට පෙර බ්‍රවුසරය බලා සිටින කාලය ශුන්‍ය බවත පත් කරයි.

ඔන්න ඔය ටික හරියත කලොත් ඉතින් ඔයාලාගේ අන්තර්ජාල සැරිසැරීමේ වේගය සැහෙන්න වැඩි කරගන්න පුලුවන් වෙයි.

Page 17 of 21« First...10...1516171819...Last »