Fedora, Mint, Slack

මෙම වෙසක් සතියේ අපි OLPC එක Windows XP සමග dual boot කිරීමට යෑම ගැන ද, නවතම Asus Motherboards ලිනක්ස් සමග කරන අපූරු වැඩක් පිළිබඳව ද, Verizon ඇතුලුව තවත් ජංගම දුරකතන සමාගම් 7ක් ලිනක්ස් බෙහෙවින් යොදා ගන්න යන බව ප්‍රවෘතියක් ගැන ද, බ්‍රිතාන්‍ය Microsoft සම්බන්ධයෙන් EU එකට දෝෂ නගන ප්‍රවෘතියක් ගැන ද, අනුරාධගේ නවතම සිංහල යතුරු පුහුරු ඩ්‍රවරය ගැන ද, අදහස් දක්වමු.

ඉන්පසු නවතම Fedora 9 ගැන අපේ ආකල්ප ද, Linux Mint 4 සහ Slackware 12.1 ගැන අපේ ආකල්ප සහ අත්දැකීම්ද ඔබට ඉදිරිපත් කරනු ඇත.

තවද සිංහල Windows XP ඇතුලු අනිකුත් Windows වලද, ග්නූ/ලිනක්ස් වලද ස්ථාපිත කිරීම ගැන ද, උපකාරක තොරතුරු ගෙන එනු ඇත.

Show Notes (ශෝ සටහන්)

මෙම සතියේ පරන මාලදිවයින තානාපති කාර්යාලයේ සිට අප සජීවිව පටිගත කළේ තව geek ල රැසක් සමගය. එහිදි පසුගිය සතියේ ප්‍රවෘත්ති අතරින් මෑතක දී මුදාහරින ලද Open Office 3 beta ගැන ද, KDE 4.0 හි තවත් මුදාහැරීමක් වූ KDE 4.04 සහ ඉවසුල්ලෙන් බලා ගෙන සිටින KDE 4.1 ගැන ද, හොඳින් හඳුනන Skype නිපදවන සමාගම GPL එක පලිනොපැදීමේ වරදකරු වීමේ සිද්ධියක් ගැන ද, BSA සහ පොලීසිය විසින් මෑතක දී ලංකාවේ MC වෙළඳ සංකීර්ණය තුල ඇති වෙළඳ සැල්වලට කඩා වැද අත්පත්කර ගත් හොර මෘදුකාංග තැටි 400 පලිබඳවද අපි අදහස් දකවමු.

ඉන්පසුව අප එදින සහභගී වූ, මාලදිවයින සිසුන් සඳහා පවත්වන ලද FOSS වැඩමුඑව ගැන සාරාංශයක් දෙමින් සමුගත්තේය.

Show Notes (ශෝ සටහන්)

h2 mic for the new Sinhalen FOSS Podcast

මෙම වැඩසටහනෙන් පසුගිය දෙසතිය තුල පලවූ ප්‍රවෘත්ති අතරන් KDE භවිතා කරන්න යන සිසුන් මිලියන 52ක් ගැනත්, මැලේසියාව M$ Office එකට යන්න කියා ඒ වෙනුවට Open Office එකට ආරාධනා කිරීම ගැනත්, Google top 10 වලට ශ්‍රී ලංකාවත් ඇතුලත් වීම ගැනත්, මෑතක දී එලි දැක්වන ලද Ubuntu 😈 Slackware  පළිබඳ වත්, තවත් ප්‍රවෘත්ති ගැනත් ප්‍රකාශ කරනු ලැබේ.

ඉන් පසු අපි පොඩ්කාස්ට් ඇසීමේ සංස්කෘතිය සහ එය හසුකර ගැනීමට භාවිතා කළ හැකි Podcatcher මෘදුකාංග පළිබඳ අදහස් දක්වා, විශේෂ දැනුම් දීමක් කරමින් සමුගත්තෙමු :)

Show Notes (ශො සටහන්)

පළමුවන වැඩසටහනින්‍ අපි මෙය “01” වන්නේ “ඇයි ද?” කියමු. ඉන්පසු, පසු ගිය දෙසතිය තුල පලවූ ප්‍රවෘත්ති අතරන් Google App Engine ගැන ද, HP ලගෙ EEEPC පරද්දන්න හදපු Notebook ගැන ද, Microsoft ලගෙ Open Source දිනය ගැන ද, ස්විස්තලන්තයේ ඉස්කෙොල වල Ubuntu දෑම ගැනද, යුරෙොපීය ආන්ඩු ලිනක්ස් අත්හදා බැලීමට යන බව ද, OOXML සම්මුතිය ISO විසින් Microsoft ගෙන් ඉවතට ගෙනයාම ගැනද, මෙ හැර වෙනත් ප්‍රවෘත්ති ගැනද සුපුරුදු ලෙස අපි අදහස් ප්‍රකාශ කරමු.

ඉන් පසු අපි වෙසෙස් ආයතනයේ ලක්ශාන් සහ ලක්නාත් සමග ඔවුන්ගේ පරිගනක OS, අනිකුත් උපකාරී මෙවලම්, වෙබ් තාක්‍ෂණ සහ ඔවුන්ගෙ වැඩ, කිඩ ගැන සුහද පිළිසඳරක යෙදෙමු.

Show Notes (ශො සටහන්)

19
Apr

LAMP ස්ථාපිත කිරීම

   Posted by: bud   in Blog

ලෑම්ප් වෙබ් අඩවි නිපදවීමෙදී ඉතා ජනප්‍රිය විසඳුමක් ලෙස සැලකේ. LAMP යනු Linux (ලිනක්ස්), Apache (අපැචි වෙබ් සවරය), MySQL (මයි එස්කියු ඇල් දත්ත ගබඩා සවරය) සහ PHP භෂාව යන දේ කෙටි කිරීමකි.

ඉතින් LAMP Debian හො Ubuntu වල ස්ථාපිත කිරීමට මෙ දේ කල යුතුය

# apt-get install apache2
# apt-get install php5 libapache2-mod-php5
# apt-get install mysql-server

එච්චරයි! වෙබ් අඩවිය නැවතත් ආරම්භ කරන්න
/etc/init.d/apache2 restart

Page 11 of 21« First...910111213...20...Last »