19
Apr

APT කෙටියෙන්

   Posted by: bud   in Blog

apt යනු Debian ග්නූ/ලිනක්ස් පද්ධතියේ පැකේජ සමග වැඩ කිරීමට යොදාගන්නා පද්ධතියයි. Debian විතරක් නොව, Debian මත සෑදුනු බොහො ඩිස්ට්‍රො ඇති අතර ඒවා සියල්ලෙම apt දැකගත හැක. ඊට අමතරව Redhat/Fedora වලද apt ස්ථාපිත කර ගත හැකි වේ. ඉතින් දැන් බලමු apt දෙස.

apt එකෙන් පැකේජ ලබා ගත හැකි උල්පත් (apt resources) සඳහන් කිරීමට ඒවා /etc/apt/sources.list නැමති ලිපිය තුල ඇතුලත් කරන්න.
# vi /etc/apt/sources.list

deb http://sinhala.sourceforge.net/ubuntu/i386/gutsy/ ./

විටින් විට apt හි ඇති පැකේජ ලැයිස්තුව අලුත් කල යුතුය. ඒ සඳහා
# apt-get update

apt හි ඇති පැකේජ ලැයිස්තුවෙන් පැකේජයක් සොයා ගැනීම මෙලෙස කළ හැක
# apt-cache search apache2
# apt-cache search apache2 php5

පැකේජයක් ස්ථාපිත කර ගැනීමට
# apt-get install apache2

පැකේජයක් තම පද්ධතියෙන් ඉවත් කර ගැනීමට
# apt-get remove apache2
# apt-get –purge remove apache2

මුලු පද්ධතියේ ස්ථාපනය කර ඇති සියලු පැකේජ අලුත් version බවට පත් කිරීමට
# apt-get dist-upgrade

යම් කිසි පැකේජ ඝට්නයක් නිසා දෙොශයක් වූ විට එය සැදීමට
# apt-get -f install

පෙර භාගත් පැකේජ .debs /var/cache/apt/archives තුලින් මැකීමට
# apt-get autoclean

අනවශ්‍ය භාවිතා කළ නොහැකි පැකේජ ඉවත් කිරීමට
# apt-get autoremove

This entry was posted on Saturday, April 19th, 2008 at 7:51 pm and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 comments so far

 1 

Bud,
I know you are a grate lecturer. if i am know some thing about LINUX, and if i doing some thing using Linux… that is because of you. i think you can remember our class on UCSC. i hope this also GRATE JOB from you…. and also hope we can expand our linux family through this. 😉 so wish you all the best..

May 8th, 2008 at 8:42 pm
 2 

Thank you Krishantha. Yup thats the idea to expand our tux family

May 9th, 2008 at 11:47 am

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment