Archive for February 6th, 2008

බුද්ධික සිද්ධිසේන

අන්තර්ජාල වෙබ් අඩවි තරණය කිරීමේදී හසුවන සමහර “ඉංග්‍රීසි බරවචන” තේරුම් ගැනීමට හෝ තොරතුරු තාක්ෂණයේ දී යොදා ගන්නා ඇතැම් සුපුරුදු ඉංග්‍රීසි වචන වලට අදාල
සිංහල වචන තෝරා ගැනීමට උපකාරී වන මෘදුකාංග කොටසක් ලෙස EnSiTip නැමති Firefox එකතුව (addon extension) සැළකිය හැක.

මෙය නිපදවා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යනායතයේ භාෂා පර්යේෂන අංශය විසින් වන අතර එය ලෙොවට මුදා හරිනු ලබන්නේ GNU GPL නැමති නිදහස් හා විවෘත මෘදුකාංග බලපත්‍රයක් යටතයි.

මෙය ස්ථාපිත කිරීම ඉතා පහසු වෙන අතර ඒ සඳහා ඔබ කළ යුක්තේ ensitip.xpi ලබා ගෙන, ඉන් පසු එය Firefox හි “Tools->Add-ons menu” ලේඛනයෙන් ලැබෙන තිරයට (Dialog) ඇද දමන්න (drag-and-drop). ඉන් පසු Firefox වසා නැවත ආරම්භ කරන්න.