14
Jan

Podcast Episode 17: නව වසරේ FOSS.

   Posted by: chanux   in Podcast

මාස කිහිපයක දිගු නිහැඬියාව බිඳ නැවතත් සිංහලෙන් ෆොස් ඔබ වෙත ගෙන එන්නේ සුභ නව වසරකට ආසිරි පතමින්.

මෙවර සිංහලෙන් ෆොස් වෙතින් මේ වසරේ CES ප්‍රදර්ශනයේ FOSS තොරතුරු, ගෙවී ගිය වසරේ FOSS කාල රේඛාව, OLPC නවතම තොරතුරු, netbooks – FOSS නවමු විස්තර, Microsoft market share තොරතුරු සහ ඒ සඳහා FOSS බලපෑම, FOSS ලෝකය වෙත ප්‍රධාන පෙළේ ආයතන කිහිපයකින් ලැබුනු දායකත්වය ඇතුළු සුවිශේෂි තොරතුරු රැසක් ඔබ වෙත ගෙන එන්නෙමු.

2009 වසරේදීත් පෙර සේම අප සමග රැඳෙමින් අපව දිරිමත් කරන මෙන් ඔබ සැම ගෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ මෙතක් අප සමග රැඳී සිටියාට අප හද පිරි ස්තුතිය පුද කරමිනි.

Show Notes (යොමු සටහන්)

27
Oct

Podcast episode 16: Chanux ගේ HP mini Note

   Posted by: chanux   in Podcast

සිංහලෙන් FOSS 16 වැනි විකාශයෙන් මෙවර ප්‍රවෘත්ති ලෙස Red Hat Linux පිහිටුවන ලද නව වාර්තාවක්, මේ වසරේ CNET තේරූ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වීරයා, GNOME 2.24 එළි දැක්ම, Cloud computing පිළිබඳ RMS ගේ අදහස්, නෙදර්ලන්තයේ open source යෙදවුමක්, Nokia සහ Microsoft Jquery භාවිත කිරීම, Gimp 2.6 නවතාවයෙන් යුතු එළි දැක්ම, නිදහස් මෘදුකාංග පදනමේ (FSF) ප්‍රමුඛතා ලැයිස්තුව, Python 2.6 නව එළි දැක්ම මෙන්ම Netbooks(UMPC) පිළිබඳ මතභේදකාරී අදහසක් අතුළු තොරතුරු ගෙන එන අතර අවසන් වශයෙන් OOXML පිළිබඳ නවතම මතභේදකාරී තොරතුරු ගන එමු. අවසන් වශයෙන් Rock box, iPod සඳහා වන දහස් මෘදුකාංගය පිළිබඳ තොරුතුරක් ගෙන එමින් වැඩසටහන අවසන් කරන්නෙ.

මෙවර විශේෂාංග ගෙන නොඑන්නේ අපගේ අතිශය කාර්යබහුල භවය නිසා බව කාරුණිකව දන්වමු. ඔබගේ අදහස් අප වෙත එවමින් අපව දිරිමත් කරනු ඇතැයි අපි බලා පොරොත්තු වෙමු.

Show Notes (යොමු සටහන්)

මෙවර සිංහලෙන් FOSS වෙතින් මේ වසරේ මෘදුකාංග නිදහස් දින වැඩ සටහන් කිහිපයක් පිළිබඳ තොරතුරු පළමුවෙන් ගෙන එන්නෙමු.

මෙම වැඩ සටහනේ ප්‍රවෘත්ති ලෙස Open GL සැබෑ ලෙසම නිදහස් මෘදුකාංගයක් වීම, Nokia Linux වෙත ලබා දෙන දේ සහ Symbian Linux පිළිබඳ දක්වන අදහස්, SUSE සහ Microsoft සබඳතාවයේ නවතම තොරතුරු, HP සමාගමේ රහස් කටයුතු, Netbook/UMPC වෙළඳ පොළ තුළ Linux සමග තරඟ කිරීමට සැරසෙන Windows මෙන්ම නවතම UMPC කිහිපයක් පිළිබඳ තොරතුරු සමග VLC නව පෙනුම සහ Cisco සමාගම Jabber මිළට ගැනීම ඇතුළු තොරතුරු ඔබ වෙත ගෙන එන්නෙමු.

මෙවර විශේෂාංග ලෙස අපි කොළඹ මහා පොත් ප්‍රදර්ශනයේදී ලබා ගත හැකි FOSS/Linux සම්බන්ධ පොත් පිළිබඳ තොරතුරු ගෙන එන්නේ බණ්ඩාරනයක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිටය.


අපගේ podcast Flash Player මගින් ඇසීමටFriendfeed.com sinhalenFOSS room

Show Notes (යොමු සටහන්)


මෙවර සිංහලෙන් FOSS වෙතින්, මෑතකදී සිදුකරන ලද භෞතික විද්‍යාවේ ලොකුම ව්‍යාපෘතියක් ලෙස සලකන විශ්වයේ ආරම්භය සම්බන්ධ පර්යේෂණ සඳහා යොදා ගත් OSඑක කුමක්ද යන්න ගැනත්, එම OS එක hack කිරීමට ගත් තැතක් ගැනත් සඳහන් කොට, ඉන්පසුව ලිනක්ස් සම්බන්ධයෙන් ගාට්නර්ලගේ තවත් පරස්පර විරෝධී වර්තාවක් ගැනත්, Lenavo සමාගම විසින් Linux pre-install නොකිරීමට අදහස් කළ බවට පුවතක් ගැනත් සඳහන් කොට, මෙවරත් අපි විශේෂාංග කිහිපයක් ගෙන එන්නෙමු.


අපගේ podcast Flash Player මගින් ඇසීමටFriendfeed.com sinhalenFOSS room

Show Notes (යොමු සටහන්)

පසුගිය සිංහලෙන් FOSS 12 වැනි කොටසෙහි අදුන්වා දුන් Stardict ශබ්තකෝශයට, EnSiTip මෙන් තිරයේ ඇති අකුරු (on-screen keywords) පරිවර්තනය කළ හැකි බවත්, එනමුත් තවමත් ඉංග්‍රීසි සිට සිංහල බවට එය කළ නොහැකි බවත් අපි සඳහන් කළෙමු. Stardict එකට මෙම හැකියා ලබාදීම අසීරු කාර්යක් නොවන බව හැගුනු නිසා මා එම කාර්යට යොමුවිය.

ඉතින් EnSiTip හි ඇති ඉංග්‍රීසි – සිංහල වචන භාවිතයෙන් ඉතා පහසුවෙන් එය Stardict ට තේරන ආකාරයකට සැකසුවෙමි. ඉන්පසු මට හිතුනා සිංහල – ඉංග්‍රීසි කරන එකත් එතරම් අමාරු විය නොහැකි බව. ඉතින් එය කිරීමට පොඩි perl script එකක් ලිය, අවශ්‍ය පරිදි පරිවර්තනය ඉටු කර ගත්තා.

මෙය ස්ථාපිත කිරීමට පෙර startdict ස්ථාපිත කළගත යුතුය. ඉන්පසුව /usr/share/stardict/dic හො C:\Program files\stardict\dic\ වෙත මෙම .tar.gz ගොනුව දිගහරින්න.

Page 8 of 21« First...678910...20...Last »