ඔබ ලිනක්ස් භාවිතා කර සංහලෙන් ලිවීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් පහත සඳහන් උපදෙස් පිලිපදින්න.

* ඔබේ ලිනක්ස් පද්ධතිය Fedora නම් ඔබ වාසනා වන්තයි. එහි ඇති නව පැකේය එකතුකරන මෘදුකාංගය මගින් එය පහසුවෙන්ම තොරා ගත හැකිය.

නැතහොත් commandline එකෙ root හැටියට මෙම විධායකය දෙන්න

# yum install fonts-sinhala m17n-db-sinhala scim-m17n

* ඔබේ ලිනක්ස් පද්ධතිය Debian, Ubuntu හො වෙනත් Debian මත සැදූ එකක් නම් පහත දැක්වෙන ලෙස /etc/apt/sources.list එකට මෙ දේ ලියන්න.

ඔබ දුන්නේ

Debian Stable නම්
deb http://sinhala.sourceforge.net/debian/i386/etch/ ./

Debian testing නම්
deb http://sinhala.sourceforge.net/debian/i386/lenny/ ./

Ubuntu 7.10 නම්
deb http://sinhala.sourceforge.net/ubuntu/i386/gutsy/ ./

ඔබ දුවන Debian වර්ගය නොදන්නේ නම් මෙම විධායක commandline එකේ දී බලන්න
$ lsb_version -a
$ cat /etc/debian_version

ඉන් පසුව root user ලෙස ස්ථාපිත කිරීමට පහත විධායක දෙන්න.

අප පැකේජ දත්ත ගබඩාව (package database) අලුත් කිරීමට commandline එකෙ මෙම විධායකය දිය යුතුයි.

# apt-get update

පැකේජ ස්ථාපිත කිරීමට
# apt-get install sinhala-gnu-linux

කොකටත් පරිගණකය නැවත ඇරඹීම උචිතයි.

වඩා අලුත් විස්තර සඳහා “සිංහල ලිනක්ස් ක්‍රමලේකනය” බලන්න.

ඉතින් දැන් සිංහල ලියන්නට අවශ්‍ය වූවිට Ctrl + Space යතුරු ඔබන්න. එවිට ඔබට “අ Sinhala” තොරා ගත හැකි වන ලෙස popup එකක් හෙො system tray icon එකක් මතුවනු ඇත.

මෙහි අකුරු ලිවීමේදි සඳහා පහත වගුව හෙොඩුවාවක් ලෙස භාවිතා කරන්න. මන්ද මෙමගින් install වන lklug phonetic යතුරු පූරුව ශබ්දය අනුව සැකසූ එකක් වන බැවින් පහසිවෙන් ඉගෙන ගත හැකිය.

18
Apr

පලාස්මා

   Posted by: siraj   in Blog

පලාස්මා යනු KDE (http://www.kde.org) පාදතිය හදුනවා දෙන අලුතම අන්ගයයි. පරදාන අරමුන වනුයෙ Web Services , Desktop එකට ගෙන ඒමයි. මෙම නිසා, ඔබට අවශය තොරතුරු ශනික ලෙස ලබා ගත හකි වෙ. java script බාවිතයෙන් Desktop එකෙහි කරියාකාරිත්වය පාලනය කල හzකිය.

ඔබ ලිනක්ස් ගැන අසා ඇති නමුත් තවමත් එයට යොමුවීම උචිත දැයි සිතමින් ඉන්නවා නම් මෙම ලිපියෙන් උපවහලක් වේ යැයි සිතමි.

ඔබ පරිගණක සමග අත්හදා/සොයා බැලීම් කිරීමට කැමති අයෙකු නම් ලිනක්ස් පද්ධතිය ඉතා ප්‍රයෙොජනවත් වනු ඇත. මෙයට ප්‍රධාන හේතුව නම් එය විවෘත මෘදුකාංග (Open Source) වීම. එනම් ඔබට OS එය ක්‍රියාත්මක වන අන්දම හැකිපමණින් අධ්‍යයනය කළ හැක.

තවත් වාසියක් නම් එය අනිකුත් විධායක පද්ධතිමෙන් නොව, ඉතා වැඩියෙන් සුසර (customize/tune) කළ හැකි වීමයි. ඒකියන්නෙ ඔබට සවරයක් දිවීම සඳහා GUI අවශ්‍ය නැති නම්, එය off කළ හැක. ඔබට 3D game එකක් සෙල්ලම් කිරීමේදී එය සඳහා උපරිම RAM ලබා ගැනීමට අඩු බරැති Window manager, එනම් gui පද්ධතියක් දිවිය හැක. මෙලෙස ඔබේ වැඩේට සරිලනසේ පුදුමාකාර ලෙස ලිනක්ස් සුසර කර ගත හැකිය.

ලිනක්ස් වල දක්නට ලැබෙන තවත් වාසියක් නම් ඉතා ඉක්මනින් එය දියුනු වීමයි. අවුරුදු 5ක් වැනි කාලයක් බලා සිටිනවා වෙනුවට, දින, සති හෙො මාස කිහිපයක් ඇතුලත ලිනක්ස් සෙමින් සෙමින් වැඩි දියුනුවට පත් වේ. මේ නෙසා ලිනක්ස් භාවිතා කරන බොහො දෙනා අශාවෙන් අනාගතය දෙස බලා සිටින ආකාරයක් දැක ගත හැකිය.

ඉතින් ඔබත් ජීවිතයෙන් අලුත් දේවල් වලට කැමති නම්, එසේම කම්මැලි නැතිව පරිගණක ගැන ගවේශණය කිරීම කැමති නම්, එසේත් නැතිනම් එය තමන් කැමති ආකරයට සුසර කිරීමට කැමති නම්, ඔබේ ඊලඟ OS එක ලිනක්ස්ම විය යුතුය.

හදිසියෙ අහවට පත් යසරුවන් ගුණතිලක සොයුරාට මෙම බ්ලොග් මෙරතනයට සහභගි විමට නොලැබිම ගැන කනගාටු වෙමි. ඔහුට සිංහලෙන් FOSS වෙනුවෙන් අපි නිවන් පතමු.

අද රාත්‍රි 8 සිට ඇරඹෙන, පැය 24ක් පුරා දිවෙන බ්ලොග් මැරතන් එක වෙනුවෙන්, මෙම වෙබ් අඩවියෙන් තුලින්ද ලිපි කිහිපයක් බලා පොරොත්තු වන්න. මෙහෙදි අප බලාපොරොත්තු වන්නේ ග්නූ/ලිනක්ස් හි ඇති, අතිශයින්ම වැඩිහිටි ගීක්ස් ලට පමණක් ඇති Commandline එක සහ එයින් කළ හැකි දේ ගැන ඉගැන් වීමටයි. එමනිසා නොවරදවාම ඔබේ ලිනක්ස් පද්ධතිය රැගෙන මෙම අඩවියට එන්න. ඔබට ග්නූ/ලිනක්ස් ස්ථාපිත කළ පරිගණකයක් නොතිබේනම්, එවෙනුවට Ubuntu හො Knoppix වැනි Live CD එකක් භාවිතා කළ හැකිය.

නැවතත් රාත්‍රි 8 වනතුරු ….

බුද්ධික සිද්ධිසේන

ඔබ යහලු-යෙහෙලියන් සමග එළිමහනේ කාලය ගත කරමින් සිටින මොහොතක මොනයම් හේතුවක් නිසා අන්තර් ජාලයට පිවිසෙන්න හිතුනොත්, මෙම උපදෙස් පිලිපැදීමෙන් එය පහසුවෙන් ඔබට ග්නූ/ලිනකස් හරහා කළ ගත හැක.

අවශ්‍ය දෑ

  1. පරිගණකයක් (අමතරව bluetooth/bluetooth dongle) :)
  2. wvdial ඇතුලත් ග්නූ/ලිනකස් පද්ධතියක් (අමතරව bluetooth පැකේජ ස්ථාපිත කර තිබීම)
  3. GPRS/3G ෆෝන් එකක්

ඔව්, එච්චරයි අවශ්‍ය. ඩ්‍රවර් CD අනවශ්‍යයි.

A ක්‍රමය: USB හරහා

මෙය ඉතා පහසුවෙන් ෆෝන් එකට සරිලන USB කේබලය යොදාගනිමින් කළගත හැකිය. කළ යුත්තේ කේබලය ෆෝන් එකට සහ USB port එකට සවි කිරීමයි. මෙහිදී ෆෝන් එකෙන් එය USB disk එකක් ලෙස භාවිතා කරන්න දැයි ඇසූ විට එයට එපා (No) කියන්න.

ඉන්පසු command terminal එකක් ඇර, dmesg විධානය දෙන්න. ඉන් අපට kernel එකෙන් ලැබෙන තොරතුරු බලා ගත හැක. ඉන් මේ අවස්ථාවේ වැදගත් වෙන්නේ අවසානයට ඇති තොරතුරු විතරයි.

$ dmesg

Linux version 2.6.22-3-686 (Debian 2.6.22-6.lenny1) (sf@debian.org) (gcc version 4.1.3 20071209 (prerelease) (Debian 4.1.2-18)) #1 SMP Sun Feb 10 20:20:49 UTC 2008
BIOS-provided physical RAM map:

………..

usb 1-1: new full speed USB device using ohci_hcd and address 4
usb 1-1: configuration #1 chosen from 1 choice
drivers/usb/class/cdc-acm.c: Ignoring extra header, type -3, length 4
cdc_acm 1-1:1.1: ttyACM0: USB ACM device
usbcore: registered new interface driver cdc_acm
drivers/usb/class/cdc-acm.c: v0.25:USB Abstract Control Model driver for USB modems and ISDN adapters

ඉහත උදාහරනයේදි පෙනෙන පරිධි dmesg එකෙන් ලැබෙන දත්තයෙන් වැදගත් වන්නේ ttyACM0 කියන device එකයි. එනම් ෆෝන් එකේ modem එකට /dev/ttyACM0 නැමති device file (ලිපිය) මගින් සම්බන්ධ කළ හැකිය. ඇතැම් ෆොන් හෝ 3G USB modems /dev/ttyUSB0 වැනි device file ලෙස දැකගත හැක. මෙය මතකයේ රැඳෙමින් අපි දැන් B ක්‍රමය වෙත යොමු වෙමු.

B ක්‍රමය: Bluetooth හරහා

මෙම ක්‍රමය තරමක් සංකීර්ණ වූවද, කිසිදු කේබලයකින් තොරව යොදාගත හැකිවීම නිසා වඩා ප්‍රයෝජනවත් වේ. ඔබේ ලිනක්ස් එකේ bluetooth වැඩකරනවා ඇතැයි අපි උපකල්පනය කරමු :)

මුලින්ම ඔබේ හෝ වෙනත් අයකුගේ ෆෝන් එකේ bluetooth on කරන්න. ඉන් පසු commandline terminal එක විවෘත කර, පහත සඳහන් විධානය මගින් ෆොන් එකේ bluetooth ID එක ලබාගන්න.

$ sudo hcitool scan

Scanning …
00:A4:17:3A:63:CA Nokia 6230i

$ sudo rfcomm bind 0 00:A4:17:3A:63:CA

ඉහත විධානයෙන් /dev/rfcomm0 (bind 0 නිසා) Nokia ෆෝන් එකට බැඳෙනු ඇත. එනම් ඉහත /dev/ttyACM0 පරිධි ෆොන් එකේ modem සමග සම්බන්ධ විය හැක.

ඇතැම් අවස්ථාවල ඉහත විධානය දීමේදි චැනල අංකයක් නොදුන්නොත් වැඩ නොකරීමට ඉඩ ඇත. එවිටක පහත දැක්වෙන පරිධි චැනල අංකය සොයාගත හැක.

$ sudo sdptool search DUN

Inquiring …
Searching for DUN on 00:A4:17:3A:63:CA …
Service Name: Dial-up networking
Service RecHandle: 0×10000
Service Class ID List:
“Dialup Networking” (0×1103)
“Generic Networking” (0×1201)
Protocol Descriptor List:
“L2CAP” (0×0100)
“RFCOMM” (0×0003)
Channel: 1

$ sudo rfcomm bind 0 00:A4:17:3A:63:CA 1

අවසාන අවධිය - ඇමතීම

පහත දැක්වෙන අන්දමට /etc/wvdial.conf ලිපියතුලට ෆෝන් එකේ modem සමග සම්බන්ධවීමට අවශ්‍ය කරුනු ලබා දෙන්න.

$sudo vi /etc/wvdial.conf

[Dialer Defaults]
Init = ATZ

# Bluetooth
Modem = /dev/rfcomm0
# USB
##Modem = /dev/ttyACM0
# IR (yes possible, not covered above)
#Modem = /dev/ircomm0

# Uncomment speed if needed. Else auto
# Baud = 115200

SetVolume = 0
Dial Command = ATDT
Init1 = ATE1
FlowControl = crtscts

Username = ” ”
Password = ” ”
Phone = *99#

# Some phones need a different number
#Phone = *99***1#
#Phone = #777
Stupid Mode = 1

$ sudo wvdial

wvdial Dialog
–> WvDial: Internet dialer version 1.56
–> Cannot get information for serial port.
–> Initializing modem.
–> Sending: ATZ
ATZ
OK
–> Modem initialized.
–> Sending: ATDT*99#
–> Waiting for carrier.
ATDT*99#
CONNECT
~[7f]}#@!

ඔබ bluetooth හරහා සම්බන්ධ වීමේ මුල් වතාවේදී ෆෝන් එක පරිගණකය සමග pair කිරීමට සිදුවනු ඇත. මේ සඳහා X-windows උඩ දුවන bluez-pin හෝ Gnome උඩ දුවන bluetooth-applet හෝ kde උඩ දුවන kbluetooth තිබුනොත් පහසුවෙන් pin එක ලබාදිය හැක.

දැන් ඉතින් අන්තර්ජාලය ප්‍රවෙසමින් පාවිච්චිකරන්න. ෆෝන් බිලෙන් ප්‍රවේසම්වන්න!

බුද්ධික සිද්ධිසේන

සජීවි සංයුක්ත තැටි (Live CD) යනුවෙන් අප හඳුන්වන්නේ කිසියම්‍ ස්ථාපිත (install) කිරීමකින් තොරව භාවිත කළ හැකි මෙහෙයුම් පද්ධති (OS) රැගත් CD තැටි වේ.

Live CD ගැන කතා කිරීමේදී ග්නූ/ලිනක්ස් (GNU/Linux) OS එක විශේෂ තැනක් ගන්නේ එය දැන් සෑහෙන කලක සිට, ඉතා සාර්ථක ලෙස Live CD ආකාරයෙන් ලබාගත හැකි වීම නිසයි.

ඕනෑම පරිගණකයක් ආරම්‍භ(boot) කිරීමට හැකිවන ලෙස Live CD එකක් නිපදවීම, අප සිතනවාට වඩා බැරෑරුම් කාර්යයකි. මන් ද OS එක boot වීමේදී එයට දුවන දෘඩාංග පද්ධතිය (Hardware platform) ගැන කිසි පූර්ව දැනුමක් නොමැති වීමයි. එනම් OS එක පටන් ගැනීමේ සිට desktop එක පෙනෙන මොහොත දක්වා ඇති කාලය තුළ, එක් වරම සහ ක්ෂණික ලෙස, දෘඩාංග හඳුනා ගෙන, ඊට අදාල ඩ්‍රයිවරය (driver) ක්‍රියාත්මක කළ යුතුය. ඒ විතරක් නොව, දෘඩාංග තැටි (Hard disk) මෙන් CD තැටි වල දත්ත නැවත නැවතත් ලිවිය නොහැකි වීම නිසා (Read-only), පරිගණකයේ ඇති ප්‍රධාන මතකයෙන් (main memory) කොටසක් තාවකාලික තැටියක් (temporary virtual disk) ලෙස යොදා ගැනීමට සිදුවේ. මෙහි අවාසනාවන්ත ප්‍රතිඵලයක් ලෙස මෘදුකාංග දිවීමට ඇති RAM ප්‍රමාණයේ අඩුවීමක් සිදුවනු ඇත. මේනිසා බොහෝ Live CD පිළිගත හැකි ආකාරයකට ක්‍රියාත්මක කිරීමට අඩුම තරමින් 128MB RAM වත් නිර්දේශකර තිබේ.

සජීවී සංයුක්‍ත තැටි(Live CD) වල අපට දක්නට ලැබෙන තාක්ෂණික දස්කම් බොහෝය. ඉන් ප්‍රධාන එකක් ලෙස වැඩි දත්ත ප්‍රමාණයක්; එනම් 700 MB වලට වඩා වැඩි ප්‍රමාණයක් (1.5GB) සම්පීඩනය (compress) කොට ගබඩා කර; අවශ්‍යය වූ විටක නැවතත් එවෙලේම අසම්පීඩනය (on-the-fly decompression) කළ හැකි වීම දැක්විය හැක.

Live CD භාවිත කිරීමෙන් අපට වාසි කිහිපයක් ලබාගත හැක:-

  • විවිධ වර්ගයේ මෘදුකාංග (විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධති/OS), ස්ථාපිත කිරීමකින් තොරව අත්හදා බැලිය හැකි වීම.
  • OS ස්ථාපිත කිරීමට පෙර අත්හදා බැලීම හෝ වෙනස් කිරීම (customization).
  • ක්‍රියා විරහිත වූ OS එකකින් දත්ත සුරැකීමට හෝ එවැනි OS එකක් ගොඩ ගැනීමට උපකාරකයක් ලෙස භාවිත කිරීම.
  • පොදු ස්ථානයක ඇති පරිගණකයක් භාවිත කිරීමේදී එහි ඇති OS එක වෙනුවට තමන්ගේම OS එකක් Live CD එකක් වශයෙන් භාවිත කිරීම. මෙනිසා දත්ත සඳහා වැඩි සුරක්‍ෂිතභාවයක් ද ලැබෙනු ඇති.

මෙසේ වාසි තිබුණද Live CD භාවිතයේදී අපට මුහුණ පාන්ට වෙන ප්‍රධාන අවාසියක් ලෙස සංයුක්ත තැටි කිය වන වේගය නොහොත් දත්ත හුවමාරුවන වේගය අඩු වීම සඳහන් කළ හැක.

මෙවන විට, Live CD ඉතා ජනප්‍රිය වී ඇති අතර එයට හොඳ උදාහරණයක් ලෙස ග්නූ/ලිනක්ස් බෙදාහරින්නන් අතරින් Live CD තාක්ෂණය උපයෝගි කර ගැනීමේ වර්ධනයක් ඇතිවී තිබීම දැක්විය හැකිය. Live CD මෙන්ම Live DVD ද දැන් දැන් භවිත වීමට පටන්ගෙන ඇත.

පහත දැක්වෙන්නේ එවැනි ප්‍රචලිත Live CD/DVD ව්‍යාපෘති කිහිපයකි.

මීට වඩා දීර්ග ලැයිස්තුවක් සඳහා මෙම විකිපීඩියා ලිපිය බලන්න.

Live CD එකක් වෙනස් කොට, අපේම මෘදුකාංග සහ අනෙකුත් වෙනස්කිරීම් රැගත් Live CD එකක් නපද වන්නේ කෙසේද යන්න පිළිබඳව ලිපියක් නුදුරු අනාගතයේදි බලාපොරොත්තු වන්න.

බුද්ධික සිද්ධිසේන

අන්තර්ජාල වෙබ් අඩවි තරණය කිරීමේදී හසුවන සමහර “ඉංග්‍රීසි බරවචන” තේරුම් ගැනීමට හෝ තොරතුරු තාක්ෂණයේ දී යොදා ගන්නා ඇතැම් සුපුරුදු ඉංග්‍රීසි වචන වලට අදාල
සිංහල වචන තෝරා ගැනීමට උපකාරී වන මෘදුකාංග කොටසක් ලෙස EnSiTip නැමති Firefox එකතුව (addon extension) සැළකිය හැක.

මෙය නිපදවා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යනායතයේ භාෂා පර්යේෂන අංශය විසින් වන අතර එය ලෙොවට මුදා හරිනු ලබන්නේ GNU GPL නැමති නිදහස් හා විවෘත මෘදුකාංග බලපත්‍රයක් යටතයි.

මෙය ස්ථාපිත කිරීම ඉතා පහසු වෙන අතර ඒ සඳහා ඔබ කළ යුක්තේ ensitip.xpi ලබා ගෙන, ඉන් පසු එය Firefox හි “Tools->Add-ons menu” ලේඛනයෙන් ලැබෙන තිරයට (Dialog) ඇද දමන්න (drag-and-drop). ඉන් පසු Firefox වසා නැවත ආරම්භ කරන්න.

4
Feb

ජීවිතයට නවෝදයක් !

   Posted by: lakwarus   in Blog

ලක්මල් වරුසවිතාන

රටක්‍ වශයෙන්‍ නිදහසේ 60 වන ජයන්‍තිය සමරන මෙම මොහොතේ, ඔබ මෘදුකාංග ක්ෂේත්‍රය තුල කුමන නිදහසක්‍ භුක්ති විදීදැයි සිතුවාද? එසේ නැතහොත්‍ ඔබ නොදැනුවත්‍ම කොපමණ ගැති බා‌වයකට පත්‍ව ඇද්‍දැයි ඔබ දන්නවාද?

සිංහලෙන්FOSS Blog අඩවියේ මාගේ මුල්‍ම ලිපියෙන්‍ ඒ ගැන කෙටි සටහනක්‍ තබන්න මම සිතුවෙමි. FOSS යන ඉංග්‍රීසි කෙටි නාමයෙන් අදහස් කරනුයේ “නිදහස් හා විවෘත මෘදුකාංග” යන්නයි. වැඩි පැහැදිලි කිරීමක් කළහොත් “නිදහස් හා විවෘත මෘදුකාංග” ලබා ගන්නාට (පරිහරණය කරන්නාට) එම මෘදුකාංග ගැන අධ්‍යනය කිරීමට, වෙනස්‍ කිරීමට හා වැඩිදියුණු කර භාවිතයට සම්පූර්ණ අයිතිය ලැබෙන අතර, ඒ සදහා අවශ්‍ය Source code ද ලැබෙනවා ඇත.

නමුත් නොදැනුවත්ම ඔබ බොහෝ දුරට භාවිතා කරනුයේ “නිදහස් හා විවෘත මෘදුකාංග” නොවෙ. උදාහරණයක්‍ ලෙස ‌Microsoft Windows Operating System (windows xp, windows vista), Microsoft office, Adobe Photoshop යන ආදී නිදහස් හා විවෘත නොවන මෘදුකාංග ඔබ භාවිතා කරනවා ඇත. මෙමගින් ඔබගෙ නිදහස කොතෙක් සීමා වී ඇදැයි ඔබ දන්නවාද?

මෙය සරලව පැහැදිලි කිරීම සදහා, අපගේ එදිනෙදා ජිවිතයෙදී ගත හැකි උදාහරණයක්‍ සලකා බලමු. ඔබ නිමි ඇදුමක්‍ මිලදී ගෙන, එය ඔබට දිගෙන් වැඩි යැයි සිතමු. එවිට ඔබ කරනුයේ, ඔබ විසින් හෝ වෙන කෙනෙකු (ටේලර් වරයකු) ලවා නියමිත ආකාරයට එය හරිගස්සවා ගැනිමයි. මන්ද ඒ සදහා ඔබට පූර්ණ අයිතිය ඇත. නමුත්‍ ඔබ නිදහස් හා විවෘත නොවන මෘදුකාංගයක්‍ මිලදී ගෙන, භාවිතය සදහා එයට කිසියම්‍ වෙනසක් කිරීමට අවශ්‍ය වුවත්, ඒ සදහා ඔබට හෝ වෙනත් කෙනෙකුට දැනුම ඇතත්, නීතියෙන් ඔබට අවසර නැත. එනම් ඔබ යම්කිසි ගැති භාවයකට පත්ව ඇත.

නමුත් “නිදහස් හා විවෘත මෘදුකාංග” භාවිතයෙන් ඔබට ලබා ගතහැකි ප්‍රයොජන අතිමහත්‍ය. ඒවා ලබා ගැනීම සදහා අවශ්‍ය දැනුම හා තොරතුරු සිංහලෙන්‍ ලබාදීම සදහා මෙම http://sinhalenfoss.wordpress.com Blog අඩවිය සැකෙසෙනු ඇත.

ඔබට නිදහස් හා සාමයෙන් පිරුණු හෙට දිනයකට ආසිරි…!

3
Feb

අපේ රටේ FOSS හඩ

   Posted by: bud   in Blog

කාංචනා වෙලගෙදර

විද්‍යුත් තාක්ෂණ‌‌‌‌‌‌‌‌යේ දියුණුවත් සමග පෙරදිගින්‍ අපර දිගටත්‍ අපර දිගින්‍ පෙරදිගටත්‍ ගලා ගිය ‌විද්‍යා තාක්‍ෂණ ඥාණය ‌බොහොමයයි. මේ අතරින්‍ පරිඝණක තාක්ෂණය සුවිශේෂයි. මිනිසා වෙනුවට යොදා මිනිස් මොළයට හසුවන සියල්ල කරදෙන පරිඝණකය තවත් දෙව‌නි මිනිසෙක් නොවන්නේද?

මිනිසාට “මානව නිදහස” මෙන්‍ම පරිඝණකයටත්‍ “පරිගණක නිදහස” යන්‍න කතා කරන්‍නට පෙලබුනේ අද ඊයෙක නොවෙයි. මිනිසෙකුගේ මානව අයිතීන් සාධාරණව භුක්‍ති විදීමේ නිදහස ඇත්තාසේම පරිඝණකයකින්‍ ‌‌වැඩ කරවා ගැනීමේදී එය භාවිතා කරන්‍නාට (User) එහි මෘදුකාංග භවිතයේදී තිබිය යුතු නිදහස, ස්වාධිනත්වය සහ විවෘත බව අත්‍යාවශ්‍ය කාරණයකි.නිදභස් සහ විවෘත පරිඝණක මෘදුකාංග (Free and Open Source Software (FOSS) ) හාවිතයෙන් පමණක්‍ ඔබට මේ නිදහසේ සතුට බුක්ති විදීමේ ඉඩහසර සලසා දේ.

ලොව නන් දෙසින් නිපදවන නිදහස්‍ සහ විවෘත පරිඝණක මෘදුකාංග හා මෘදුකාංගකරණය පිළිබදව බල සම්පන්‍න හඩක් වර්තමානයේ ගොඩ නැගී තිබේ.මෙයට මූලික හේතුව වන්නේ නිදහස්‍ සහ විවෘත නොවන, අවසරපත්‍ මිලදි ලබාගතයුතු මෘදුකාංග (Proprietary software) තුල ඒවා භාවිතා කරන්‍නාට තිබෙන නිදහස ඉතා අසාධාරණ අයුරින්‍ සීමාවීමත්‍ ඒවාට අධික මිලක්‍ ගෙවීමට සිදුවීමත්ය.

මෙයට විසදුමක්‍ ලෙස ලොව වටා වෙසෙන ඉතාම දක්ෂ පරිඝණක ඉංජිනේරුවරුන්‍,මෘදුකාංග ඉංජිනේරුවන්‍, විශේ‍ෂඥයින්, නිර්මාණ ශිල්පින්‍ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව එකට එක්වි ඉතා උසස් මට්‍ටමේ නිදහස්‍ සහ විවෘත පරිඝණක මෘදුකාංග (FOSS)නිපද වේ.මෙම නිදහස්‍ සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණයට(FOSS Development)තොරතුරැ තාක්‍ෂණ (Information Technology) අංශයට සම්බන්‍ධ ලක්‍ෂ සංඛ්‍යාත පිරිස්‍ ස්වෙච්ඡාවෙන් පරිඝණක මෘදුකාංගවල තත්‍වය නංවාලීම නොයෙක්‍ අයුරින් දායක වේ.

අන්‍තර් ජාතිකව හාදුනාගත්‍ FOSS මෘදුකාංගකරණයේ පෙර ගමන්‍ කරැවන්‍, දැවැන්තයන්‍ සමහරක්‍ පහත පරිදි වේ.

මේ සංවිධාන ආදායම් නොලබන (Non Profitable) සහ නිදහස්‍ සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණයට අවශ්‍ය යටතල පහසුකම් ලබාදෙන ස්වෙච්ඡා සංවිධාන වේ.

අපේ රට නිදහස්‍ සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණය සහ හාවිතය පිළිබදව ලොකයේ අනෙක්‍ රටවල්‍ අතර ඉදිරියෙන්‍ සිටින රටක්‍ බවට පත්‍වී ඇත. ශ්‍රී ලංකාවේ‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌ පරිඝණක ඉතිහාසය අවුරැදු 25 ක නොවැඩ් වුවත් මෙතෙක් මෙම FOSS නිසාවෙන්‍ රටට සිදුවන සේවාව නම් අනුපමේයයි. පාසැල්‍ සිසුවාගෙ පටන්‍ විශ්‍ව විද්‍යාල සිසුවා දක්‍වාද,පරිඝණක මුලික දැනුම ඇත්තාගේ පටන්‍ විශ්‍ව විද්‍යාල මහාචාර්යවරයා හා පරිඝණක විශේ‌‌‌‌ෂඥයා දක්‍වාද,සුඵ පරිමාණයේ සිට මහා පරිමාණයේ පරිඝණක සමාගම්ද,තොරතුරු තාක්‍ෂණ අංශයට සම්බන්‍ධ සියල්ලන්මද මෙම FOSS නිසා ප්‍රතිලාභ ලබන්නො වෙති.

FOSS මෘදුකාංගකරණය පිළිබදව දැනුවත්‍ කිරිම, FOSS යන මැයින්‍ අන්තර් ජාතික මට්‍ට‌මේ‌‌ වැඩමුඵ සංවිධානය කිරිම,FOSS මෘදුකාංගකරණයට අවස්‍ථා සලසා දීම,උපදේෂණය,FOSS මෘදුකාංගකරණයට මුදල් ආධාර සැපයිම,ලංකාව තුල තොරතුරු තාක්‍ෂණ අංශය FOSS තුලින් නංවාලීමට සහ ලංකාවේ පරිඝණක ඉංජිනේරුවන්, මෘදුකාංග ඉංජිනේරුවන්ගේ ඥාණය යොදා අන්තර් ජාතික මට්‍ටමේ සහ ගෙොලීකෘත මෘදුකාංග නිෂ්පාදනයට අවස්ථා සලසාදීම වැනි සුවිශේෂ සේවාවන් මේ අතර වේ.එපමණක්ද නොවේ අපෙ රට පරිඝණක ඥාණයෙන් ස්වයං පෝෂිත කිරීමටත්‍ විදේශ ඥාණය ලබාගැනිමට තවත්‍ ඉහල මිලක්‍ වැය නොකිරිමටත් මේ නිදහස්‍ සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණය නිසා හැකිවී තිබේ.

මේ සුවිශේෂ කාර්යයභාරයට මුලික වුවන්‍ කවුරැන්ද?අපේම රටේ බොහෝමයක්‍ පරිඝණක විශේෂඥයන්‍,මෘදුකාංග ඉංජිනේරුවන්, පරිඝණක මෘදුකාංගකරණ සමාගම් අධ්‍යක්‍ෂවරැන්,නිලධාරින්,විශ්‍ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරැන්,සිසුන් මෙන්ම මෙකී නොකී සියලු නිදහස් සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණයේ අගය වටහාගත්‍ පිරිසයි.

නිදහස් සහ විවෘත නොවු අවසරපත් මිලදි ගෙන පමණක් භාවිතා කලයුතු මෘදුකාංගකරණය(PROPIRITY SOFTWARE DEVELOPMENT) අභිබවමින්‍ හඩක්‍ නගන්‍නට තරම් ජවයක් මේ පිරිසට ලැබුනේ කෙසේද?හුදෙක්ම තම මනස,නුවන,බුද්ධිය නිදහසේ මෙහෙයවා පරිඝණකයෙන් උපරිම පරිබෝජනයක් ලබාගැනිමට ඔවුන්ට ඇති උත්සුක බව එයට හේතුවයි.මේ ජවය තුලින් ලංකාවෙහි බිහිවු ආදායම් නොලබන ස්වෙච්ඡා සංවිධාන සමහරක් පහත පරිදි වේ.

එලෙසින්ම මේ අපුරැ කර්යයන්ට විදෙස් සහ ලාංකිය පරිඝණක මෘදුකාංග සමාගම් (www.google.com, www.ibm.com, www.virtusa.com, www.wso2.com, www.hsenid.com, www.jkcs.com, www.eurocenterddc.com, www.thinkcube.com) වැනි පුද්ගලික සහ ICTA (www.icta.lk ) වැනි අර්ධ රාජ්‍ය ආයතන සහ කොළඹ විශ්ව විද්‍යාලය පරිඝණක පාසැල (www.ucsc.lk),මොරටුව විශ්ව විද්‍යාලය (www.cse.mrt.ac.lk)වල මැදිහත් වීම් තුලින්ද අනුග්‍රහකත්‍වයන් නොයෙක් අයුරින් ලැබේ.

මේ සියල්ල එක්ව ගොඩ නැගු ශ්‍රී ලාංකිය නිදහස් සහ විවෘත පරිඝණක මෘදුකාංග අගයන සැමගේ එකමුතුව www.foss.lk වෙබ් අඩවිය හරහා ඔබට වැඩිදුර විස්තර ලබා දේ.මෙය ලංකාවේ සියලු අස්සක් මුල්‍ලක් නෑර ස්වෙච්ඡාවෙන් එක්කාසු වු නිදහස් සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණය අගයන සියල්ලන්ගේම සුසැදි ජවයකි.

මේ ජවයෙන් අපේ ලාංකිය පරිඝණක ඉංජිනේරුවන් මුලිකත්වෙයන් දැනට බිහිකළ නිදහස් සහ විවෘත පරිඝණක මෘදුකාංග සමහරක් පහත දැක්වේ.

  • ග්නූ සිංහල යුනිකෝඩ්‍ GNU Linux Sinhala UNICode ( මෙම ලේඛණය සැකසිම සදහා භාවිතා කරන ලදි.)
  • ඇපැචී ඇක්සිස් සී++ වෙබ් සේවාව (Axis C++)
  • ඇපැචී මෝරා වෙබ් සේවාව(Axis Mora)
  • ඇපැචී ජාවා-2 වෙබ් සේවාව(Axis JAVA-2)
  • ඇපැචී සංදේශ - විශ්වාසනීය පණිවිඩ යැවීමේ වෙබ් සේවාව (Sandesha)
  • ඇපැචී මයිරේ (MIREA)
  • බහු මාධය්‍ය පණිවිඩ සේවා(Multi Media Messagine Service Centre)
  • ටැප්රොබේන් ලිනක්ස් සජීවි තැටිය (Taprobane Live CD)
  • සහන ආපදා කළමනාකරණ පද්‍ධතිය (Sahana Disaster management System)

මේ සියල්ල අන්තර් ජාතික මට්‍ටමේ මෘදුකාංග නිපැයුම් වන අතර ඉන් සමහරක් ව්‍යාපෘති සදහා විදෙස් පරිඝණක මෘදුකාංග ඉංජිනේරුවන්ගේ දායකත්වය පසු කාලිනව ලබාදෙන ලදි.එමනිසා මෙම සියලු මෘදුකාංග ගෝලීකෘත වී ඇත.

ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය(Linux Operating System) සදහා ඉංග්‍රීසි අක්ෂර විධානයන් වෙනුවට සිංහල අක්ෂර භාවිතයට සැකැස්මක්(GNU Linux Sinhala UNICode) ඇතිකිරිමෙන්‍ ලාංකියකරණය සිදුකිරිමට හැකිවිම අපට භාග්‍යයකි.ටැප්රොබේන් සජිවි තැටියද (Taprobane Live cd) එවැනිම ලාංකියකරණයකි.ඔබ හොදින් දන්නා පරිදි ටැප්රොබේන් යනු ඉතිහාසයේ ශ්‍රී ලංකාව හැදින් වූ තවත් නාමයකි.

එපමණක් නොවේ ඉහත කී මෘදුකාංග නිපැයුම් අද බොහොමයක් අන්‍තර් ජාතික තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාර අංශවල සහ සමාගම් වල භාවිතා වේ.එයම අප රටට අභිමානයක් නොවන්නේද?

සුනාමි ව්‍යවසනය ඇති වූ අවස්ථාවේ විපතටපත් වූ,අවතැන් වූ සහ අතරමං වූවන් සෙවීමටත්,ඔවුන්ගේ තොරතුරු එක්රැස් කිරිමටත්,ඔවුනට අවශ්‍යය ආධාර,‌‌‌‌‌‌‌‌වෙද සේවා සැපයීමටත් සහ තවත් බොහෙොමයක් අංග අතුලත් ව්‍යවසන කළමනාකරණ පද්‍ධතිය “සහන”

නමින් නිපද වන ලදී.තම රට විපතට පත් වූ මොහොතක අප රටේ පරිඝණක වෘර්තිකයන් ලෙස තම වගකීම වටහාගත් ලංකාවේ නිදහස් සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණයේ පෙර ගමන් කරුවන් සහ නියැලෙන්නන් මෙම ව්‍යයාපෘතිය රටට තිලිණ කරනලදී.මෙය නිපදවා ඇත්තේද නිදහස් සහ විවෘත පරිඝණක මෘදුකාංග පමණක්ම භාවිතාවෙනි.මෙම “සහන” ව්‍යවසන කළමනාකරණ පද්‍ධතිය අප රටේ පමණක් නොව පසුගිය 2005 වසරේ පාකිස්ථානයේ ඇති වූ භූමි කම්පාවද,තවත් රටවල් කිහිපයකටම ව්‍යවසන කළමනාකරණ පද්‍ධතියක් ලෙස භාවිතයට ගැනෙන ලදී.මේ මහගු කාර්යන් නිසා සහන ව්‍යයාපෘතිය නොයෙක් වර අන්තර් ජාතික මට්ටමේ සම්මාන වලට බදුන් විය.එයින් මෑතකදි ඇමරිකාවේ මධ්‍යස්ථානගත නිදහස් මෘදුකාංග පදනම(Free Software Foundation) විසින් “මිනිස් සුභසාධන සහ සමාජ ප්‍රතිස්ථාපන නිදහස් සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණය” යන මැයෙන් “සමාජ ස‌ත්කාරක” මෘදුකාංගයට පිරිනැමුනු සම්මානයෙන් “සහන ව්‍යයාපෘතිය” ඇගයීමට ලක් කරන ලදී.

මෙවන් වූ විජයග්‍රහණ සමගින් ඉදිරියට යන ශ්‍රී ලංකාවේ නිදහස් සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණය ජවය වසර ගනණාවක සිට ජාතික මට්ටමෙන් මෙන්ම අන්තර් ජාතික මට්ටමෙන් සංවිධානය කළ සම්මේලන,වැඩමුලු,දැනුම බෙදා දීමේ ව්‍යයාපෘති අපමණයි.ඉන් සමහරක් පහත පරිදි වේ.

  1. .ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර්ජාතික විවෘත පරිඝණක මෘදුකාංග සම්මේලනය -2004 (Sri Lanka First Open Source Conference)
  2. නිදහස් මෘදුකාංග දිනය (Software Freedom Day -2004)
  3. FOSSed (Lighting the LAMP)(ලිනක්ස්,අපැචි,mysql සහ php එකවර මෘදුකාංගකරණයේ යෙදවීම සහ එහි ප්‍රතිලාභ මෙහිදි අවධාරණය කෙරුණි )-2005
  4. නිදහස් මෘදුකාංග දිනය (Soft Freedom Day -2005)
  5. ආසියාවේ ප්‍රථම අන්තර්ජාතික ඇපැචි සම්මේලනය-2006 සහ සමගාමි වැඩමුලු (ApacheConf Asia 2006)
  6. සරත් සෘතුවේ ගූගල් පරිඝණක වැඩසටහන්කරණය (Google Summer of Code 2006)මෙම වැඩසටහන තුලින් දේශයේ සිසු පරම්පරාවට අන්තර්ජාතික මට්ටමේ මෘදුකාංගකරණයට අවස්ථාව ලැබෙන අතර ගූගල් ආයතනය එයට ප්‍රතිපාදන සපයයි.
  7. FOSS on Wheels (බස් රථයක නැගි නේක දුෂ්කර ගම් වලට ගොස් නිදහස් සහ විවෘත පරිඝණක මෘදුකාංගකරණ දැනුම නොමිලයේ ලබා දිම.මහනුවර,මහවිලච්චිය,බුත්තල,මොණරාගල,ගාල්ල,මාතර සහ බදුල්ල වැනි ප්‍රදේශ මෙතෙක් මේ වැඩසටහන ක්‍රියාත්මක වූ ප්‍රදේශයි.

සුපුරුදු සමාජ සත්කාර්යයේ යෙදෙමින් 2007 වසර තුල පෙළ ගැසුනු FOSS වැඩසටහන්මාලාවන් අතර ජූනි 26, 27, 28 තෙදින තුල පැවැත් වූ “FOSSed On windows” වැඩමුලුව සුවිශේෂ තැනක් ගත්තේය. Windows පරිඝණක මෙහෙයුම් පද්ධතියක් (Computer operating system) භාවිතා කරමින් නිදහස්‍ සහ විවෘත පරිඝණක මෘදුකාංග (FOSS) එය තුල භාවිතා කරන්නේ කෙසේද යන්න මෙම වැඩමුලුව ඔස්සේ පහදා දෙන ලදී. මෙම වැඩමුලුවේ දී ඔබ අනවසරයෙන් භාවිතා කරන මෘදුකාංග (pirate software)භාවිතයේ අවධානම් සහ එයින් ඔබට නිදහස් විය හැකි අයුරු සාගජ්චා කෙරුනි.

වසරක් පාසා වසර පුරාවටම පෙළගැසුනු වැසටහනකට අනුව සැම විටම අලුත් දැනුමක් එකතු කරමින් අප රටේ තොරතුරු තාක්ෂණ හා පරිඝණක ක්‍ෂේත්‍රයට මහගු සේවාවක් කරන ලංකාවේ FOSS කණ්ඩායම පිලිබද ඔබට වැඩි විස්තර www.foss.lk වෙබ් අඩවිය මගින් ලබා දෙන අතර ඔබත් ඔබේ බුද්ධිමය නිදහස ගරු කරන්නේ නම් ඔබටත් මෙම FOSS ජවයේ හවුල්කරුවෙක් විය හැක.

Page 5 of 6« First...«23456»