යුනික්ස් භාවිතයේදී commandline එකේ බොහෙො විධානයන් ඇත. ඒවා භාවිතා කරන අයුරු දැනගැනීමට ඇති වැදගත් විධානයක් නම් man ය. man ගෙන් විධානයක් ගැන ඇසිය හැක.
$ man ls
$ man cp
$ man man
මෙහි අන්තිම උදාහරණයෙන් දැක්වෙන්නේ man විධානය භාවිතා කරන ආකරය පැහැදිලි කිරීම man විසින්ම ඇසීමයි.
man චලට අමතරව info මගින් ද ඇතම් විධාන ගැන උදව් ලබා ගත හැකිය. සාමන්‍යයෙන් man වලට වඩා තේරුම් ගැනීමට පහසු ආකාරයකින් info පිටු ලියා ඇත.
$ info ls
ඔබට යම් කාර්‍යක් කිරීමට අචශ්‍ය විධානය නොදැන්නේ නම් එය man දත්ත ගබඩාවෙන් සොයා ගැනීමට apropos යොදා ගත හැකිය.
$ apropos copy
වින්ඩෙොස් වල pagefile.sys මෙන් නොව ලිනක්ස් චල සාමන්‍යයෙන් භාවිතා කරන්නේ swap partition නම් වෙනමම දෘඩුකාංග බෙදුමකි. නමුත් ඔබට එවැනි ස්තීර දෘඩුකාංග බෙදුමකි වෙන් කළ නොහැකිනම්, වින්ඩොස් වල මෙන් ලිනක්ස් වලද swap file එකක් සාදා ගත හැකිය.
මේසඳහා මුලින්ම අවශ්‍ය පමනක ඉඩැති හිස් ලිපියක් සාදා ගනිමු.
# dd if=/dev/zero of=/swapfile.img bs=1G count=1
ඉහත විධානයෙන් 1GB ලිපියක් සෑදෙනු ඇත. ඉන් පසු එය swap file එකක් ලෙස format කළ යුතුය.
# mkswap /swapfile.img
අවසාන වශයෙන් swap භාවිතය ආරම්භ කළ යුතුය.
# swapon /swapfile.img
මෙය පරිගනකය පටන් ගැනීමෙදි ඉබේම සිදුකිරීමට නම් /etc/fstab තුලට ඇතුලත් කළ යුතුය.
# vi /etc/fstab
/swapfile.img none swap sw 0 0
Posted by: seejay in Blog
අපි දැන් කියලා දෙන්න හදන්නේ ubuntu CD තැටියක ඇති දත්ත සියල්ල USB ධාවකයකට පිටපත් කිරීමෙන් එම USB ධාවකය Ubuntu boot කල හැකි අකාරයට පත් කරන හැටියි මෙවැනි ubuntu USB ධාවකයක් භාවිතයෙන් CD ධාවකයක් නොමැති පරිගණකයක ලිනක්ස් ස්ථාපනය කල හැකියි.
මෙ සඳහා අපට ලිනක්ස් සථාපිත පරිගණකයක් අවශ්‍ය වෙනවා ඒ වගෙම අවශ්‍ය ubuntu සීඩී තැටියක ISO image එකක්ද අවශ්‍ය වෙනවා එය ඔබට මෙතැනින් ලබාගත හැකියි.
තවද ඔබට “vmlinux” හා “initrd.gz” යන ගොනු දෙකද මේ සඳහා අවශ්‍ය වනවා.
දැන් ඔබ කල යුත්තේ ඔබ ලබාගත් ISO file එක දිගහැර එ තුල ඇති “isolinux” නැමැති ගොනුව USB
ධාවකය තුලට පිටපත් කිරීමයි.
ඉන්පසු එම isolinux ගොනුව syslinux ලෙසට ප්‍රතිනාම(rename) කරන්න. දැන් syslinux ගොනුව(folder) අතුලට ගොස් ඒතුල ඇති isolinux.cfg ලිපිය syslinux.cfg බවට ප්‍රතිනාම කරන්න.
දැන් ඔබ කල යුත්තේ cfdisk භාවිතයෙන් USB ධාවකය bootable කිරීමයි.
දැන් sudo aptitude install syslinux යන විධානය භාවිතයෙන් syslinux සස්ථාපනය කරන්න.
දැන් sudo syslinux /dev/sdbX විධානය භාවිතයෙන් USB ධාවකය මත boot
sector එක ස්ථපනය කරන්න. (මෙහි sdbX යනු USBධාවකයයි)
අචසන් වශයෙන් උබුන්ටු CD image එක(iso file එක) USB ධාවකය තුලට පිටපත් කරන්න.
දැන් ඔබේ ubuntu ලිනක්ස් සිථාපිත USB ධාවකය සූදානම් 
Posted by: chanux in Blog

සමහර වෙලාවට එහෙම කරන්න වෙනවා. ලිනක්ස් වල වැඩ කරගෙන යනකොට වසා දමන්න බැරි මෘදුකාංග මර්ධනයට බෙහෙත මෙන්න.
පළමුව විධාන රේඛාව තුළ පහත පරිදි දක්වන්න.
$ pgrep -f programme_name
මෙහි programme_name යනු ඔබට වදයක්ව ඇති වැඩසටහනේ නාමයයි. මෙසේ කළ විට ඔබට අදාල වැඩසටහනේ සැකසුම් කේත අංකය(Process ID) ලැබේ.
$ kill 6666
මෙහි 6666 වෙනුවට යෙදිය යුත්තේ වැඩසටහනේ සැකසුම් කේත අංකයයි.
එකත් හරියන්නෙ නැත්නම්
$ kill -9 6666
දැන් තේරෙනව නේද වැඩසටහන හිර වුනාට පරිගණකයේ බලය විසන්ධි කරන්න (power off), ප්‍රති පණ ගන්වන්න(restart) ඕන නෑ කියලා?
මෙන්න kill -9 සම්බන්ධ ගීතයක්.
අන්ත්‍රාවයි: ඉංග්‍රීසි එෆ් වචනය භාවිතා වේ!

මේ කින්න යන්නේ Bluetooth තාක්‍ෂණය යෙොදා ගත් යතුරු පුවරු සහ මවුසයන්, ග්නූ/ලිනක්ස් තුලින් භාවිතා කරන්නේ කෙසේද යන්න ගැනයි. මෙහිදී bluetooth ඔබේ පරිගණකයේ ලිනක්ස් යටතේ වැඩ කරනවා ඇතයි අපි උපකල්පනය කරමු.
මුලින්ම X-windows තුල bluetooth icon, system tray එකේ ඇත්දැයි බලන්න. නැතිනම් bluetooth-icon ඇති පැකේජය ස්ථාපිත කරන්න.
$ bluetooth-icon
ඉන් පසු ඔබේ bluetooth සැකසුම් ලිපියේ (configuration file) HIDD තිබේ දැයි බල්න.
# vi /etc/default/bluetooth
HIDD_ENABLED=1
# /etc/init.d/bluetooth restart
දැන් ඔබ අවට ඇති bluetooth උපකරණ සුපිරික්සීම පහත දැක්වෙන අන්දමින් කළ හැක.
$ sudo hidd –search
Searching …
Connecting to device 00:1E:52:D0:A6:56
එවිට bluetooth-icon එක මහින් ඔබෙන් රහසිගත යතුර (passkey) pop-up එකක් මර්ගයෙන් ඇසනු ඇත. එය සාර්තකව ලබා දුන් විට යතුරු පුවරු හො මවුසයට සම්බන්ධ වනු ඇත.
මෙම ක්‍රියාවලිය ඊලඟ වර පරිගනකය පටන් ගත් විට ඉබේම කිරීමට නම් පහත අන්දමින් ඇතුලත් කරන්න.
vi /etc/bluetooth/hcid.conf
device 00:1D:4F:A6:A9:D8 {
name “Apple Wireless Keyboard”
auth enable;
encrypt enable;
}
device 00:1E:52:D0:A6:56 {
name “Mighty Mouse”
auth enable;
encrypt enable;
}
Posted by: chanux in Blog
ඊ-මේල් කරන කොට, ෆ්ලෑශ් ධාවකයෙ ඉඩ මදි වුනාම ලොකු ගොනු ගෙනියන්න ඕන වෙන මන්තරයක් මේක.
$ split -a 10m /path_to_input_file /path_to_output_files
$ split -a 640m /tmp/dvdrip.iso /tmp
split විධානයෙන් ලේසියෙන වැඩේ කර ගන්න පුලුවන්. 10m කියන්නෙ ගොනුවෙ ප්‍රමාණය, ඒකට ඔබ කැමති ප්‍රමාණයක් භාවිත කළ හැකියි.
/path_to_file කියන්නෙ ඔබට කඩන්න අවශ්‍ය ගොනුවෙහි පෙතයි(path)
/path_to_output_files කියන්නෙ කැඩූ ගොනු සුරකින(save) ස්ථානයයි.
“කඩා ගත්ත වගේ නෙමෙයි ඕව අලවන්න ගියාම” කියල හිතුනද? ඒකත් අමාරු නෑ, මේ වැඩේදි නම්. කරන්නෙ මෙහෙමයි.
$ cat /path_to_fileaa /path_to_fileab > outputfile
$ cat /tmp/aa /tmp/ab /tmp/ac > dvdrip.iso
…. ලෙස පිළිවෙලින් cat කළ යුතු ගොනු වල නම් දෙන්න. කම්මැලි නම් /path_to_file* ලෙස දෙන්න.
මේ දිනවල ෆැෂැන් එකක් බවට පත් වී ඇති 802.11b/g/n, එනම් වයර් නැති ජාල (wireless networking) බෙොහො ප්‍රසිද්ධ ස්තාන වල දැක බලා ගත හැකිය. wireless hot spot කයන මෙවට commandline මගින් ලිනක්ස් වලින් සම්බන්ධ වන හැටි කියන්නයි මේ හදන්නෙ.
මුලින්ම ඔබේ ජාල අතුරු මුහුනත් (network interfaces) වලින් wireless එක සොයා ගත යුතුය.
# iwconfig
lo no wireless extensions.
eth0 no wireless extensions.
eth1 IEEE 802.11b/g ESSID:”" Nickname:”zd1211″
ඔබ අවට ඇති wireless hot spots පිළිබඳ දත්ත ගුවන සුපිරික්සීම (scanning) ට
# iwlist eth1 scan
දැන් wireless රූටරයට (router) සම්බන්ධ වීමට එහි essid එක සහ රහසිගත WEP key එක අවශ්‍ය වේ. එමගින්
# iwconfig eth1 essid wonderland mode Managed key ABCDEFG
සම්බන්ධය සාර්තක වුනේනම් iwconfig මගින් එය දැන ගත හැක.
# iwconfig
eth1 IEEE 802.11b/g ESSID:”wonderland” Nickname:”zd1211″
Mode:Managed Frequency:2.417 GHz Access Point: 00:22:A1:0E:37:A1
Bit Rate=24 Mb/s
Link Quality=92/100 Signal level=37/100
දැන් ඉතින් සාමන්‍ය ජාල සැකසීමක් ලෙස ip address එකක් ලබ දිය හැක.
Posted by: chanux in Blog
වින්ඩෝස් එක්ස්.පී.යන්නෙ ඉබි ගමනින්ද? විස්ටා දාන එක හීනයක්ද? පරිගණකය විසි කරන්න වෙලාද? හෝව්! හෝව්!! හෝව්!!!
ග්නූ/ලිනක්ස් වලට පිං සිද්ධ වෙන්න දැන්ම ඕක විසි කරන්න ඕන නෑ. ගැලපෙන ලිනක්ස් පද්ධතියක් තියේ නම් තව කාලයක් ඕක දුවන්න පුළුවන්. ඒ වගේ ලිනක්ස් පද්ධති කිහිපයක් ගැන කියන්නයි මේ හදන්නෙ. මේ කියන ඒවා නම් ගොඩක් පරණ පරිගණක වලට හොඳයි. වින්ඩෝස් දුවන්න බැරි වුනාට අළුත් ලිනක්ස් පද්ධති බොහෝ විට හොඳට දුවයි.
Damn Small Linux.
ඩෑම් ස්මෝල් ලිනක්ස් කියන්නෙ ගොඩාක් බරින් අඩු ලිනක්ස් පද්ධතියක්. මුළු ප්‍රමාණය 50MB විතර ඇති. එය ගොඩක් ලස්සන නැති වුනත් පරණ පරිගණකයකට ඉතා හොඳයි. එහි අතුරු මුහුණතට
හුරු වීමට නවකයකුට තරමක් කල් ගියත් එය ප්‍රශස්ථයි. මෙය knoppix liniux පාදක කොට තැනූවක්.
Puppy Linux.
පපි ලිනක්ස්ද ඩෑම් ස්මෝල් ලිනක්ස් වලට ඉතා සමීපයි. එහි වෙනස එය මුල සිට ගොඩ නගා ඇති Linux From Scratch ආකාරයේ එකක් වීමයි.
Xubuntu
උබුන්ටු දැන් කවුරුත් දන්නා ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක්. එහි බරින් අඩු සංස්කරණයක් තමයි Xubuntu. එහි XFCE නමැති සැහැල්ලු වින්ඩෝ කළමනාකරු භවිත කර තිබෙනවා.
E-live
ඕබේ පරණ පරිගණකයේ RAM මතකය 128MB ට වැඩි නම් මෙන්න කියාපු බඩුව. එය ඉතාම ලස්සනයි. එය ආරම්භ වන විට 128MB ට අඩු නම් ප්‍රමාණවත් නොවන බව කිවූවත් ඒ බොරු.
එහි Enlightenment නම් වින්ඩෝ කළමනාකරු භාවිත කර තිබෙනවා. මගේ මිතුරන් කිහිප දෙනෙකුගේම පැරණි පරිගණක වල මම මෙය පිහිටුවා තිබෙනවා. ඒවා ඉතා හොඳින් වැඩ.
ඉහත සඳහන් කළේ මෙවන් ලිනක්ස් පද්ධති කිහිපයක්. තවත් ඒවා සොයා ගන්න මෙය කියවන්න. ඉදිරියටත් අප හා රැඳී සිටින්න.
Posted by: seejay in Blog
අපි ෆයර්ෆොක්ස් 3 එනකල් බලන් ඉන්නේ ගිය අවුරුද්දේ ඉඳලා. එත් තවම ඉතින් තියෙන්නේ බීටා සංස්කරණනේ. එවත් හොඳයි , හැබැයි තවම අපි භාවිතා කරන Extensions ගොඩක් 3 බීටා එක්ක වැඩ කරන්නේ නෑ. Extensions හදන අය ඉන්නේ ෆයර්ෆොක්ස් 3 නිකුත් එවා යාවත්කාල කරන්නයි. එකත් ඉතින් අපිත් මේ අය වැඩේ ඉවර කරන කල් බලන් ඉන්නවා.
එහෙම බලන් ඉන්න අයට තමා මෙ ආරංචිය. ෆයර්ෆොක්ස් 3 අනිවාර්යයෙන්ම ජුනි මාසේ නිකුත් කරන බව අපිට විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්‍න ලැබුනා. මෙ පාර නම් වැඩෙ ෂුවර්! අමතක කරන්න එපා! “සිංහලෙන්FOSS කියපු දෙයක් වැරදිලා නෑ” 
සැම ලිනක්ස්/යුනික්ස් පද්ධතියකම පාහේ ජාලය සැකසීමට gui උපකරණ (gui tool) තිබුනද ඒවා එම පද්ධතියට ආවේනික ඒවා ය. එනම් ඔබට පුරුදු නැති යුනික්ස් පද්ධතියක් හමුවුනු විට ජාලය සැකසීමට පෙර එම උපකරණය පිළිබඳව ඉගෙන ගත යුතුය. ඒ වෙනුවට සෑම යුනික්ස් පද්ධතියකම පහේ ඇති ifconfig නැමති උපකරණ ඉගෙන ගැනීම වාසිදායක වේ.
සටහන්:
ජාල අතුරු මුහුනු (network interfaces) දැක්වීමට
# ifconfig -a
ජාල අතුරු මුහුනතක් පහත දමන්න හො නැවත ක්‍රියාත්මක කරන්න
# ifconfig eth0 down
# ifconfig eth0 up
ජාල අතුරු මුහුනතකට IP address එකක් ලබා දීමට
# ifconfig eth0 192.168.1.100
# ifconfig eth1 10.0.1.100 netmask 255.255.240.0
ifconfig එකට අමතරව තවත් වැදගත් වන, සෑම යුනික්ස් පද්ධතියක ඇති විධායකයක් නම් route ය. අපට වෙනත් ජාලයකට සම්බන්ධ වීමේදී අවශ්‍ය default gateway එක මෙම විධායකය මගින් මෙලෙස දිය හැක.
# route add default gw 192.168.1.254
default gateway එක ඉවත් කිරීමට
# route del default
default gateway එක දැක බලා ගැනීමට
# route
# netstat -r
මීට අමතරව අන්තර් ජාලයේ ඇති වෙබ් අඩවි වැනි දේ භාවිතා කිරීමෙදී IP address වෙනුවට මිනිසුන්ට පැහැදිලි DNS භාවිතා කරන අතර එය වෙනුවෙන් අවශ්‍ය DNS සවර /etc/resolv.conf එකට ඇතුලත් කළ යුතුය.
# echo ‘nameserver 203.115.0.43′ > /etc/resolv.conf
# echo ‘nameserver 203.115.0.46′ >> /etc/resolv.conf
නමුත් වඩාත් පහසු වන්නේ ඔබේ ජාලයේ DHCP සවරයක් මගින් ජාලය සැකසීම කරගැනීමය.
# dhclient eth0
# dhcpcd eth0