Archive for February, 2011

24
Feb

Podcast Episode 49: නොකියා නාටකය

   Posted by: chanux   in Podcast

සිංහලෙන් ෆොස් (50-1) වෙතින් ඔබට මෙවර…

නොකියා වින්ඩෝස් ෆෝන් 7 සමග හාද වීම සහ එය මීගෝ, Qt බඳු FOSS ව්‍යාපෘති වලට බලපාන ආකාරය පිළිබඳ කතා බහක්, වින්ඩෝස් ෆෝන් මාකට් තුළ නිදහස් හා විවෘත මෘකාංග වලට දොර වැසීම, ඉන්ටෙල් මීගෝ සමග ඉදිරියට යාම, ෆයර්ෆොක්ස් නව මාවතකට යාම, ග්නෝම් ශෙල් නව තතු, ෆෙඩෝරා – ඕපන් සුසෙ යුනිටි අත් හැරීම, ජරමන් විදේශ සේවා කාර්යාලය ලිනක්ස් අත හැරීම, කැනොනිකල් බැන්ෂීට කරන කෙණෙහිලි ඇතුළු තවත් බොහෝ තොරතුරු රැසක් අසා දැන විඳ ගත හැක :) .

(Image via reddit | click to have a good geeky laugh)

විශේෂාංග ලෙස ලිනක්ස්  විධාන රේඛාව (command line) තුළ සැරිසැරීම පහසු කරවන z වැඩසටහන අතුළු තවත් ඔත්තු කිහිපයක් ගෙන එමු.


Show Notes

Feature

12
Feb

Podcast Episode 48: විකි තතු

   Posted by: chanux   in Podcast

දකුණු කොරියාවේ සිට සංස්කරණය කරන ලද 😉 සිංහලෙන් ෆොස් 48 වන වැඩ සටහනින් ඔබ වෙත…

ඩෙබියන් 6 ස්ක්වීස් නිකුතුව, ඇන්ඩ්‍රොයිඩ් 3.0 HoneyComb ටැබ්ලට් පරගණක සඳහා වන නිකුතුව, ෆෙඩෝරා නව තේමා වෙනස, මීගෝ සමග එන ටැබ්ලට් පරිගණක, VideoLan ව්‍යාපෘතියේ දස වස් සැමරුම, OpenOffice සහ LibreOffice සටන ඇතුළු තවත් බොහෝ පුවත් සමග ගොණු පද්ධති (File systems) වල වේගය සසඳන සමික්ෂණයක තතුද ඔබ වෙත ගෙන එන්නෙමු.

HoneyComb Bee

මෙවර විශේෂාංගය ලෙස විකි මෘදුකාංග පිළිබඳ තොරතුරු රැසක් ඔබ වෙත ගෙන එන්නෙමු.

Show Notes (යොමු සටහන්)

Feature

Wiki

Angry Birds Can be run on Linux

2
Feb

Podcast Episode 47: 2011 FOSSට කොහොමද?

   Posted by: chanux   in Podcast

දෙමසක නිහැඬියාව බිඳ මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබට, යට ගියාවේ වැදගත් කරුණු අතරින් මයික්‍රොසොෆ්ට් කයිනෙක්ට් ජනප්‍රියත්වය, උබුන්ටු X-server ඉවත දමා Wayland වෙත මාරු වීම, OpenBSD IPSEC කතාබහ, Oracle javaහි අනාගතය තීරණය කිරීමේ අයිතිය දිනා ගැනීම පිළිබඳ තොරතූරු ගෙන එමු.

නව තොරතුරු අතර… 2011ට FOSS අනාවැකි, LibreOffice හා OpenOffice නව තතු, Oracle – Google සටනේ නව තතු, ලිනක්ස් සැමට නව පැකේජ් මැනේජරයක්, ඕස්ට්‍රේලියාවේ අභ්‍යවකාශ වැඩසටහන බල ගැන්වීමට FOSS සහ ලිනක්ස්, උබුන්ටු පාදක කොට ගත් නව සරල මෙහෙයුම් පද්ධතිය ElementaryOS සහ FOSS හිත මිත්‍ර චමින්ද්‍ර ද සිල්වා සම්බන්ධව ලියූ විවෘත මෘදුකාංග සංවර්ධනය පිළිබඳ ග්‍රන්ථය ඇතුළු තොරතුරු රැසක් අඩංගු වේ.

Show Notes (යොමු සටහන්)

What we’ve missed.

New News

Shoutout

Credits