Archive for October, 2010

සිංහලෙන් ෆොස් 45 වන වැඩසටහනින් ඔබ වෙත,

මයික්‍රොසොෆ්ට් ඕපන් ඔෆිස් සමග සටනට, ඕපන් ඔෆිස් මහා පෙරළිය, ඔරකල් – MySQL නව තතු, මයික්‍රොසොෆ්ට් Hyper-V සහ ඕපන් ස්ටැක් එක මුතුව, IE වෙළඳ පොළ අයිතිය 50%න් පහළට, විකි ලීක්ස් ගෙන එන යුරෝපීය ඕපන් සෝස් අඩපණ කිරීමේ තොරතුරු මෙන්ම ඇන්ඩ්‍රොයිඩ්, ෆයර්ෆොක්ස් නව තතු ඔබ වෙත ගෙන එන්නෙමු.

වැඩ සටහන අවසානයේ උබුන්ටු ලෝකයේ සැඟවුණු, පෙරළිකාර, නැවුම් තතු විත්ති රැසක්ද ඔබ වෙත ගෙන එන්නෙමු. උබුන්ටු 10.10 මැව්රික් මියර්කැට් නිකුතුව සහ එහි නෙට්බුක් සංස්කරණය පිළිබඳ අප අදහස්ද ඔබ සමග බෙදා හදා ගන්නෙමු.

Show Notes (යොමු සටහන්)

මෙවර සිංහලෙන් ෆොස් වතින් ඔබ වෙත…
අපගේ ආදරණීය විවෘත මීඩියා ප්ලේයරය iPad සහ iPhone වෙත, ඔරකල්ගේ නොබිඳෙන ලිනක්ස් සහ java ප්‍රතිපත්තිය, ලිනක්ස් වල අවුලක්, Apple – GCC නෝක්කාඩුව, Broadcom රැහැන් රහිත ජාල ධාවක විවෘත මෘදුකාංග බවට, ලිනක්ස් මින්ට්‍ ඩෙබියන් සංස්කරණය ඇතුලු තවත් බොහෝ තොරතුරු ගෙන එන්නෙමු.

එමෙන්ම මේ වසරේ නිදහස් හා විවෘත මෘදුකාංග දිනය සමරමින් ශ්‍රී ලංකාවේ පැවති විවිධ වැඩ සටහන් පිළිබඳ කතා බහක්ද ගෙන එන්නෙමු.

යොමු සටහන් (Show Notes)