Archive for March, 2010

28
Mar

Podcast Episode 38: හැම තැන හබ

   Posted by: chanux   in Podcast

සිංහලෙන් ෆොස් තිස් අට වන වැඩ සටහනින් ඔබ වෙතට…

ග්නූ ලිනක්ස් / ඕපන් සෝස් රෙදි සෝදන සහ තවත් යන්ත්‍ර, විවෘත තාක්ෂණය වැළඳ ගන්නා ආයතන/ව්‍යාපෘති රැසක්, ගූග්ල් – ඇපල් හබය පිළිබඳ නව තතු, සැමදා අප හා සිටින මයික්‍රොසොෆ්ට් පිළිබඳ තතු, විවෘත මෘදුකාංග ක්ෂේත්‍රයේ බල කණු, ඔරකල් හැර යන සන් උදවිය, විකිපීඩියාවේ නිදහස්/විවෘත මෘදුකාංග වෛරය, උබුන්ටුවේ ප්‍රජාතන්ත්‍ර වෛරය ඇතුළු තවත් රසබර, හරබර, දුක්බර හා මෙ හැම සමගින් සමබර පුවත් රැසක්.

 
icon for podpress  Standard Podcast [1:20:17m]: Play Now | Play in Popup | Download
icon for podpress  low quality, small size (19MB) [1:20:17m]: Download

යොමු සටහන් (Show Notes)

මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබ වෙත…
නිදහස් හා විවෘත මෘදුකාංග මානසික සුවයට ඉඩ සලසන බව දක්වන පුවතක්, ඕස්ට්‍රේලියාවේ ඡන්ද වැඩට ලිනක්ස් යොදා ගැනීම, Gnome, KDE, XFCE, LXDE හොඳ නරක පිරික්සීමක්, Mozilla Public License වල සංශෝධනයක්, ෆෙඩෝරා 13 නිකුත් වීම, පේටන්නට් කතා ඇතුළු තවත් විස්තර රැසක් ඔබ වෙත ගෙන එන්නෙමු.

ප්‍රවෘත්ති අවසන, NoSQL යන නව Data Base සංකල්පය පිළිබඳ සාකච්ඡා කරන්නේ නිදහස් හා විවෘත NoSQL මෘදුකාංග කිහිපයක් හඳුන්වා දෙමින්.

ආවර්ජනය : FOSS බලපත්‍ර පිළබඳ අප කළ වැඩ සටහන. (බලපත්‍ර පිළිබඳ විශේෂාංගය 58 වන විනාඩියේ සිට)

 
icon for podpress  Standard Podcast [1:36:03m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [1:36:03m]: Download

යොමු සටහන් (Show Notes)

ie6 funeral

ඔන්න ඉතින්, බොහෝ කලකට පසු වේලාවට නිකුත් කරන්න හැකි වුනා.

මෙවර 36 වැනි වැඩසටහනෙන්, Linux වලින් ධාවනය වන මෝටර් සයිකලයක් ගැනත්, DRM නිසා වන හානිය ගැන අවබෝධ කිරවීමට දිනයක් වෙන්කර ඇති බවත්, Apple සමාගම HTC සමාගමට විරුද්ධව නඩු පැවරීම ගැනත්, පසුගිය වැඩසටහනේ කියූ Meego OS එක n900 දුරකථනයට පැමිණෙන බවට Nokia ගෙන් පොරොන්දුවක් ගැනත්, සතුටුදායක මරණයක් පිළිබඳ තොරතුරු ඇතුළු තවත් ප්‍රවෘත්ති රැසක් ඔබ වෙත.

තවද විශේෂාංගයක් ලෙස අපේ podcast එක ප්‍රමාද වන විට ඇසිය හැකි වෙනත් FOSS podcast පිළිබඳව අපි ගෙන එන්නෙමු.

 
icon for podpress  Standard Podcast [1:19:00m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [1:19:00m]: Download

යොමු සටහන් (Show Notes)

FOSS Podcasts