Archive for May 13th, 2009

වෙසක් උත්සවයෙන් පසු ගෙනෙන සිංහලෙන් FOSS වැඩසටහනින් අපි වෙසක් සඳහා සුවිශේෂී නිර්මාණයක් ඔබ වෙත ගෙන එන්නේ අපේ Bud සහ ඔහුගේ බිරිඳ කාංචනාගේ මහත් කැපවීමට ස්තුතිවන්තවයි :) . එම නිර්මාණය අප අද ගෙනෙන පින්තූර වලින් ඔබට නැරඹිය හැකියි. වැඩි විස්තර වැඩසටහන තුළින්….

tux_lantern1

මෙවර විකාශයෙන් ඔබට Microsoft නවතම සෙවුම් යන්ත්‍රය (search engine) පිළිබඳ විස්තර එය අපට වැදගත් වන්නේ ඇයිද යන්න සමග දැන ගත හැකියි. එමෙන්ම අපගේ මුල් විකාශයන් වලදී දැඩි ලෙස කතා බහට ලක් වූ OOXML සහ ODF වලට සම්බන්ධ පුවතක්ද ඔබ වෙත ගෙන එන්නෙමු. තවද Firefox පරිශීලක සංඛ්‍යා දත්ත, Firefox වැදගත් ඉදිරි සැලසුමක් පිළිබඳ තොරතුරු, කියුබාව ගෙන එන GNU/Linux අධ්‍යාපනික ක්‍රීඩාවක්, Linux Journal පාඨක තේරීම සම්මානයේ තොරතුරු, කලකට පසු Netbook සම්බන්ධ ප්‍රවෘත්ති කිහිපයක් ඇතුල තවත් බොහෝ දේ ඔබට දැන ගත හැකියි.

මෙවර විශේෂාංග ලෙස Phatch – Photo Batch Processor සමූහ පින්තූර සංස්කාරක මෘදුකාංගය පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නෙමු. යොමු සටහන් (show notes). පහත දැක්වෙන්නේ Phatch මගින් සකස් කළ අපගේ පින්තූරයකි.

මෙම ඡායා රූපය UCSC studio තුළදී ලබ ගත්තකි. ඉදිරියෙන් ටක්ස් වෙසක් කූඩුව දැක ගත හැක.

in_studio_phatched1

 
icon for podpress  Standard Podcast: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media: Download

(OGG ගොණුව ප්‍රමාණයෙන් කුඩා බව සලකන්න. )

Part 1

Part 2

යොමු සටහන් (show notes)

Some Netbook News

Feature

Phatcth – the photo batch editor.

අපගේ මෙතෙක් ගමන් මග දැක්වෙන ඡායාරූප රැගත් කුඩා විඩියෝ පටයක් මෙහිදී නරඹන්න.