Archive for May 4th, 2009


සිංහලෙන් FOSS විසි දෙවන වැඩසටහන අරඹන්නේ අප වැඩ සටහනට ඉතා වැදගත් මොහොතක් සනිටුහන් කරමින්. මේ පිළිබඳ අපේ දීර්ඝ කාලීන රසික ඔබ සැමගේ අදහස් විමසීමට අපි ඉතා කැමැත්තෙමු. වැඩ සටහන අසා ඔබේ අහස් අප වෙත යොමු කරන්න.

මෙවර ප්‍රවෘත්ති ලෙස Oracle සමාගම විසින් FOSS හිතවත් Sun සමාගම මිල දී ගැනීම පිළිබද ගැඹුරින් සාකච්‍ඡා කරන අතර, Ubuntu 9.04 Jaunty Jackalope පිළිබඳ වැඩි දුර විස්තර සහ Google හරහා ගෙන එන Ubuntu හපන් කම්, මයික්‍රොසොෆ්ට් / වින්ඩෝස් 7 වල FOSS සහ GNU/Linux වෙත බල පෑම, PostgreSQL නව සංස්කරණය, ලිනක්ස් නව කර්නලය පිළිබඳ තොරතුරු ඇතුළු තවත් තොරතුරු බොහොමයක් ඔබ වෙත ගෙන එන්නෙමු.

වැඩ සටහනේ ආරම්භයේදී පසුගියදා නුගේගොඩ TLC(The Linux Center) ආයතනයේ පැවැත්වුනු ෆයර්ෆොක්ස් සාදය (Firefox Party) අතරතුර පටි ගත කළ රසබර හඬ පටයක් ඉදිරිපත් කරන්නෙමු. සාදය සංවිධානයේදී මහත් දායකත්වයක් ලබා දුන් අප හිත මිතුරු සුචේත, Party pack එක අපට ගෙන්වා දුන් ළහිරු සොයුරා ඇතුළු නන් අයුරින දායකත්වය දුන් සහ එම අවස්ථාවට සහභාගී වූ සැමට ස්තුති වන්ත වෙමු.

Firefox party Photos

  • From Bud
  • More to come (if you have photos please le us know)

 
icon for podpress  Standard Podcast [53:27m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [53:27m]: Download

Part1

Part2

යොමු සටහන් (Show Notes)

Features

  • Tonido – Cloud in your home or in a little plug in your home)