Archive for February, 2009

siraj_linus
මෙවර සිංහලෙන් FOSS ඔබ වෙත ගෙන එන්නේ සාඩම්බර දෙවන වරටත්… මෝටර් රථයේ ගමන් කරන අතර තුරයි 😀 . මෙම විකාශයෙන් ඔබට Debian 5.0 දොරට වැඩුම, කියුබානුවන්ගේ ස්වදේශීය ග්නු/ලිනුක්ස් පද්ධතිය, Windows 7 netbook වික්‍රමය, Compiz නවතම තොරතුරු, Microsoft – Red Hat නව ආලය ඇතුලු තොරතුරු රාශියක් අසා දැන ගත හැකියි 😉 .
මෙවර විශේෂාංග ලෙස Miro Internet TV දෙවන සංස්කරණය පිළිබඳ තොරතුරු ගෙන එන අතර කලකට පසු සම්මුඛ සාකච්ඡාවක් ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවෙ පැවති Linux.conf.au වැඩමුලුවට ශ්‍රී ලංකාව නියොජනය කරමින් එක් වූ අප හිත මිත්‍ර සිරාජ් රාසික් සමගයි. එහිදි ඔබට Linux.conf.au හි නවතම තාක්ෂණික සහ රසබර පුවත් දැන ගත හැකියි.

Show Notes –  යොමු සටහන්

Feature – විශේෂාංගය

නොමිලේ භාගත කිරීමට ග්නූ/ලිනක්ස් උපකාරක පොත්.

අනෙකුත් සහෝදර ශ්‍රී ලාංකික Podcasts.

Unibody Macbook running Ubuntu with mac4lin
බලාපොරොත්තු නොවූ දෙසතියක නිහැඬියාවෙන් පසු නැවතත් සිංහලෙන් FOSS ඔබ වෙතට. මෙවර ප්‍රවෘත්ති අතර Sony නව Cybershot කැමරාවේ ලිනක්ස් ධාවනය,ලයිනස් ටෝරවාල්ඩ්ස් KDE අත් හැර Gnome වෙත මාරු වීම, Mozilla පදනම OGG දියුණුවට මුදලින් උපකාර කිරීම, අසල්වැසි රාජ්‍යයේ නිදහස් මෘදුකාංග පා ගමන, සේවයෙන් පහ කෙරුනු මයික්‍රොසොෆ්ට් සේවකයන්ට නිදහස් මෘදුකාංග පිහිට, KDE කණ්ඩායම ගෙන එන Microsoft exchange server සඳහා GNU/Linux පිළිතුරු ඇතුලු තවත් තොරතුරු රැසක් සමග මුසු කොට විශේෂාංග කිහිපයක්ද ගෙන එන්නෙමු.

විශේෂාංග

webilder
wallpaper-tray (package manger වෙතින් ලබා ගන්න) (Gnome Wallpaper මාරු කිරීමට වෙනත් විධි )

සිංහලෙන් FOSS අසන්නන් වෙනුවෙන් e-live stable version භාගත කිරීමට ඇරයුම් පත පහක් ලබා ගන්න. වැඩි විස්තර podcast එක අතරතුර.

දැන් සිංහලෙන් FOSS නවතම විස්තර Identica තුළින්ද ලබා ගත හැකියි. Identica පිළිබඳ වැඩි විස්තර ඔබට Podcast එක ඇසීමෙන් දැන ගත හැකියි.

Show Notes (යොමු සටහන්)