Archive for September 26th, 2008

මෙවර සිංහලෙන් FOSS වෙතින් මේ වසරේ මෘදුකාංග නිදහස් දින වැඩ සටහන් කිහිපයක් පිළිබඳ තොරතුරු පළමුවෙන් ගෙන එන්නෙමු.

මෙම වැඩ සටහනේ ප්‍රවෘත්ති ලෙස Open GL සැබෑ ලෙසම නිදහස් මෘදුකාංගයක් වීම, Nokia Linux වෙත ලබා දෙන දේ සහ Symbian Linux පිළිබඳ දක්වන අදහස්, SUSE සහ Microsoft සබඳතාවයේ නවතම තොරතුරු, HP සමාගමේ රහස් කටයුතු, Netbook/UMPC වෙළඳ පොළ තුළ Linux සමග තරඟ කිරීමට සැරසෙන Windows මෙන්ම නවතම UMPC කිහිපයක් පිළිබඳ තොරතුරු සමග VLC නව පෙනුම සහ Cisco සමාගම Jabber මිළට ගැනීම ඇතුළු තොරතුරු ඔබ වෙත ගෙන එන්නෙමු.

මෙවර විශේෂාංග ලෙස අපි කොළඹ මහා පොත් ප්‍රදර්ශනයේදී ලබා ගත හැකි FOSS/Linux සම්බන්ධ පොත් පිළිබඳ තොරතුරු ගෙන එන්නේ බණ්ඩාරනයක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිටය.

 
icon for podpress  Standard Podcast [1:00m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [1:00m]: Download

අපගේ podcast Flash Player මගින් ඇසීමටFriendfeed.com sinhalenFOSS room

Show Notes (යොමු සටහන්)