Archive for September 12th, 2008

පසුගිය සිංහලෙන් FOSS 12 වැනි කොටසෙහි අදුන්වා දුන් Stardict ශබ්තකෝශයට, EnSiTip මෙන් තිරයේ ඇති අකුරු (on-screen keywords) පරිවර්තනය කළ හැකි බවත්, එනමුත් තවමත් ඉංග්‍රීසි සිට සිංහල බවට එය කළ නොහැකි බවත් අපි සඳහන් කළෙමු. Stardict එකට මෙම හැකියා ලබාදීම අසීරු කාර්යක් නොවන බව හැගුනු නිසා මා එම කාර්යට යොමුවිය.

ඉතින් EnSiTip හි ඇති ඉංග්‍රීසි – සිංහල වචන භාවිතයෙන් ඉතා පහසුවෙන් එය Stardict ට තේරන ආකාරයකට සැකසුවෙමි. ඉන්පසු මට හිතුනා සිංහල – ඉංග්‍රීසි කරන එකත් එතරම් අමාරු විය නොහැකි බව. ඉතින් එය කිරීමට පොඩි perl script එකක් ලිය, අවශ්‍ය පරිදි පරිවර්තනය ඉටු කර ගත්තා.

මෙය ස්ථාපිත කිරීමට පෙර startdict ස්ථාපිත කළගත යුතුය. ඉන්පසුව /usr/share/stardict/dic හො C:\Program files\stardict\dic\ වෙත මෙම .tar.gz ගොනුව දිගහරින්න.