Archive for September, 2008

මෙවර සිංහලෙන් FOSS වෙතින් මේ වසරේ මෘදුකාංග නිදහස් දින වැඩ සටහන් කිහිපයක් පිළිබඳ තොරතුරු පළමුවෙන් ගෙන එන්නෙමු.

මෙම වැඩ සටහනේ ප්‍රවෘත්ති ලෙස Open GL සැබෑ ලෙසම නිදහස් මෘදුකාංගයක් වීම, Nokia Linux වෙත ලබා දෙන දේ සහ Symbian Linux පිළිබඳ දක්වන අදහස්, SUSE සහ Microsoft සබඳතාවයේ නවතම තොරතුරු, HP සමාගමේ රහස් කටයුතු, Netbook/UMPC වෙළඳ පොළ තුළ Linux සමග තරඟ කිරීමට සැරසෙන Windows මෙන්ම නවතම UMPC කිහිපයක් පිළිබඳ තොරතුරු සමග VLC නව පෙනුම සහ Cisco සමාගම Jabber මිළට ගැනීම ඇතුළු තොරතුරු ඔබ වෙත ගෙන එන්නෙමු.

මෙවර විශේෂාංග ලෙස අපි කොළඹ මහා පොත් ප්‍රදර්ශනයේදී ලබා ගත හැකි FOSS/Linux සම්බන්ධ පොත් පිළිබඳ තොරතුරු ගෙන එන්නේ බණ්ඩාරනයක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිටය.


අපගේ podcast Flash Player මගින් ඇසීමටFriendfeed.com sinhalenFOSS room

Show Notes (යොමු සටහන්)


මෙවර සිංහලෙන් FOSS වෙතින්, මෑතකදී සිදුකරන ලද භෞතික විද්‍යාවේ ලොකුම ව්‍යාපෘතියක් ලෙස සලකන විශ්වයේ ආරම්භය සම්බන්ධ පර්යේෂණ සඳහා යොදා ගත් OSඑක කුමක්ද යන්න ගැනත්, එම OS එක hack කිරීමට ගත් තැතක් ගැනත් සඳහන් කොට, ඉන්පසුව ලිනක්ස් සම්බන්ධයෙන් ගාට්නර්ලගේ තවත් පරස්පර විරෝධී වර්තාවක් ගැනත්, Lenavo සමාගම විසින් Linux pre-install නොකිරීමට අදහස් කළ බවට පුවතක් ගැනත් සඳහන් කොට, මෙවරත් අපි විශේෂාංග කිහිපයක් ගෙන එන්නෙමු.


අපගේ podcast Flash Player මගින් ඇසීමටFriendfeed.com sinhalenFOSS room

Show Notes (යොමු සටහන්)

පසුගිය සිංහලෙන් FOSS 12 වැනි කොටසෙහි අදුන්වා දුන් Stardict ශබ්තකෝශයට, EnSiTip මෙන් තිරයේ ඇති අකුරු (on-screen keywords) පරිවර්තනය කළ හැකි බවත්, එනමුත් තවමත් ඉංග්‍රීසි සිට සිංහල බවට එය කළ නොහැකි බවත් අපි සඳහන් කළෙමු. Stardict එකට මෙම හැකියා ලබාදීම අසීරු කාර්යක් නොවන බව හැගුනු නිසා මා එම කාර්යට යොමුවිය.

ඉතින් EnSiTip හි ඇති ඉංග්‍රීසි – සිංහල වචන භාවිතයෙන් ඉතා පහසුවෙන් එය Stardict ට තේරන ආකාරයකට සැකසුවෙමි. ඉන්පසු මට හිතුනා සිංහල – ඉංග්‍රීසි කරන එකත් එතරම් අමාරු විය නොහැකි බව. ඉතින් එය කිරීමට පොඩි perl script එකක් ලිය, අවශ්‍ය පරිදි පරිවර්තනය ඉටු කර ගත්තා.

මෙය ස්ථාපිත කිරීමට පෙර startdict ස්ථාපිත කළගත යුතුය. ඉන්පසුව /usr/share/stardict/dic හො C:\Program files\stardict\dic\ වෙත මෙම .tar.gz ගොනුව දිගහරින්න.

මෙවර සිංහලෙන් FOSS වෙතින් …

ඔබ දැනටමත් දන්නා ඇති Google Chrome වෙබ් ගවේශකයක ගැන අපේ අදහස් සහ GNU/Linux හි දිවීමට ගත් උත්සහය ගැනත්, Mozilla විසින් Chrome නිකුත් කිරීමට දිනකට පමණ කලින් නිකුත් කල Ubiquity නැමති වෙබ් ගවේශනය පහසු කරන Firefox plugin එක ගැනත්, Firefox වෙතින් GNU/Linux වෙත “කුඩම්මාගේ සැලකිලි” ලැබෙන බනට ජෝදනා කරන පුවතක් ගැනත්, Quebec හි FOSS කන්ඩායමක් විසින් එහි රජය උසාවියට ගෙන යෑමේ පුවතක් ගැනද, ලංකාවේ සිදුවන Software piracy කරන උදවිය අල්ලා උසාවි වෙත ගෙන ඒමට BSA විසින් නීතිඥ පත්කිරීම ගැනද, ලිනක්ස් දුවන නවතම Gadget කහිපයක් ගැනත්, Amazon හරහා OLPC පොදු ජනයා වෙත ලබා දීම ගැනත්, තවත් පුවත් රැසක් ගැනත් අපි තොරතුරු ගෙන එන්නෙමු.


අපගේ podcast Flash Player මගින් ඇසීමටFriendfeed.com sinhalenFOSS room

Show Notes (ශෝ සටහන්)