
මෙවර සිහලෙන් FOSS තුළින් අපි Fedora/Red Hat Servers වලට සිදුවූ කරදරයක් ඇතුලුව ග්නූ/ලිනක්ස් වල ජනප්‍රියතාව මැන බැලීමක්, සුවිශේෂී උපන් දින දෙකක්, Novell - Micrsoft ගණු දණුවක් ආදිය පිළිබඳ තොරතුරු මෙන්ම Ubuntu නිපදවන Canonical සමාගම ලික්ස් පදනම සමග එක් වීම, Ma.gnolia කේත විවෘත කිරීම ඇතුලු නවතම පුවත් රැසක් ගෙන එන්නෙමු.
මෙවර විශේෂාංග ලෙස නිදහස් හා විවෘත ශබ්දකෝෂ මෘදුකාංග පිළිබඳ තොරතුරු ඇතළු, ග්නූ/ලිනක්ස් ස්ථාපිත කොට අත්හදා බැලිය හැකි පහසු ක්‍රමයක් පිළිබඳ තොරතුරු ගෙන එන්නෙමු.

Standard Podcast [59:50m]:
Play Now |
Play in Popup |
Download

Other Media [59:50m]:
Download
අපගේ podcast Flash Player මගින් ඇසීමට -
Friendfeed.com sinhalenFOSS room
Show Notes (යොමු සටහන්)
News (ප්‍රවෘත්ති)
Features (විශේෂාංග)

මෙවර 11 වෙනි කොටස තුලින්, අපි IBM සමාගමේ උප සභාපති විසින් කරන ලද, OOXML ISO සම්මතයක් වූ ආකරය සහ Open Source සමාජය නිර්‍මානශීලි එකක් නොවන බවට කරන ලද ප්‍රකාශ ගැනද, බාමර් මහතාගේ Open Source වෛරය නිසා දෝ, Open Source යන වචනය බහුලව දක්නට ඇති M$ හි නවතම වාර්ෂික වාර්තාව ගැනද, Sun විසින් Virtualbox සම්පූර්ණයෙන්ම GPL යටතෙන් මුදා හැරීම ගැනද, VMWare විසින් GPL උළ්ලංගණ චෝදනා තිබියදීත් Linux Foundation එකට බැඳීම ගැනද, පුවත් සමග අදහස් ගෙන එන්නෙමු.

Standard Podcast [31:43m]:
Play Now |
Play in Popup |
Download

Other Media [31:43m]:
Download
Show Notes (ශෝ සටහන්)

මෙවර සිංහලෙන් FOSS වෙතින් අපි M$ හි Open Source සහ LGPL සඳහා ඇති නව ආලය ගැනද, ඔවුන් Apache Software Foundation (AFS) සමග බැඳීමට යන ප්‍රවෘතියක් ගැනද, විවෘත සහ නිදහස් මෘදුකාංග සම්බන්ධ රැකියා අවස්ථා වල වර්ධනයක් වී ඇතැයි කියන පුවතක් ගැනද, Intel මගින් LPI විභාග අපේක්‍ෂකයන්ට සහනයක් දෙන පුවතක් ගැනද, තවත් පුවත් රැසක් ගැනද සාකච්ජා කළෙමු.
ඉන්පසුව, අපට ගැලවීමක් නැති, මෘදුකාංග සම්බන්ධයෙන් ඇති ප්‍රකාශන අයිති සහ මෘදුකාංග සඳහා ඇති බලපත්‍ර (Software Licenses) සහ විශේෂයෙන් අපට වැදගත් වන FOSS Licenses ගැනද කෙටි හැඳින්වීමක් කරනු ඇත.

Standard Podcast [1:22m]:
Play Now |
Play in Popup |
Download

Other Media [1:22m]:
Download
Show Notes (ශෝ සටහන්)
මෙවර සිංහලෙන් FOSS වෙතින්, Xandros විසින් Linspire සමාගම මිලදී ගැනීම ගැනද, ඉන්දියාවෙ ළමුන් ලක්ෂයකටත් වඩා GNU/Linux හදුන්වා දීමේ ගැනද සහ OOXML වලට විරුද්ධව විවිධ රටවල් ගෙන එන චෝදනා ISO මගින් ප්‍රතික්‍ෂෙප කිරීම සම්බන්ද ප්‍රවෘත්තියක්ද අපි ගෙන එන්නෙමු. අවසාන වශයෙන් Windows වල බහුල වෛරස, පණු යනාදී ඇබැද්දි වලින් ආරක්ෂා වීමට උපකාරි වන FOSS tools කිහිපයක් ගැනද විස්තර අපි ගෙන එන්නෙමු.
Show Notes (ශෝ සටහන්)