අපි දැන් කියලා දෙන්න හදන්නේ ubuntu CD තැටියක ඇති දත්ත සියල්ල USB ධාවකයකට පිටපත් කිරීමෙන් එම USB ධාවකය Ubuntu boot කල හැකි අකාරයට පත්‍ කරන හැටියි මෙවැනි ubuntu USB ධාවකයක් භාවිතයෙන් CD ධාවකයක් නොමැති පරිගණකයක ලිනක්ස් ස්ථාපනය කල හැකියි.

මෙ සඳහා අපට ලිනක්ස් සථාපිත පරිගණකයක්‍ අවශ්‍ය වෙනවා ඒ වගෙම අවශ්‍ය ubuntu සීඩී තැටියක ISO image එකක්ද අවශ්‍ය වෙනවා එය ඔබට මෙතැනින් ලබාගත හැකියි.

තවද ඔබට “vmlinux” හා “initrd.gz” යන ගොනු දෙකද මේ සඳහා අවශ්‍ය වනවා.

දැන් ඔබ කල යුත්තේ ඔබ ලබාගත් ISO file එක දිගහැර එ තුල ඇති “isolinux” නැමැති ගොනුව USB
ධාවකය තුලට පිටපත්‍ කිරීමයි.

ඉන්පසු එම isolinux ගොනුව syslinux ලෙසට ප්‍රතිනාම(rename) කරන්න. දැන් syslinux ගොනුව(folder) අතුලට ගොස් ඒතුල ඇති isolinux.cfg ලිපිය syslinux.cfg බවට ප්‍රතිනාම කරන්න.

දැන් ඔබ කල යුත්තේ cfdisk භාවිතයෙන් USB ධාවකය bootable කිරීමයි.
දැන් sudo aptitude install syslinux යන විධානය භාවිතයෙන් syslinux සස්ථාපනය කරන්න.

දැන් sudo syslinux /dev/sdbX විධානය භාවිතයෙන් USB ධාවකය මත boot

sector එක ස්ථපනය කරන්න. (මෙහි sdbX යනු USBධාවකයයි)
අචසන් වශයෙන් උබුන්ටු CD image එක(iso file එක) USB ධාවකය තුලට පිටපත් කරන්න.

දැන් ඔබේ ubuntu ලිනක්ස් සිථාපිත USB ධාවකය සූදානම් :)

This entry was posted on Saturday, April 19th, 2008 at 4:00 pm and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment