Archive for April, 2008

මේ දිනවල ෆැෂැන් එකක් බවට පත් වී ඇති 802.11b/g/n, එනම් වයර් නැති ජාල (wireless networking) බෙොහො ප්‍රසිද්ධ ස්තාන වල දැක බලා ගත හැකිය. wireless hot spot කයන මෙවට commandline මගින් ලිනක්ස් වලින් සම්බන්ධ වන හැටි කියන්නයි මේ හදන්නෙ.

මුලින්ම ඔබේ ජාල අතුරු මුහුනත් (network interfaces) වලින් wireless එක සොයා ගත යුතුය.

# iwconfig

lo        no wireless extensions.
eth0      no wireless extensions.
eth1      IEEE 802.11b/g  ESSID:””  Nickname:”zd1211″

ඔබ අවට ඇති wireless hot spots පිළිබඳ දත්ත ගුවන සුපිරික්සීම (scanning) ට
# iwlist eth1 scan

දැන් wireless රූටරයට (router) සම්බන්ධ වීමට එහි essid එක සහ රහසිගත WEP key එක අවශ්‍ය වේ. එමගින්
# iwconfig eth1 essid wonderland mode Managed key ABCDEFG

සම්බන්ධය සාර්තක වුනේනම් iwconfig මගින් එය දැන ගත හැක.
# iwconfig
eth1      IEEE 802.11b/g  ESSID:”wonderland”  Nickname:”zd1211″
Mode:Managed  Frequency:2.417 GHz  Access Point: 00:22:A1:0E:37:A1
Bit Rate=24 Mb/s
Link Quality=92/100  Signal level=37/100

දැන් ඉතින් සාමන්‍ය ජාල සැකසීමක් ලෙස ip address එකක් ලබ දිය හැක.

වින්ඩෝස් එක්ස්.පී.යන්නෙ ඉබි ගමනින්ද? විස්ටා දාන එක හීනයක්ද? පරිගණකය විසි කරන්න වෙලාද? හෝව්! හෝව්!! හෝව්!!!

ග්නූ/ලිනක්ස් වලට පිං සිද්ධ වෙන්න දැන්ම ඕක විසි කරන්න ඕන නෑ. ගැලපෙන ලිනක්ස් පද්ධතියක් තියේ නම් තව කාලයක් ඕක දුවන්න පුළුවන්. ඒ වගේ ලිනක්ස් පද්ධති කිහිපයක් ගැන කියන්නයි මේ හදන්නෙ.  මේ කියන ඒවා නම් ගොඩක් පරණ පරිගණක වලට හොඳයි. වින්ඩෝස් දුවන්න බැරි වුනාට අළුත් ලිනක්ස් පද්ධති බොහෝ විට හොඳට දුවයි.

Damn Small Linux.
ඩෑම් ස්මෝල් ලිනක්ස් කියන්නෙ ගොඩාක් බරින් අඩු ලිනක්ස් පද්ධතියක්. මුළු ප්‍රමාණය 50MB විතර ඇති. එය ගොඩක් ලස්සන නැති වුනත් පරණ පරිගණකයකට ඉතා හොඳයි. එහි අතුරු මුහුණතට
හුරු වීමට නවකයකුට තරමක් කල් ගියත් එය ප්‍රශස්ථයි. මෙය knoppix liniux පාදක කොට තැනූවක්.

Puppy Linux.
පපි ලිනක්ස්ද ඩෑම් ස්මෝල් ලිනක්ස් වලට ඉතා සමීපයි. එහි වෙනස එය මුල සිට ගොඩ නගා ඇති Linux From Scratch ආකාරයේ එකක් වීමයි.

Xubuntu
උබුන්ටු දැන් කවුරුත් දන්නා ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක්. එහි බරින් අඩු සංස්කරණයක් තමයි Xubuntu. එහි XFCE නමැති සැහැල්ලු වින්ඩෝ කළමනාකරු භවිත කර තිබෙනවා.

E-live
ඕබේ පරණ පරිගණකයේ RAM මතකය 128MB ට වැඩි නම් මෙන්න කියාපු බඩුව. එය ඉතාම ලස්සනයි. එය ආරම්භ වන විට 128MB ට අඩු නම් ප්‍රමාණවත් නොවන බව කිවූවත් ඒ බොරු.
එහි Enlightenment නම් වින්ඩෝ කළමනාකරු භාවිත කර තිබෙනවා. මගේ මිතුරන් කිහිප දෙනෙකුගේම පැරණි පරිගණක වල මම මෙය පිහිටුවා තිබෙනවා. ඒවා ඉතා හොඳින් වැඩ.

ඉහත සඳහන් කළේ මෙවන් ලිනක්ස් පද්ධති කිහිපයක්. තවත් ඒවා සොයා ගන්න මෙය කියවන්න. ඉදිරියටත් අප හා රැඳී සිටින්න.

අපි ෆයර්ෆොක්ස් 3 එනකල් බලන් ඉන්නේ ගිය අවුරුද්දේ ඉඳලා. එත් තවම ඉතින් තියෙන්නේ බීටා සංස්කරණනේ. එවත් හොඳයි , හැබැයි තවම අපි භාවිතා කරන Extensions ගොඩක් 3 බීටා එක්ක වැඩ කරන්නේ නෑ. Extensions හදන අය ඉන්නේ ෆයර්ෆොක්ස් 3 නිකුත් එවා යාවත්කාල කරන්නයි. එකත් ඉතින් අපිත් මේ අය වැඩේ ඉවර කරන කල් බලන් ඉන්නවා.

එහෙම බලන් ඉන්න අයට තමා මෙ ආරංචිය. ෆයර්ෆොක්ස් 3 අනිවාර්යයෙන්ම ජුනි මාසේ නිකුත් කරන බව අපිට විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්‍න ලැබුනා. මෙ පාර නම් වැඩෙ ෂුවර්‍! අමතක කරන්න එපා! “සිංහලෙන්FOSS කියපු දෙයක් වැරදිලා නෑ” 😀

19
Apr

ජාලය සැකසීම

   Posted by: bud   in Blog

සැම ලිනක්ස්/යුනික්ස් පද්ධතියකම පාහේ ජාලය සැකසීමට gui උපකරණ (gui tool) තිබුනද ඒවා එම පද්ධතියට ආවේනික ඒවා ය. එනම් ඔබට පුරුදු නැති යුනික්ස් පද්ධතියක් හමුවුනු විට ජාලය සැකසීමට පෙර එම උපකරණය පිළිබඳව ඉගෙන ගත යුතුය. ඒ වෙනුවට සෑම යුනික්ස් පද්ධතියකම පහේ ඇති ifconfig නැමති උපකරණ ඉගෙන ගැනීම වාසිදායක වේ.

සටහන්:

ජාල අතුරු මුහුනු (network interfaces) දැක්වීමට
# ifconfig -a

ජාල අතුරු මුහුනතක් පහත දමන්න හො නැවත ක්‍රියාත්මක කරන්න
# ifconfig eth0 down
# ifconfig eth0 up

ජාල අතුරු මුහුනතකට IP address එකක් ලබා දීමට
# ifconfig eth0 192.168.1.100
# ifconfig eth1 10.0.1.100 netmask 255.255.240.0

ifconfig එකට අමතරව තවත් වැදගත් වන, සෑම යුනික්ස් පද්ධතියක ඇති විධායකයක් නම් route ය. අපට වෙනත් ජාලයකට සම්බන්ධ වීමේදී අවශ්‍ය default gateway එක මෙම විධායකය මගින් මෙලෙස දිය හැක.
# route add default gw 192.168.1.254

default gateway එක ඉවත් කිරීමට
# route del default

default gateway එක දැක බලා ගැනීමට
# route
# netstat -r

මීට අමතරව අන්තර් ජාලයේ ඇති වෙබ් අඩවි වැනි දේ භාවිතා කිරීමෙදී IP address වෙනුවට මිනිසුන්ට පැහැදිලි DNS භාවිතා කරන අතර එය වෙනුවෙන් අවශ්‍ය DNS සවර /etc/resolv.conf එකට ඇතුලත් කළ යුතුය.
# echo ‘nameserver 203.115.0.43′ > /etc/resolv.conf
# echo ‘nameserver 203.115.0.46′ >> /etc/resolv.conf

නමුත් වඩාත් පහසු වන්නේ ඔබේ ජාලයේ DHCP සවරයක් මගින් ජාලය සැකසීම කරගැනීමය.
# dhclient eth0
# dhcpcd eth0

19
Apr

ලිනක්ස් TOP 40

   Posted by: bud   in Blog

අපි බොහෙො දෙනා කැමති දෙයක් තෙබේනම් එය ජනප්‍රියත් වය පෙන්වන top charts. ලිනක්ස් බෙදාහරින්නන්ගේත් (Linux distributions) ජනප්‍රිය ලැයිස්තුවක් distro watch නම් වෙබ් අඩවියෙන් දැක බලා ගත හැකිය. මුලින් මෙම charts පෙන්වන්නේ පසු ගය මාස 6 දත්ත ඇසුර ගෙනවුවද Data span: drop-down යොදා එය පසු ගිය දින 7 දක්වාද ලබා ගත හැකිය.

ඊට අමතරව distro watch වෙබ් අඩවියෙන් ලිනක්ස් ඩිස්ට්‍රො ගැන තොරතුරු ද ලබා ගත හැක.

Page 4 of 10« First...23456...10...Last »