ඔබ ලිනක්ස් භාවිතා කර සංහලෙන් ලිවීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් පහත සඳහන් උපදෙස් පිලිපදින්න.

* ඔබේ ලිනක්ස් පද්ධතිය Fedora නම් ඔබ වාසනා වන්තයි. එහි ඇති නව පැකේය එකතුකරන මෘදුකාංගය මගින් එය පහසුවෙන්ම තොරා ගත හැකිය.

නැතහොත් commandline එකෙ root හැටියට මෙම විධායකය දෙන්න

# yum install fonts-sinhala m17n-db-sinhala scim-m17n

* ඔබේ ලිනක්ස් පද්ධතිය Debian, Ubuntu හො වෙනත් Debian මත සැදූ එකක් නම් පහත දැක්වෙන ලෙස /etc/apt/sources.list එකට මෙ දේ ලියන්න.

ඔබ දුන්නේ

Debian Stable නම්
deb http://sinhala.sourceforge.net/debian/i386/etch/ ./

Debian testing නම්
deb http://sinhala.sourceforge.net/debian/i386/lenny/ ./

Ubuntu 7.10 නම්
deb http://sinhala.sourceforge.net/ubuntu/i386/gutsy/ ./

ඔබ දුවන Debian වර්ගය නොදන්නේ නම් මෙම විධායක commandline එකේ දී බලන්න
$ lsb_version -a
$ cat /etc/debian_version

ඉන් පසුව root user ලෙස ස්ථාපිත කිරීමට පහත විධායක දෙන්න.

අප පැකේජ දත්ත ගබඩාව (package database) අලුත් කිරීමට commandline එකෙ මෙම විධායකය දිය යුතුයි.

# apt-get update

පැකේජ ස්ථාපිත කිරීමට
# apt-get install sinhala-gnu-linux

කොකටත් පරිගණකය නැවත ඇරඹීම උචිතයි.

වඩා අලුත් විස්තර සඳහා “සිංහල ලිනක්ස් ක්‍රමලේකනය” බලන්න.

ඉතින් දැන් සිංහල ලියන්නට අවශ්‍ය වූවිට Ctrl + Space යතුරු ඔබන්න. එවිට ඔබට “අ Sinhala” තොරා ගත හැකි වන ලෙස popup එකක් හෙො system tray icon එකක් මතුවනු ඇත.

මෙහි අකුරු ලිවීමේදි සඳහා පහත වගුව හෙොඩුවාවක් ලෙස භාවිතා කරන්න. මන්ද මෙමගින් install වන lklug phonetic යතුරු පූරුව ශබ්දය අනුව සැකසූ එකක් වන බැවින් පහසිවෙන් ඉගෙන ගත හැකිය.

This entry was posted on Friday, April 18th, 2008 at 9:37 pm and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 comments so far

 1 

ෆෙඩෝරා වල
yum groupinstall “Sinhala Support”
විධානයෙන් සිංහල සහාය ලේසියෙන් ලබාගත හැකියි.

මෙතනත් බලන්න

http://linux.wellassa.org/2007/11/groupinstall.html

April 18th, 2008 at 9:51 pm
Nilushan
 2 

මම Ubuntu 7.10 වල විජේසේකර යතුරුපුවරුව දාගන්න අද උදේ සැහෙන දැගලුවා. අන්තිමේට apt-get install scim-m17n කලාම තමයි විජේසේකර යතුරුපුවරුව වැඩකරේ.

April 18th, 2008 at 9:52 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment